අන්තිමට කට්ටියගෙ ගමනාන්තේ උනේ කොස්ලන්ද වතු යාය. අන්න එහෙ තමයි විතේශ්ගෙ තාත්තාගෙ ස්ටේට් එක තියෙන්නෙ. අන්තිමට කොළබ මඩකළපුව පාරෙන් දාලා නාඋල්ලට පොඩ්ඩක් කලින් හරවලා වතුකරේ පාරට විතේශ් වාහනෙ හරවද්දි, එහාපැත්තෙ හිටපු ෆොටෝග්‍රැෆර් ඔක්කම බදාගෙන ශටර් එකට ඔළුව ගහන් සැපට නිදි. පිටිපස්සෙත් වෙනසක් නැ ඇහරලා හිටියේ උවින් විතරයි. දෙපැත්තේ දෙන්නා ගැස්සි ගැස්සි උරිස්සෙ ලගිද්දි උවින්ට නින්ද යන්නැති එක සාධාරණයි.
හොඳ සීතල වතුරෙන් නාගෙන ගොඩ ආවම ඒසි එක අස්සෙ සැපට නින්ද නොයන්නෙ මොකාටද ඉතින්. අන්තිමට කට්ටියම බංගලාවට ආවම තමයි දෙහස්ට, කේතකට, සචින්දුට ඇහැරුනේ.බංගලාවට ගිහින් අන්කල්ටත් කතා කරලා සෙට් එකම වැටුන වැටුන තැන නිදි. හොඳම මහන්සිය තිබ්බෙ විතේශ්ට. කොච්චර ඩ්‍රයිවින් ශීට් එක සැප උනත් වංගු ගගහ එද්දි උරිස් දෙක නැ වගේ.
"විතේශ් නැගිටහං අන්කල් ඩිනර් එක රෙඩි කරනවා"
සැපට සෝෆා එකෙ ඔක්කම උඩ දාගෙන නිදාගෙන හිටපු විතේශ්ට කතා කරේ දෙහස්. දෙහස්ට කලින්ම නින්ද ගිය නිසා පස්සෙ ආයේ නින්ද ආවෙ නැ. ඒක නිසා රෑ නවය දහය වෙනකල් විඩියෝස් හද හද ලැප් එකේම ඔළුව ගහන් හිටියේ. ඔය අස්සෙ තමයි රෑ නවයහමාර පහුවෙලා විතේශ්ගෙ තාත්තා රෑ කෑමට කතා කරේ.
"තව ඩිංගක් ඉන්න දීහන්කො... මහන්සි බං"
"කාලා නිදාගනින් ඉතින්. මොකද ඔච්චරටම"
"බෙදාගෙන ඇවිත් කවහන්කො"
"පිස්සු කතා කරන්නෙපා මිනිහො, අනික් උන් බලයි, අනික අන්කලුත් ඉන්නවා"
විතේශ් යන්තමට ඔළුව උස්සලා, තමන්ගෙ ඉන හරියෙන් සෝෆා එකේ බාගෙට ඉදන් ඉන්න මනුස්සයාගෙ ඉන දෙපැත්තෙන් අතදාලා ළගටම ඇදලා ගත්තා.
"පිස්සුද මිනිහො? යන්න දෙනවා මට"
තව ටිකක් ළගට ඇදලා අරන් දෙහස්ගෙ උකුලේ මූණ ගහගෙන යන්තන් ඇස් උස්සලා අහිංසක විදිහට විතේශ් බැල්මක් දාද්දි, දෙහස්ට උනත් පව් කියලා හිතුනා. මහන්සිය ගැන කොල්ලෙක් උන ඌට නොතේරෙනවා නෙවේනෙ.
"හරි බං කාලා ඉදපංකො, දැන් අරුන් පල්ලෙහාට ආවොත්"
"අනේ ආපුදෙන් යකො. ඉන්න දීපංකො පොඩ්ඩක් මෙහෙම. උබත් යැයි යැයි ගෑවට අකමැත්තක් නැනෙ."