06

49 17 0
                                    

කොටුව කොටුව කොටුව පිට කොටුව 138 මම හිටිය....
අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්දෙට පොර පිටිය...

musical show එක ඉවර වෙලා එන මගටත් දෙහස් හූ තිය තිය පාර පුරා නට නටයි ආවේ. වෙන ඉස්කොලෙක පොරක් එන ගමන් බියර් කෑන් තුනක් ගෙනෙල්ලා තිබ්බා. දෙහස් ගෙ ඇල්කොහොලීය දෑස් දෙකට වහන් වෙලා එකෙක්ටවත් ඔව්වා ගහන්න බෑ. දෙහස් කියන්නෙ දැක්කත් සූර් වෙන පොරක්. බෙදාගෙන ගහමු කියලා දෙහස්ට දුන්න කෑන් එක තනියම ගහලා යන්තන් මෝදූ වීගෙන එන මතට හරියන්න හන්තාන අඩවියේ පාර පුරා නටන්න ගත්තෙ යකෙක් වැහුන ගානට.

ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉදලා එලියට ආවේ

"අඩො දෙහස්, ඒක ඉරාජ් ගෙ බං."

"මොකාගෙ උනත් වැඩන්නෑ... සින්දුනම් සින්දු මචං"

"විතේශ්!! ඕකා ගිහින් කණුවක හැප්පෙන්න කලින් අල්ලගනින්"

විතේශ් අල්ලපු පාසලක මිතුරෙක්. පොර තමයි බියර් කෑන් බාපු එකා.
මේ ඔක්කම විකාර දිහා බලාගෙන  බොන්න කියලා හිතන්නවත් බැරි උන උවින් සහ කේතක පාඩුවේ පැත්තකින් ඇවිදගෙන ආවා. උවින්ලා එක්ක බෙදාගෙන ගහන්න කියලා දුන්න එකනෙ අර කුණ්ඩවාලයා තනියම ගැහුවේ. ඉතින් මේ මිනිස්සු දෙන්නට හුළං තමයි.
කලින් දවසේ ගහෙන් ගෙඩි එන්නා සේ මෙහෙම ගමනක් එන්න කේතක ප්ලෑන් කරපු එක ගැන උවින් නම් හිටියේ කුතුහලේකින්. කේතක නටල කියලා ඉන්න ආස මනුස්සයා උනාට, වැඩිය ඔව්වට සෙට් වෙච්ච පොරක් නෙවේ. වෙන කෙනෙක් ඇවිත් යමන් යන්න කිව්වොත් එනවා මිස, පොරට ඔහොම යන්න අදහස් පහළ වෙනවා හෙන අඩුයි.

"අඩෝ කේ, සිරාවටම මොකද උබ මේ මෙහෙ එමුයි කිව්වෙ?"
පාන්දර දොළහාමාරට විතර හන්තානෙ පාරක ඇවිදන් යන වෙලාවක ගානට බෝලේ බස්සන්න උවින්ට පුළුවන් උනා. තුන්දෙනා රෙඩි උනේ දෙහස් ලාගෙ ගෙදර ඉන්න. හන්තාන පැත්තෙම දෙහස් ලාගෙ ගෙවල් තිබුන නිසයි පයින් යන්න කතා උනේ.

"නෑ බං නිකන් හිතුනා ඉතින්. කාලෙකින් අපි ආතල් එකක් ගත්තෙත් නැනෙ බං. ඉස්කොලෙත් ප්‍රශ්නනෙ"

"උබ මොකටද සුචීරයා එක්ක ඇමිනෙන්න යන්නෙ කියපංකො?"

"ඇමිනුනේ නැ බං."
කේතකගෙ කටහඩ එන්න එන්න බැරෑරුම් උන හැටි උවින්ට නම් වැඩිය ඇල්ලුවේ නෑ. කේතක කාටවත් නොකියන මොකක්ම හරි ලොකු දෙයක් තියනවා කියලා උවින් විශ්වාස කරා.

TruculenceWhere stories live. Discover now