මහනුවරින් නුවර එළියට, එහෙන් ගිහින් බණ්ඩාරවෙල හරහා කොස්ලන්දට ගියපු ගමන එද්දි ආවේ කෙලින්ම බදුල්ලට දාලා අනික් පැත්තට නුවරට. ඒකත් ආපු ගමන් කට්ටියම ගොඩබෑවේ කේතකලාගෙ ගෙදරට. මොකද සෙට් එක එද්දි පාන්දර දෙකත් පහුවෙලා.
මොකට කියනවද, එහෙ ඉදගෙන දවසම කාලා, රෑ එන ගමන් මුන් ටික පබ් එක්කටත් ගොඩ වැදුනා. ඒ අදහස නම් සචින්දුගෙන් ආවේ. කලින් දවසේ සතුට සමරන්න රෑ කට්ටියට සෙට් වෙන්න බැරි උන හින්දා තමයි ඔය. කලින් කට්ටියම කතා උනෙ හන්තානට ගොඩ බාන්න. මොකද තුන් දෙනෙක්ම එහෙනෙ ඉන්නෙ. ඒ උනාට සංජනායි, මිසිස් ෆර්නෑන්ඩොයි, විතේශ්ගෙ අම්මයි, සංජනාගෙ දුවයි ෆර්නෑන්ඩො දුවයි සියළු ගෑනු පාර්ශවය කොළබ ගිහින්. ශොපින් කරන්න. එයාලා කොළඹ නතර වෙනවා කිව්ව නිසාත් යතුරු නැති නිසාත් එහෙම්ම ගොඩ බෑවෙ නාඩුකාර මේගනා ගෙ ගෙදරට. කලින් මේගනාව දැනුවත් කරලා තිබ්බෙ යන්නෙ හන්තානෙ කියලා. ඒක නිසා මේගනා පෞද්ගලික වැඩකට එළියට බැස්සෙ ජංගම දුරකථනයත් අමතක කරලා. ඒ වග කොල්ලො ටික දැනන් උන්නේ නැ ගෙට යනකල්ම. ඒ උනාට කේතක ළග තියෙන අමතර යතුර නිසා පස් දෙනාට ඒක ප්රශ්නයක් උනේ නැහැ.
"අම්මා නැ වගේනේ බං. ෆෝන් වැඩත් නැ"
"උබට ශුවර්ද? යමන්කො ඇතුළට එහෙනම්."
හෙමින් සිරුවේ තනි තට්ටුවෙ උනත් හරි අපූරූ ගාඩ්න් එකක් මැද තියෙන ගෙදරට ගොඩ උන කොල්ලො පස් දෙනා සාලේ ලයිට් දාලා ඇස් කැරකුවේ නඩුකාර මැඩම් කෝ බලන්න. ඒත් එක්කම කෑම මෙසේ උඩ දිලිසි දිලිසි තිබ්බ සැම්සන් දුරකථනය දැකපු කේතක නිකමට ඒක අතට ගත්තා.
"ඔය තියෙන්නෙ, ඇන්ටි නිදි ඇති. අපි යං සද්ද නොකර"
උවින් කියද්දි, කේතකටනන් ඇන්ටි නිදි වගක් දැනුන්නැහැ. හෙමීට සාලේ දොර පිටිපස්සෙ තියන ශූ රැක් එක බලපු කේතකට පැහැදිලිවම තේරුනා අම්මා ගෙදර නැහැ කියලා. අම්මා ආසම කරන රතු පාට හීල් දෙකත් නැ අම්මත් නැ, පාන්දර වෙනකල් නොඑන්න, රතු හීල් දෙක දාගෙන යන්න තරම් වටින ගමන ගැන හිත හිත කේතක ගියේ අම්මාගෙ කාමරේ පැත්තට. කාමරේ දොරේ යතුර එලියෙන් එල්ලිලා තියෙද්දි ඉතින් හැමදාම දොර වහන් ඉන්න අම්මා කොහෙ හරි ගිහින් කියලා හිතුනා. ගිය දවස් ටිකේම ගෙදර හිටපු අත්තම්මාවත් එක්කගෙන කොළබ ඉන්න නෑ ගෙදරකවත් යන්න ඇති කියල හිත හදාගෙන අතේ තිබුන ෆෝන් එකෙ ස්ක්රීන් එක ස්විප් කරලා ඕපන් කරේ ඕකේ ෆින්ගර් ප්රින්ට් එක කේතකටත් තියෙන බව දන්න හින්දමයි.