Chapter 41

88 14 2
                                    

'Til the battle's won
'Til kingdom come

"ඩැනෙට්..."

I'll never run

"ඕයි..."

Best to give me your loyalty
'Cause I'm taking the world, you'll see

අනේ මුගෙ බෙලෙක් කටහඬ අහන් ඉන්නවට මට වෙනම සම්මානයක් දෙන්න ඕනි..

They'll be calling me, calling me
They'll be calling me royalty.....

"මං යනව.... ඇහුනද?.. මං යනව..."

මං මෑන්ට ටිකක් සද්දෙට කෑගහල කතා කරේ මිනිහ හිටියෙ හෙඩ්සෙට් එකක් දාගන සිංදුවක් අහන ගමන්..
මං එහෙම කිව්වම සිංදුව කියන ගමන්ම ඩැනෙට් මට හිනාවෙලා මගෙ කොන්ඩෙත් අවුස්සල එතනින් යන්න ගියා.. අපි දෙන්නම උදේ ඩෝම් එකේ ඉඳන් කැවෙන්ඩිෂ් එකට පයින්ම ඇවිදන් ආව.. ඩැනෙට්ගෙ රිසච් ලැබ් එක තියෙන්නෙ කැවෙන්ඩිෂ් එකේම රදෆඩ් බිල්ඩින් එකේ.. මගෙ ලැබ් තියෙන්නෙ බ්‍රැග් බිල්ඩින් එකේනෙ.. ඒත් අද ලැබ් එකට නොයා මං ගියේ බ්‍රැග් එකේ ස්ටඩි රූම් එකට..

"ෆකින් ලැඩ්.."

මාව හම්බෙන හැම වෙලාවකම ඉතින් ජේක් හරිම ආදරනීය වචන වලින් තමයි මාව පිලිගන්නෙ..

"ජේක් රයිට්.."

ජේක් තමයි ඉන්ට්‍රොඩක්ෂන් ෆෝමල් එකේදි මං මුලින්ම අඳුනගත්ත කම්පියුටර් සයන්ස් පීඑච්ඩී ස්ටුඩන්ට්.. මොනව කරත් මෑන් ආතල් එකේ ඉන්න සුපිරි ඩයල් එකක්.. ඒත් මිනිහගෙ අර කොන්ඩෙ හදන පුරුද්ද නං තාමත් එහෙමම තමයි.. කොහොමහරි මං රූම් එකට එනකොටම ලීසාත් මාව හොයාගන ආව..

"ශරවන්..."
"ලීසා..."

ලීසාගෙ පුරුද්දක් තියෙනව උදේම දැක්කම ඔක්කොටම කලින් මාව හග් කරනව.. එයා හැමෝටම එහෙම තමයි.. මේ මාස දෙක තුනට මට තේරුන විදියට ලීසා හරි අහිංසක, ආදරනීය චරිතයක්.. එයා එයාට වැරැද්දක් කරපු කෙනෙක්ට උනත් කවදාවත් හිත රිදෙන විදියට කතා කරන කෙනෙක් නෙවෙයි.. මට මතකයි මුල්ම දවස් වල මං කරපු සමහර ගොන් වැඩ ලීසා එයාගෙ පිට දාගන වරුන්ගෙන් බැනුන් එහෙමත් අහනව..

"මං ඔයාව හැමතැනම හෙව්ව ශරවන්.."
"ඒ මොකෝ.."
"අද හවස ෆිසික්ස් රිසච් ක්ලබ් එකේ ගෙට් ටුගෙදර් එකක් තියෙනව.. කෝපස් ක්‍රිස්ටි එන්සීආර් එකේ.."
"ක්‍රිස්ටි කොලේජ් එකේ??.."
"හ්ම්ම්.. මං මේ ඉන්විටේෂන් එක දෙන්න ආවෙ.. ශරවන් එනවනෙ?.."
"හරි ලීසා.. තැන්කිව්.. මං අනිවාර්යයෙන් එන්නං.."

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now