ආපු ඇමතුමට ආයෙත් පාරට ගිය කේතක පාළම ළඟින් අහුවෙන බස් එක්කට නැග්ගෙ ආ පයින්ම ටවුන් එකට යන්න. ටවුන් එකෙන් නතර නොවිච්ච ගමන, ගිහින් නතර උනේ දිගන පැත්තෙ තිබ්බ ගෙස්ට් හවුස් එකකින්. ඒ ආපු ගමන් අම්මට ඇමතුමක් ගත්තේ අද එන්න වෙන්නැහැයි කියන්න.
"අම්මි අද මේ"
"උවින්ලගෙ ගෙදර or දෙහස් ලාගෙ ගෙදර?"
"ම්ම්ම් ඕ කොහෙ යැවෙයිද දන්නැ"
කේතකගෙ අම්මා කේතක ගැන හොඳ අධ්‍යනයක ඉන්න නිසාම, ඇමතුම එන වෙලාවයි කටහඬෙනුයි හේතුව හිතාගන්න පුළුවන් උනා."අහ් හරි, පරිස්සමට ඉන්නව. කොහොමත් හදන්න පුළුවන් එකක් කියලයැ, අනික අද හිටියනම් තනියම ඉන්න වෙන්නෙ"
"ඒ ඇයි අම්මෙ?"
"අත්තම්මා එනවා, ෆ්ලයිට් එක පාන්දර එකයි ගානකටලු departure වෙන්නෙ. ඉතින් මට යන්න වෙනවා අත්තම්මව ගන්න"
"ආහ් හා හා"
"හරි හරි ඉන්න දිහාවක පොලීසී ගානෙ යන වැඩ කරගන්නැතුව ඉන්නවා පරිස්සමට."කොල්ලෙක්ගෙ අම්මා උනහම, පපුව අස්සෙ එන වේදනාවට බයට බම්බු ගහන්න කියලා ඉවසන්න ඕනි ඉතින්, නැත්නම් සමාජෙට දායාද කරන්න වෙන්නෙ කලිසමට බැහැපු කෙල්ලෙක් තමයි කියනෙක සුවහසක් තරුණ කොල්ලොන්ගෙ දෙමව්පියෝ විශ්වාස කරන දෙයක්. ඒකේ වරදකුත් නැ ඉතින්.
කේතකගෙ අම්මාගෙ පාර්ශවයෙන් අත්තම්මා ලංකාවේ කෙනෙක් නොවෙන කොට, ඒ ඉන්නේ සීයා තරුණ කාලෙ ගියපු විනෝද චාරිකාවකින් දැන අදුනගෙන ලංකාවට කැන්දාන ආව ඉන්දීය කතක් උනා. කේතකගෙ දෙවෙනි නම වුන, 'අනිරුද්' කෑල්ල දැම්මෙ අම්මාගෙ පාර්ශවයෙන්. කොල්කටාවෙන් හොයාගත්තු උතුරු දකුණු මිශ්‍ර කහ පාට ලස්සන හමක් තිබුන ඒ කර්නාටක ගැහැණු කෙනාගෙ පෙනුම කේතකගෙ හැඩ රුවටත් සෑහෙන්න බලපෑවා. කේතකගෙ ඝනකම ඇහි බැම, තියුණු නහය, මී පැණි පාට වැටුන හම වගේ දේවල් ඉන්දියාවෙන් ලැබුන හින්දම කේතකට අමුතුම විදිහෙ ලස්සනක් ලැබුනා. ඔහොම හිටියට පොඩි කාලේ අත්තම්මාගෙ ආශ්‍රය ලබපු නිසා පොරට යන්තමට හින්දි සහ දෙමළ තේරුනා.අම්මාට ගත්තු ඇමතුමත් විසන්දි කරලා, දිගන new town පාරට හැරෙන හරියේ රීලෝඩ් කඩේකට වෙලා බලන් හිටියේ, තමන් බලාපොරොත්තු උන කිසි මනුස්සයෙක් මේ වෙද්දිත් ඇවිත් නැති එකට හිතින් බැන බැන.
ප්‍රශ්න රණ්ඩු ඔක්කම අස්සෙ සුචීර අයියට හොඳින් සැලකුවේ මේ විස්තර දැනගන්න නේද කියල මතක් උනාම කේතකට හිනාවකුත් පැන්නා. උන් දෙන්නා අතරේ මොන ගණුදෙනුව කොහොම උනත්, කේතක බලාපොරොත්තු උන දේවල් ටිකනම් කොහෙන් හරි කේතක කරගත්තා. නිකන් නෙවෙයි හොද ලල් එක්කුත් බෝනස් පිට හම්බුනා කිව්වනම් නිවැරදී.
සිරිල් මන්ත්‍රිගේ බවන තිබ්බෙ අරුප්පල, එහෙව් එකේ මෙච්චර දුරක් මුං රිංගන්නෙ මොකටද කියන්න කේතකට ලොකු ප්‍රශ්නයක් උනා. ඔහේ බලාගෙන හිටපු කේතක දැක්කෙ ප්‍රියස් එකකින් බැහැපු අද්විත්ගෙම පෙනුම තියෙන කොණ්ඩෙ පැහීගෙන එන මනුස්සයෙක්ව. ඒ මනුස්සයාගෙ සයිඩ් ප්‍රොෆයිල් එක තනිකරම අද්විත් වෙද්දි, ජිවිතේ පළමු වතාවට අද්විත්ගෙ පියාණන්ව කේතක දැකගන්නවා. තරුණ කාලෙ අද්විත් වගේම හැඩට ඉන්න ඇති කියන්න මූණෙ තියන කට් එකෙන්ම guess කර කර ඉදපු කේතකගෙ ඇස් උඩ ගියේ ඊළගට දැක්ක දේ එක්ක. ඒ වාහනයෙන් බැස්සෙ ඒ මනුස්සයා විතරක් නොවෙද්දි, මීට ටික්කට කලින් ඇමතුම ගත්තු මිනිහත් සයිඩ් එකෙන් බැහැලා වට පිටේට ඇස් යැව්වෙ කෙනෙක් හොයන්න වගේ.
කේතකව දැකපු අද්විත්, එහෙව් කෙනෙක් ඒ ළග පාත නැති ගානට අනික් මනුස්සයාට කතා කරගෙන ගෙස්ට් හ්වුස් එකට යද්දි, කේතක කට ඇරන් හිටියා කිව්වොත් හරි.