"කේතක, අන්න අදත් අරූ මන්ත්රී පුතාගෙ ඇට තලන්න අරගෙන.... මේක යකො ඩ්රාමා එකක් උනානේ ඉස්කොලෙටම..."
"අයියෝ හැමිනෙනවා........"
"ඔව් හුත්තො...... මුන්ගෙ හුකන වලි කවදා ඉවර වෙයිද මන්දා... එකෙක්ට කෙළවෙනවා ශුවර් ළගදිම"
"ම්ම්ම්ම්ම් ඉදපං මං යන්න... එක්කො අරූ බෙහෙත් අරන් එන්න ඕනි . බලපං මම මේ පොතක් කියවන්න ගත්තා විතරයි...."
"පලයං ඉක්මණට.... පොත වගේද අර පකේ වලිය"
දෙහස්ගෙ කටහඬට ඔළුව උස්සපු කේතක අතේ තිබුන පොත මේසේ උඩින් තියලා කන්නාඩි දෙක ගලවලා මේසේ උඩින් තිබ්බේ, අලුතෙන් ගත්තු විසිපන්දාහේ ෆ්රේම් එකට තියන ආදරේ නිසාමයි. කලින් දවසක වලියක් බේරන්න ගිහින් කේතකගෙ කන්නාඩි දෙකට තමා නිවන් යන්න උනේ.
කේතක කෙලින්ම ගිහින් ප්රධාන ශාලාව පැත්තෙන් උඩට තියන පඩිපෙළ පාමුළට ගිහින් ලොකු හුස්මක් හෙලුවේ මේ වෙන දේවල් එක්ක ඇතිවෙලා තිබ්බ කලකිරීම නිසාමයි.
"කේ!"
පාඩුවේ පළවෙනි පඩියට අඩිය තියද්දිම පිටිපස්සෙන් උරිස්ස උඩට වැටුනු අත නිසාම තියපු කකුල පස්සට අරගෙන හැරිලා බැලුව කේතකගෙ ඇස් දොඹ ගෙඩි ගානට ලොකු උනේ එතන හිටපු කෙනා නිසායි. ඔය හිටපු මනුස්සයා පාසලට පේන්න හරි එන්නෙ කාලෙකට සැරයක්. අත්තම්මාගෙ රැස් නිසා ප්රශ්න නෑ.
"අයියෙ?"
"අද උඩට ගිහින් වැඩක් නැ, අන්න අරූගේ අම්මලාවත් කැන්දලා අද"
"මොක්?"
"මන්දන්නැහැ බං. මට තේරෙන්නැ. හොඳට හිටපු මිනිහට මොන යකෙක් වැහුනද කියලා"
කියන්න වචන නැ. ප්රශ්න පටන් අරන් මාස දෙකක්කට ළං වෙලත් මෙව්වගෙ කෙළවරක් නැති එකට කේතකට කියන්න දෙයක් නැ. ඒ නිසාමයි කේතක බිම බලාගෙන ලොකු හුස්මක් හෙලුවේ.
"කව්ද උබට පණිවිඩේ දුන්නෙ? දෙහස් ද?"
"හ්ම්ම් ඌ විතරයි මේවා දන්නෙ"
"එතකොට උවින්?"
"උවින් ට පැපොල දාලා, ආවෙම නැ ඉස්කොලෙ"
"ටවුඩු, ශලා ටත් හැදිලා තිබ්බා"
ශලා කියන්නෙ උවින් මාපිටිගම ගේ රමණීය නෑනන්ඩි නුශාලා කීර්තිරත්න. අල්ලපු පාසලේ ප්රධාන නිවේදිකාව. මේ පාසලේ ප්රධාන මාතෘකාව.