එදා හවස පුහුණුවීම් ඉවර වෙලා එන අතර මගදි උදේ වුන සිද්දිය අම්මත් එක්ක කියන්න කේතක අමතක කරේ නෑ. ඒත් කොලු සීන් එක අම්මට කියන්න කලින් වටෙන් පොඩ්ඩක් පොහොර දාලා මන්ත්රී පුතාගෙ හැසිරීම මෙහෙමයි කියලා පැහැදිලි කරා.
"ඌට මහා ගෑනු ගති අම්මි. කොල්ලො කෙල්ලො දෙගොල්ලො එක්කම අනම් මනං ඌට."
"එහෙම මිනිස්සු ඉන්නවා කේතක. ඒ හැටි, සමහරු නම් මානසික ආබාධ කාරයෝ. සමහරු හෝමෝන අවුල් අය."
"ඒක තමයි අම්මි. මට තියෙන ප්රශ්නෙ අපේ ස්ව්මින් කැපාගෙ තාත්තාගෙයි මුගෙයි සීන් එක"
"අද්විත් පුතා නේද? ඒ ළමයාගෙ වාසගම මොකද්ද කේතක"
"වනිගසේකර"
"පොඩ්ඩක් ඉන්න. ඒ පලිහවඩන ද අම්මාගෙ නම?"
"රුක්ෂානා ආන්ටී කියලානෙ අපි කියන්නෙ. සර් නේම් එක මතක නැ හරියට. ඔහොම එකක් තමා ද කොහෙදො"
කේතකගෙ අම්මා වැඩිය පුතාගෙ පාසලේ වැඩ කටයුතු වලට ඇගිලි ගැහුවේ නැහැ. කේතක ගොඩක්ම සමවයස් අය එක්ක ගැවසෙන නිසා අම්මා දැනගෙන හිටියේ, සමවයස් යාළුවන්ගෙ දෙමව්පියොන්ව විතරයි. කේතකගෙ sport side එක තනිකරම බැලුවේ තාත්තා, අම්මටත් වඩා පාසලේ වැඩ ගැන උනන්දු උනේ එයා. තාත්තා ආදිශිෂ්යයෙක් නිසාම පාසලේ දේවල් ගැන හොඳට හොයලා බැලුවා."ඇයි අම්මි එයාලව දන්නවද?" තමන්ගෙ අම්මා එකපාරටම සද්ද නැති උන ගැන කේතක පොඩ්ඩක් පුදුම උනා.
"නැ නැ, මං මෙවා කිව්වට ගිහින් කියන්නෙ එහෙම නැ හරිද කේතක. මං දන්නවා කොහොමත් ඔයා එහෙම නැ කියලා."
"මං ගැන හිතන තරම නම් මරු හැබයි ඈ අම්මී"
"මිසිස් පළිහවඩන ඩිවෝස්ඩ්, මං උසාවි යන්න ගත්තු මුල් කාලේ. ඕකට තීන්දුව දුන්නෙ මං"
"මොනවා???? ඔයා බලු වැඩක් නෙ කරලා තියෙන්නෙ අම්මී. දැන් ළමයට තාත්තෙක් නැනෙ?"
"පිස්සු කියවන්න එපා කේතක. ඒ ගෑනු කෙනාට තේරුනා එහෙම තාත්තෙක් ඒ ළමයට ඕනි නැ කියලා."
ඒ විස්තරේ තමන්ගෙ අම්මාගෙන් අහගත්තු කේතකට, මිස්ටර් වනිගසේකර ගැන තරහක් ඇති නොවුනා කිව්වොත් බොරු. තමන්ගෙම පුතාගෙ වයස ළමයෙක් එක්ක ලැජ්ජා නැතුව සම්බන්දතා තියාගන්න තරම් පහත් මිනිහෙක් උන එක ගැන කේතකට ඇත්තටම කණගාටුවක් ඇති උනා. පහුවදා වෙනකල්ම ඒ ගැන හිත හිත ඉදලා උදේ ඉස්කොලේ ගියේ, අද්විත් අයියට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතන ගමන්.