සිවුරු හැරයමි 02

39 3 2
                                    

දෙවන කොටස  02

තවත් දවසක් උදා උනා....😑.... උදේම ඇඳෙන් බැහැලා එලියට ගියා. ...😀.....ඇත්තටම නැගිටින්න ඕනේ නම් පාන්දර තමයි........ඇඳ 64 මායං දානවා....... ඒත් මේ පීනස් රෝගය නිසා මට ඒක කරගන්න අමාරැයි. .....

හැබැයි ගෙදර ඉන්න කාලේ නම් එහෙම නෑ. මොන රස්සාව කරත්. මොන ලෙඩේ තිබ්බද කියලා නෑ. වෙලාවට කලාවට එතෙන්ට යනවා.......🏃🏃🏃

පහට විතර නැගිටලා මූණ කට සෝදගෙන ධාතු මන්දිරයට ගියා.....🏃... වැඩේ කියන්නේ පහනෙන් වැටිච්ච  තෙල්  වටේ ඉහිරිලා මේක අර දොළොස්මහේ පහනක් වගේ එකක්........ හරිම අමාරුවෙන් ඒ වටේ පිරිසිදු කරගත්තා. තෙල් ටික වටේට වැක්කෙරිලා......🤺🤺

පැන් පූජා කරලා හඳුන්කුරු පූජා කරලා පහන පත්තු කරලා.මල් කඩන්න බෑනෙ..පුජා කරන්න ඉතින් ... වන්දනා කරා...💪..
මිදුල වටේට කොළ වැටිලා වටේට අතුගෑවා.

හා ....තව එකක් ඊයෙ හවස ගිලන්පස  වළඳන්න ....ගියාට පස්සේ..... කවුරුහරි මැගිනුඩ්ලස් පැකට් වගයක් පූජා කරලා.🧑‍🌾....

එක හාමුදුරු නමක් කියනවා දැක්කම නම් ආස හිතනවා, ඒ උනාට හදාගෙන කන්න ගියාම තමයි වලඳන්න  අමාරුයි ......
එතකොට ඉතින් මැදට පැනලා මම කියාපි  අපේ ඉතින් පෙරේත කමයි ,ආසාවයි, තෘෂ්ණාවයි නිසා තමයි ......ඒකට කැමති.....

හැබැයි කන්න ගියාම තමයි ඒකෙ අමාරුව දන්නේ කියලා මොකද ඇත්තටම මැගි  රසයි තමයි හැබැයි කෑවට පස්සේ හරි අමාරුයි අපිට......... පිටි ජාති නිසා ........👄

ඒක ඉතින් මේ හිත අපිව රවට්ටන්න කියන එකක් ද දන්නෙ නෑ . මොකද ඉතින් ඒවා අපිට ලැබෙන්නේ නැති නිසා.........👅

පොඩි බඩේ දැවිල්ලක් වගේත් තියෙනවා ගෑස්ටික් තියෙනවා නිතර රෑට බඩ හිස් නිසා පැය 18 ක් නිරහාරව ඉන්න නිසා....5.30 වෙනකම් ඉන්න එපැයි ......කරන්න දෙයක් නෑ ඒ උනාට කෝපි ටිකක් වළඳන්න වෙනවා. නැත්නම් ඇඟට පණ නෑ වගේ හරි අමාරුයි.මොකද රෑට කන්නයැ  ,.....ඇඟට කිසිම ශක්තියක් නෑ..... කෝපි ඩිංගක් වළඳලා කුටියට ඊයේ හවස ආවා.🙌

උදේ දානෙට යන්න හදන කොට හාමුදුරු නමක් කියනවා ...👄...වැඩි වයසකුත් නෑ .....අවුරුදු තිහකට පොඩ්ඩක් වැඩි ඇති සෙම තියෙන නිසා සීතල ජාති වළඳන්න විදියකුත් නැහැ. .......ගෑස්ටික් තියෙන නිසා උෂ්ණ දේවල වලඳන්න විදියකුත් නැහැ.............. ඉතින් බඩගින්නේ තමයි ඉන්න වෙන්නෙ. ......මට ඉතින් කියන්න දෙයක් නෑ මාත්ඉතින් සද්ද නොකර හිටියා .....වෙන මොනවා කියන්නද තමන් විඳින දුක දන්නේ තමන් විතරයි.💋

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now