26

36 12 3
                                    

සිකුරාදා උදේ පාන්දර හය වෙනකොට කේතක පූල් එකට ගියේ කලින් දවසෙත් රෑ හතත් පහුවෙනකල් ඉස්කොලේ ඉදලා. inter house swimming meet එකක්නෙ ඕක easy නේ කිව්වට, කරලා බලන්නොනි එකේ easy ගතිය පේන්න ඉතින්. කේතක විතරක් නෙවේ, තව මල්ලිලා තුන්දෙනෙක් එක්ක දෙහස්, උවින් ඩබලත් මෙයා හින්දම රෑ වෙනකල් හිටියා.

"Good Morning ayya"

"Good Morning Good Morning... කෝ මතීශ ලා නැද්ද තවම?"

"දැන් එන ගමන් කිව්වා අයියා, අයියා සර්ටිෆිකට්ස් වල අවුලක් වගේ"

"ආ??? ආයේ මොකද්ද? දැන් නම් වෙනස් කරානෙ houses වලට, place එක විතරනෙ ලියන්න තියෙන්නෙ?"

"අපේ එකෙක් අවුරුද්ද මාරු කරලා"

"මොන හු! ඉදපංකො බලන්න. කෝ certificate file එක ? උදේම ලබ්බක් කරනවනෙ උබලත් ඉදගෙන. තව දෙන්නෙක් ආපු ගමන් main hall එකෙන් glass podium එක උස්සන් වරෙන් ඇ, මම මල් ටික ගෙනාවා. school flag ටික අතන බෑග් එකේ, ගිහින් ගනින් අරන් එල්ලහන් ඉක්මණට"

කේතක නළලලත් අල්ලගෙන printing house එකට කෝල් කරේ බැනර් බෝඩ්ස් ටික ready ද අහන්න.

"Good Morning ayya"

"ආ Good Morning මතීශ, ගිහින් ඉඳුරවට උදව් කරහන්"

ඉඳුවර කියන්නෙ ඊළගට captaincy එක යන්න ඉන්න කොලු ගැටයා කිව්වනම් හරි. අවුරුද්දක් බාල age category එකේ best performance පෙන්නලා තියෙන්නෙ ඉඳුවර.

"අයියා banner boards ටික බාන ගමන් gate එක ඉස්සරහ, සතිශ්ක එතන ඌ අරන් එයි කියලා"

"අහ්හ් ඒක් තමා මම මේ printing house එකට කෝල් කරා ආන්සර් කරෙ නැ. උබලා ගාණ බේරුවානෙ හරියටම?"

"ඔව් අයියා, transport වලට 500ක් දීලා shape කරගත්තා"

"ආ good good, ඉඳුවර එක්ක glass podium එක ගෙනෙල්ලා මල් ටික ගහපං අට වෙද්දි invited schools එනවා"

"හරි අයියා"

එහෙට දුවලා මෙහෙට දුවලා හතහාමාර වෙද්දි ඔක්කම ප්‍රශ්න ටික විසඳගද්දි තමයි දෙහස් office එකේ ඉදලා එලිබැහැලා pool එකට ආවෙ.

"කෝ උබ blazer එක ගෙනාවද?"

"ඔව් ඔව් කාර් එකේ"

"ආ ඉදපං මම කාර් එක ඇතුළට දාන්නම්. මේ අද අද්විත් බොසා ආවම වලි නම් ඇදගන්නෙපා ඈ, ඔන්න උබට කලින්ම කිව්වා පුතෝ"

TruculenceWhere stories live. Discover now