හත්වන කොටස 07
සිවුරු හැරයමි
තවත් දවසක් උදාවුනා.... උදෑසනින්ම උදෑසන වන්දනාවට ගිය.... අපේ ආරණ්‍යයේ සියලූම ස්වාමීන් වහන්සේලා උදෑසන සහ සවස බුද්ධ වන්දනාවට සහභාගී වෙනවා.....🙏
12 නමක් විතර ... අසනීපයක් නැත්නම් ඔක්කොම සහභාගී වෙනවා බුද්ධ වන්දනාවට....🙏උදෑසන දානයට වැඩියා උදෑසන දානයට වැළඳුවේ පොල් සම්බෝලයි කුකුල් මසුයි පරිප්පු ,සහ රතු බතුයි......
දහවල් රතු බත් හැඳි බාගයයි පිපිඤ්ඤා සලාදයයි පොල් සම්බෝලයි.... බැඳපු මාළුයි.. කිරි හොදියි....🤣
අඹ රැල්ලා ,සුදුලූණු මාළුව, අඹ මාළුව කජු මාළුව ,කොහිල ,කරවිල, තිබ්බටු, බටු මෝජු ,බ්‍රොයිලස් කුකුල් මස්, බල මාළු ,කෙලවල්ලො, කිරි හොදි, ලුණු මිරිස්,..... මගේ ඇස්වලට ඒවා පේන් නෑ..........🤣.... කණ්ණාඩි දෙකක්වත් ගන්න ඕනේ. .............මොකද ඉතින් මට ඒවා පේන්නෙ නැති නිසා ......ගන්න වෙන්නෙ නෑ....🤣🤣🤣 තේරුනෙ නැත්නම් එච්චර හිතන්න එපා........
ඉස්සො, කකුළුවො ,දැල්ලෝ අම්මෝ සැරයි උෂ්ණයි....😣😣😣ආහාර ගැන ඉතින් නොකියම... බෑනේ.... ඒකයි කියන්නේ.....✍️
අපි ළඟදි දවසක ගියා රැස්වෙහෙර වන්දනා කරන්න... දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නේ........... රජ කාලේ විදියටම තියෙනව........ කිසිදු වෙනසක් වෙලා නැහැ....... පාරෙන් ගොඩක් ඇතුලෙ තියෙන නිසා ආක්‍රමණවලට ලක්වෙලා, විනාශ වෙලා නෑ ....දැන් එතන ආරණ්‍යක්.... හරිම ලස්සනයි පැරණිම විදියට තියෙනවා......🙏
ඒ ගිහින් එන ගමන් අපි ගියා ඇත්දලගල ආරණ්‍ය සේනාසනයට.....👣👣
එතන හරීම පිළිවෙලයි ,හරීම ලස්සනයි ,හරීම නිස්කලංකයි. ඉන්න හිතෙන තැනක්..... මෙහෙට යන්නේ ගල්ගමුවට ගිහිල්ලා ටිකක් ඇතුලට යන්න ඕනේ....එහෙම ලස්සනට තියෙන්නේ ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා ඉන්න තැන්......... පිරිසිදුයි පිළිවෙලයි .....ලස්සනට තියාගන්නවා..... හිතේ තියෙන පිරිසිදු බව පරිසරය දැක්කම .......අපිට හිතා ගන්න පුළුවන්..... මකුළු දැලක් හොයා ගන්න නෑ. බිම ලස්සනට පිරිසිදු කරලා ....... මිදුල ලස්සනට අමදලා.... ලස්සනට පිළිවෙලට මල් පෝච්චි ටිකක් තියලා තිබුණා.......
YOU ARE READING
සිවුරු හැරයමි ( නවකතාව )
Spiritualපැවිදි ජීවිතයක කටුක බව හා සුන්දරත්වය අත් විඳින්න.. ආරාමයක ජීවත් වන තරුණ ස්වාමීන් වහන්සේ නමකගෙ ජීවිත කතාව..සිවුරු හරින්නමයි හිත කියන්නේ.