"නෑ ශෙනාල්.. කිසිම ඉෆෙක්ට් එකක් නෑ....... මට බය ඒක තාම ඉවර නැතුව ඇතිද කියල...... හැඩ්‍රියම්...... මේක මගෙ වැරැද්ද..... මට ඩොක්ට එක්ක කතා කරන්න ඕනි...... බ්ලඩ් එකක්??...... හරි මං බලන්නං...."
ඇඟට අමාරු නිසාද තැනේ නුපුරුදු ගතිය නිසාද කියන්න බෑ.. කොහොමහරි මට රෑ එකදිගට නිදාගන්න උනේම නෑ.. ඒ මදිවට උණත් ගත්ත..
මං රෑ කිචන් එක හොයාගන ගේ ඇතුළෙ අඩ අඳුරෙම ඇවිදන් ආවෙ වතුර එකක් බොන්න හිතාගන.. ඒත් වරුන්ගෙ ඔෆිස් රූම් එක ළඟින් යනකොට එයා ෆෝන් එකෙන් ශෙනාල් එක්ක කරපු කතාවක් මට ඇහුනෙ අහම්බෙන්.. ඒකත් බාගෙට.. කොහොමහරි මං හෙමින් රූම් එක පහුකරගෙන යනවත් එක්කම එතන කොරිඩෝ එකේ සෙන්සර් ලයිට් එකක් ඕපන් වෙලා එලාම් එකක් වදින්න ගත්ත.. මේ මිනිහ ගෙදරම ප්‍රෝග්‍රෑම් කරලද?.."ශරවන්... මොකද කරන්නෙ.. නිදි නැද්ද.."
"මට... වතුර තිබහයි.."
"රූම් එකට යං.. මං වතුර එකක් ගේන්නං.."චහ්.... මේ මනුස්සයගෙන් මෙහෙම උදව් ගන්න තරං අසරණ වෙන්න උන එක නං මට සෑහෙන හිසරදයක්.. අනික මෑන් මං නිසා මුලු රෑම ඇහැරගන.. කොහොමහරි පාන්දර එළිවෙන්න ඔන්න මෙන්න වගේ මට නින්ද ගියා.. ඒත් මං උදේ ඇහැරෙනකොට වරුන්ටත් පුටුව උඩම නින්ද ගිහින් තිබුන..
මං කලින් හිතන් හිටියෙ මෑන් කේම්බ්‍රිජ් ටවුන් එකේම හරි නැත්තං ලන්ඩන් වල කොහෙහරි අපාට්මන්ට් එකක ඉන්නව ඇති කියල.. ඒත් නෑ...
වරුන්ගෙ ගෙදර තියෙන්නෙ විලින්හැම් වල කෙළවරට වෙන්න ග්‍රේට්ඌස් ගඟ පේන මානෙ ටිකක් හුදකලා වෙච්ච පරිසරයක... ඒත් ඒක හරි ලස්සන තැනක්.. විලින්හැම් කියන්නෙත් ඩ්‍රේටන් වලට ළඟින්ම තියෙන පොඩි ගමක්.. හැබැයි විලින්හැම් පහුකරගෙන තමයි ඩ්‍රේටන් වලට එන්න ඕනි.."ශරවන් ඊයෙ මොනවද ඩ්‍රේට්න් වල කරේ.."
"ඇවිදින්න ගියා.."
"හවස??.."
"ඔව් ඉතින්.."
"ඇත්ත කියනව ශරවන්.."උදේම කෑම කාල ඉවර උන හැටිය මේ මිනිහගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපැයි.. මුගෙන් කන නිසාද දන්නෑ මෑන්ගෙ මෙච්චර ගණන්..
"මං මොකටද තමුසෙට උත්තර දෙන්නෙ.. අනික මං දැන් තමුසෙගෙන් ඇහුවද ඊයෙ හවස විලින්හැම් පහුකරගෙන ඩ්‍රේටන් ආව හේතුව?.."
"දැන් ඒකද ප්‍රශ්නෙ.. ඒ වෙලාවෙ මං ආවෙ නැත්තං තමුසෙට මොනව වෙයිද?"
"මැරෙයි ඉතින්.. වෙන මොනව වෙන්නද?"
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...