සති එකක් කොළබ රෝහලක ඉදලා ඇගට පන ගහගෙන සුපුරුදු විදිහට ආයේ ඉස්කොලෙ එන්න ගත්තත්, සුචීරගෙ නාඩගමේ කෙළවරක් එතන තිබුනේ නැ. සුචීරයි අද්විතුයි අතර තිබ්බ ගණුදෙනු ඒ දෙන්නා විතරක්ම දන්න දේවල් වෙද්දි කේතක, ප්‍රීත්, උවින්, දෙහස් ඒ දිහා පිටින් නරඹන නරඹන්නෝ විතරක්ම උනා. ඒත් ඒක ඒ තත්වයෙන් තිබ්බෙ සති කීපයයි.
සතියකට උඩදි පළන්ඳපු බැජ් එකේ පිහිටෙන් ප්‍රීත් ඇතුළු ජේෂ්ඨ ශිෂ්‍ය නායකයොන්ට නිදහසක් හම්බුනා. ඒත් පොඩි කාලෙකට. ඒ හින්දාම සතියක විතර කාලයක් අද්විත් පාසලට පය ගැහුවේ නෑ. ඒත් කවුරුත්ම නොදන්න සිද්දියක් ඒ සතියෙදි අද්විතට වෙලා තිබුනා. මොක්ද්දෝ පෙර පිනකට දෙහස් එක්ක උවින්ගෙ ගෙදර පාටි එක්කට ගිහින් එද්දි කේතකට අමුතු දෙයක් ඇහැ ගැටුනා. උවින්ලාගෙ ගෙවල් තිබ්බේ කටුගස්තොටින් හැරිලා මාපනාවතුරට දාන මුල් හරියේ. අද්විත් අයියලා හිටියේ ඊට අනික් මාවතේ, cinnamon hotel එකට හැරෙන පාරේ. ඒ දෙකටම හැරෙන්නෙ එක හරියකින්.
දෙහස් ට හෙන කාලෙකින් බෝතලයක් හම්බෙලා පිස්සුවක් නටලා. මගින් මගට කබරයා සෙට් වෙන නිසා කේතකට හන්දියකින් වාහනෙ නතර කරන්න උනා. දෙහස්ව එතන තිබ්බ පදුරකට නම්මලා කාර් එකේ අනික් පැත්තෙ door එක ළගට ගියේ වතුර එක ගන්න. ඒත් ඒ එක්කම වේගෙන් බයික් එකක් ගියා. කේතක පොඩ්ඩක් ඉස්සරහට උනානම් කෑලිත් නෑ. ඒත් පොඩ්ඩ දුරකින් ඒ බයික් එක නතර උනේ, බැලන්ස් එක නැති උන නිසා කියනෙක කේතකට තේරුනා. ඒ මිනිහාගෙ අප්පා මුත්තා මතක් කර කර වතුර බෝතල ගන්න ටිකට කේතකට ඇහුනෙ පොලිස් ජීප් එක්ක සද්දයක්. මහ රෑ එකොළහට විතර පොලිස් වෑන් එකක් යන්නෙ කොහෙද කියන සැකේ කේතකට ආවෙ නැ කිව්වොත් බොරු."ආ මේ පොඩි කොල්ලෙක් නෙ, පුතා මොනාද මෙ රෑ කරන්නෙ"
පොලිස් ජීප් එක පොඩ්ඩක් එහායින් නතර කරලා ඒකෙන් බැහැලා ආපු සිවිල් පිට හිටපු නිළධාරියෙක් කේතකට කතා කරේ අයිඩී එකත් පෙන්නගෙනමයි.
"යාළුවෙක්ගෙ ගෙදරකට ආවා සර්"
"ලයිසන් එක ගත්තනම් එලියට"
ඒත් එක්කම නිළ ඇඳුමෙන් හිටපු මස්තබාල්දු පෙනුමක් තිබ්බ මනුස්සයෙක් කේතකට සැර දාගෙන එද්දි, අදනම් ගම කැවෙනවා කියලා කේතකගෙ ඔළුවෙ දෝංකාර දුන්නා.