දහනවවන කොටස 19
සිවුරු හැරයමි නවකතාව
අවසාන කොටස 20 බලාපොරොත්තු වන්නඔබටත් මහණ වෙන්න හිතුනද ?
ඉතාම කෙටියෙන් කරුණු ටිකක් කියන්නම්
සිවුරු නොහැර හොද පැවිද්දෙක් වීමට නම්
ගුරුවරයෙක් විදියට අපේ මහණ ජීවිතයේ අත්දැකීම් අනුව නිදසුනක් විදියටයි මේ කරුණු ලියන්නේ
👉 අද කාලේ හැටියට රැකියාස්ථාන වල ,ගෙදර දොරේ ප්‍රශ්න,මුල්‍යමය ගැටලු හෝ වෙනත් මානසික ගැටලු නිසා හෝ ගන්නා හදිසි තීරණ (දරුපවුල් ඇත්නම් විශේෂයෙන්ම සැලකිය යුතුයි)
ගුරුවරුන්ටත් , තමන්ටත් ආයතනයටත් ගැටලු නොවන විදියටම ගිහි ගෙයින් නික්මීම පැවිද්දට වඩාත් පහසු වෙයි
තමන්ගේ සියලු ප්‍රශ්න ගුරුවරයාට
අවංකව කීම කාටත් යහපතකි🌸පියවර අංක 01
👉 ගිහිගෙයින් නික්ම ආ පසු දසසිල්ගෙන උපාසක මහතෙකු ලෙස ගුරුවරුන්ගේ තීරණය අනුව අවම මාස 05 ක් පමණ ( සුදුසුකම් සැපිරීම අනුව කාලය අඩුවැඩි විය හැක )
👉 ශාසනාවතරණය පොත තනියම කියවීම පමණක් නොකොට සම්පූර්ණ දැනඋගත් ගුරුවරයෙක් යටතේ හොදින් ඉගෙනීම
👉 බුද්ධවන්දනා ,වත්පිලිවෙත් ,
සංඝඋපස්ථාන කටයුතු ආදිය සොයාබලා නිසි ලෙස කිරීම👉 පාලිභාෂාවතරණය 1 පොතවත් අවම ඉගෙනීම
පාළි පාඨමඤ්ජරී පොත සමග
එයින් ඔබට පාලිභාෂාව සම්බන්ධ මුලීක දැනුමක් ලැබේ👉පිරිත් පොත් වහන්සේගේ අවම මුලසිට තුන්සූත්‍රය සහිත ධජග්ග පිරිත දක්වා කටපාඩම් දීම
👉 සිවුරු පෙරවීම, පාත්‍රදැරීම,සිවුරුපඩු ගැසිම පාත්‍රකලු කිරීම, අනෙකුත් කුඩා අනුකුඩා පරික්ෂාර නිවැරැදි ලෙස භාවිතා කරන හැටි ආදිය සියල්ල ඉගෙනීම
👉 මාස කීපයක් මෙසේ ඉහත ගුණ සම්පූර්ණ කරල ගුරුවරුන්ගේ තීරණ අනුව පැවිද්දට ස්ථිරවීම හෙවත් පණ්ඩුපලාස අවධියට පැමිණීම
මේ පණ්ඩුපලාස බව පැවිද්දට ස්ථිර බැවින් නෙක්ඛම්මය හොදින් සිදුකිරීම ඉතාම වැදගත් දුරකථන, පරිඝණක මුහුණුපෙතේ ගිණුම් ගිහිකල යු ටියුබ් නාලිකා ,බැංකුවල ඇති මුදල් ගිණුම් ,
ආදී සියල්ල ඉවත් කිරීම ද මහණකම හරියට කරගැනීම සදහා සැලකිය යුතු වැදගත්ම දේවල් වේ
YOU ARE READING
සිවුරු හැරයමි ( නවකතාව )
Espiritualපැවිදි ජීවිතයක කටුක බව හා සුන්දරත්වය අත් විඳින්න.. ආරාමයක ජීවත් වන තරුණ ස්වාමීන් වහන්සේ නමකගෙ ජීවිත කතාව..සිවුරු හරින්නමයි හිත කියන්නේ.