සිවුරු හැරයමි 01

90 4 1
                                    

එලවත් නැති පරලොවත් නැති තැනක පළවෙනි කොටස 01

උදේ පහට විතර නැගිටලා මොකක් කරන්නද කියලා හිත හිතා ඉන්නකොට ඔළුවේ අත ගෑවුනා. අත ගෑවිලා බලනකොට තමයි දැනුනෙ යකෝ මම පැවිදි වෙලා නේද කියලා.

එතකොට තමයි තේරුනේ. මොනවා කරන්නද ඉතින් මූනේ තියෙන කබ ටිකයි කෙල ටිකයි හෝදගන්න කියලා එළියට ගියා.
එළියට ගිහිල්ලා මූණ කට හෝදලා අතපය හෝදගෙන ඇවිල්ලා. මිදුල නම් කොළ වැටිලා අතුගාන්න නම් හිත දෙන් නෑ .මොන කොලද ඒ.

පැන් ටිකකුත් අරගෙන ගියා බෝධියට පූජා කරන්න කියලා රහතන් වහන්සේලාත් සිහි කරලා පැන් එකක් පූජා කළා.අතුපතු ගාලා පහනක් පත්තු කරලා හඳුන්කූරකුත් පත්තු කරලා. වෙන දෙයක් වෙච්චාවේ කියලා පතලා හොඳට දන ගහල වැන්දා.

දැන් ඉතින් මොනවා හරි වළඳන්නත් එපැයි. ජීවත් වෙන්න කියලා ඉතින් මොනවා හරි වළඳන්නත් එපැයි.ජීවත් වෙන නිසා වළඳනවා.

ධර්ම දේශනාව ඇහෙන කොට තමයි පොඩ්ඩක් සිහිය ඉපදුනේ. යකඩෝ චතුරාර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා නේද කියලා.

පංච උපාදානස්කන්ධයම දුකයි කියලා කියනකොට තමයි මටත් තේරුනේ යකෝ මටත් මේ උපාදානස්කන්ධයමනේ තියෙන්නේ කියලා.
ඒ ටික ඇහෙනකොට නං හිතුනා මොන දුකක්ද මේ විඳවන්නෙ කියලා.
ජීවත් වෙන්න වළඳන නිසා පොඩ්ඩක් වැළඳුවා තවත් ටිකක් ඉතින් බඩගිනි කිරි එකක්වත් හදාගෙන බිව්වනම් ඉතුරු බඩගින්න යනවා.
කුටියට ගියා හනිකට.බඩේ අමාරැවක් වගෙ හොඳටම බඩ ගියා. අප්පා ඇගට අමාරැවක් දැනෙනවා. කුටියට ගිහින් ටිකක් වෙලා හිටියා.

සූත්‍ර පොත හුඟ දවසකින් දූවිලි පිහලා අතට ගත්තා. පෙරළන තැනම තිබ්බේ පන්සිල් පද පහ ගැන.අංගුත්තර නිකාය 03 නිරය සුත්‍රය.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පුද්ගලයා ඔසවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේය.
සතුන් මරන්නේවෙයි. සොරකම් කරන්නේ වෙයි කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි.
මහණෙනි මේ පස් කරුණකින් සමන්විත වූ පුද්ගලයා ඔසවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයේ උපදින්නේය.

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now