දහතුන් වන කොටස 13

5 2 0
                                    

දහතුන් වන කොටස 13
සිවුරු හැරයමි

තනියම වාසය කරන එක බ්‍රහ්මයෙක්  වගේ. .........
දෙන්නෙක් හිටියොත් දෙවියන් වගේ.....

තුන්දෙනෙක් හිටියොත් ගමක් වගේ. ......

ඊට වැඩි වුනොත් ඉතින් කෝලාහලයක් තමයි......

මෙහෙම දේශනා කරලා තියෙන්නේ යසෝජ මහරහතන් වහන්සේ.....

නමස්කාර වේවා... ඒ රහතන් වහන්සේලාට....🙏🙏🙏🙏🙏
බලන්න රහතන් වහන්සේලා දකින විදිය.............

මම දකින විදිය...මේ....❤️‍🔥

.....🙏 විටෙක මේ සිත....🙏

මලක් සේ පිවිතුරුය....
සඳක් සේ පියකරුය...
ගලක් සේ දරදඬු විය ...
විලක් සේ නිසසලය....

🙏  විටෙක මේ සිත...🙏

පුළුන් රොදක් සේ සැහැල්ලුය .....
සමනල තටුසේ සිනිඳුය .....
මල් පෙත්තක්සේ සියුමැලිය....
ලා පවනක් සේ මෘදුය.....
ගීතයක් සේ මියුරැය .....
ගලන දිය දහරක් සේ කෝමලය.....
හා පැටියෙකු සේ අහිංසකය......

විටෙක මේ සිත සයුරේ නැගෙන රළ ගෙඩි සේ ප්‍රචණ්ඩය...
වණවලසු කුසේ ගොරහැඩිය.... කැරපොත්තෙකු සේ හිරිකිතය....
පොළඟෙකු සේ විස කුරුය....
දිවියකු සේ රුදුරුය....
මී හරකෙකු සේ මෝඩය.

... විටෙක මේ සිත...🙏

  ආ⁣ඳෙකුසේ ලිස්සන සුළුය....
කිඹුලේකු සේ කෑදරය ....
හිවලකුසේ කපටිය ....
හස්තිරාජයකු සේ ආඩම්බරය....
අසරණ බැල්ලියක සේ නිවටය....

එවන් සිත ජයගතහොත්...... ඔබ සිතෙන් නිදහස් වෙයි......🙏❤️‍🔥

මේ සිත වෙනස් වෙනවා....සිත කියන කියන දේවල් ..... අපි කරන්න පුරැදු වෙලා ඉන්නවා.......

අපිට තියෙන දේවල් වලින්..... අපි සතුටට පත්වෙනවනම් ..... අපිට වෙන සතුට කියලා.... හොයන්න දෙයක් නැහැ...........

සතුට වෙනුවෙන්.... කියලා .....අපි සොයාගන්න.... දේවල්ම තමයි..... අපිට අපෙ ...... සතුට නැති කරලා දාන්නෙ.......
..

අද පොහොය දවස හිත නිවාගන්න සන්සුන් වෙන්න ...... අද දවස ...යහපත් විදියට ගත කරන්න ....මාසෙට දවසක් හරි යහපත් විදියට ගත කරන්න පුරැදු වෙන්න .........අටසිල් වලින්....ගෙදර ඉඳන් සිල් සමාදන් වෙන්න ......වෙන තැනකට යන්න බැරිනම්....🙏

සිල් ගන්න විෂේෂ ඇඳුමක් නැහැ....
තැනක් නැහැ ..... සිල් පද අට රකින එකයි කරන්න ඕනි.....

පංච සීලයට....බ්‍රහ්මචරියා සිල් පදය එකතු වෙනවා.....
12 න් පස්සේ ආහාර ගන්නේ නැහැ....
මල් ගඳ සුවඳ විලවුන් පරිහරණය කරන්නෙ නැහැ....
නැටුම් ගැයුම් කරන්නෙ ...සහ බලන්නෙ නැහැ ....
උස් ආසන පරිහරණය කරන්නෙ නැහැ....ඒ කියන්නේ ඔය මාන්නක්කාර විදියට ඉඳ⁣ගන්න භාවිතා කරන ඒවා.... ඒවා ගෙවල් වල අඩුයි ......

ඔය අට රකින්නට පුළුවන් නේද මාසෙට එක දවසක් ගෙදර ඉඳන්.......

වෙන දවස් වලත් මේ අට රකින්නට පුළුවන් කැමති අයට....සිල් රකින්නට දවසක් නැහැ ....

.....ඇස.කන.නාසය .දිව .කය.මනස.....✍️
නිදහස් වෙන්න පරිහරණය කරන්න .....

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now