සිවුරු හැරයමි 03

19 3 1
                                    

තුන්වන කොටස 03

අද නම් උදෑසන නැගිට්ටා.😀 වෙනදා වගේම ධාතු මන්දරේට ගිහිල්ලා, පහන පත්තු කරලා ,හඳුන්කූරු පත්තු කරලා, පැන් පූජා කරලා. වෙන දෙයක් වෙච්ච දෙන් කියලා වැන්දා වෙනද වගේම. අපිට ඉතින් මල් කඩන්න බෑනේ වැටිච්ච මලක් ඇහින්දොත් තමයි අපිට පූජා කරන්න තියෙන එකම මල තමයි සේපාලිකාමල්.

අද මගේ වත් දවස 💪 ඉතින් මගෙ වත් දවසට කරන්න තියෙන්නේ උදේට බුද්ධ පූජාව තියලා, බණ ටිකක් කියන්න ඕනේ. දවල්ට බුද්ධ පූජාව තියලා බණ ටිකක් කියන්න ඕනේ. හවසට වන්දනාව තියන්නත් ඕන,🧑‍🎤🧑‍🎤

තව ඉතින් ආරාමයට කවුරුහරි ආවොත් එයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා බලලා ඒක ඉෂ්ට කරල දෙන්න ඕනේ...... එනවනේ පිරිත් තැන් ගෙනියන්න පිරිත් නූල් ගෙනියන්න බෝධිය වන්දනා කරන්න ඒ වගේම ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්න කවුරුහරි ඉතින් එනව නිතර. තව ඉතින් ආරාමයට කෝල් එනවා. බාරගත්ත දාන එහෙම දෙන්න වෙන්නේ නෑ කියලා....🙌😀

මොකද කියන්නේ කැමතිද දානයක් එහෙම පාර ගන්න...😀... හරි හරි ඔයාලගේ දාන්න එපා.... මම කතාව විතරක් ලියලා පාඩුවේ ඉන්නම්....🏃🏃

🏃 ආ තව දෙයක් අද ඉතින් මම දාන ශාලාවට වැඩිය වෙලාවේ මම ඉතින් පාත්තරයට ගත්තේ ........රතු බත් ටිකකුයි .....සම්බෝල ටිකකුයි මාලු ඇඹුල් තියල් ටිකකුයි අලකිරිහොදි....... ඔයාලගේ ආසම ජාතියනෙ.... අපිට හැමදාම ගෙනල්ල දෙන්නේ අලකිරි හොදි. මමනම් ඉතින් අත වැහුවා...... පස්සේ බලද්දි වළඳන්න දෙයක් නෑ..... හිර වෙනවා..... පස්සෙ ඉතින් අපේ උපස්ථාන කරන මල්ලිට..... කියලා..... අලකිරිහොදි  ටිකක් ගෙන්න ගත්තා.....

ඉවරයි ....ඉවරයි ....වළඳලා ....ඉවරයි ආයේ මොකවත් කියන්නෙ නෑ...😀 ඉතින් මොනව කරන්නද ඉතින් රතු බත් එක අමුයි ඇට කුණා වෙලා ....😣.......මොනවා කරන්නද ඉතින් මූනේ කිසිම ඉරියව්වක් වෙනස් කරන්නෙ  නැතුව රස කර කර....... මොකද ඉතින් එහෙම නොකර බෑනේ.......

වැඩි දෙයක් කිව්වේ නම් නෑ මං බනට ආයුෂ, වර්ණ ,සැප ,බල ,ප්‍රඥාව .........ආහාර දන් දීමෙන් සැපය උදාකරන හැටි කියලා දුන්නා    .........

අද මගේ ඔළුවේ කැක්කුමක් තියෙනවා ඒ උනාට........ මං මෙහේ හිටියට ඇත්තටම මට යාළුවොනං ගෙදර ඉන්න කාලේ සෑහෙන්න හිටියා....... අර ඔක්කොම කන වේයෝ.... උනුත් හිටිය පුරාම........ අති එකෙක්වත් නෑ මං ගැන හොයලා බලමු. නිකමටවත් මම මෙහේ ඉන්න කාලෙට ඇත්තටම අම්මගෙන් තාත්තගෙන් හැර....... වෙන එකෙක්ගෙන්වත් මට කෝල් එකක් නම් ඇවිල්ලා නෑ. එක නෑයෙක්ගෙන්වත්.......

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now