02

111 21 7
                                    

" කේතක පොඩ්ඩක් ඉවසපං බං, ඔහොම ප්‍රශ්න විසදන්න බෑ. උබට ඕනි අයියා වගේ සස්පෙන්ඩ් වෙලා යන්නද? "

"අනේ මේ දෙහස්, පොඩ්ඩක් ඉදපංකො. මම හොඳට හොඳයි නරකට නරකයි. දැන් අයියා නැනෙ, මූ දැනගයි මං කව්ද කියලා"

කේතක වලි අල්ලන පොරක් කියලා මුළු ඉස්කෝලෙම දැනගෙන හිටියත්, සිරිල් මන්ත්‍රීගේ පුතා නම් හිතාගෙන හිටියේ, කේතක කියන්නෙ හරිම සංවේදී ළමයෙක් කියලා.

මීට මාස දෙක්කට උඩදි, අල්ලපු වැටේ ඉදගෙන උදේ අටට ගේට්ටුවෙන් ඇතුළට ආපු කේතකගෙ ඇහැ ගැටුනේ පල්ලමට වෙන්න තියන තනි අඹ ගහේ කොල්ලෙක්ව ගැටගහලා තියන හැටි. සාක්කුවේ තිබ්බ කණ්ණාඩි දෙක ඇස් දෙකට දාගත්තු කේතකට ඒ කව්ද කියලා අදුරගන්න අමාරු උනේ නෑ. නිකමට කියලා ළගට ගිහින් බලද්දි, 'සමනල් පොන්නයා' කියලා නමක් ගහපු බෝඩ් එකක් බෙල්ලේ එල්ලිලා තියෙනවා දැකපු කේතකට ඒ ළමයා ගැන ඇති උනේ කණගාටුවක්.
ළමයි සේරම පිට්ටනියේ ප්‍රධාන රැස්වීමේ හිටපු නිසා කවුරුත්ම මේ වග දැක්කෙ නෑ. කරපු මනුස්සයෙක් හොයාගන්නත් නැති නිසා ඒ ළගට ගියපු කේතක, ඒ ළමයාගෙ ඔළුවට තට්ටු කරා.
සිහි නැති වෙන්නම ගුටි කාලා කියලා තේරුන කේතක, තමන්ගෙ නයිකි බෝතලේ ඒ ළමයාගෙ මූණට විද්දේ සිහිය එයි කියලා හිතලා.
ටික වෙලාවකින් යන්තන් සිහිය එද්දි ඒ ළමයා කලබල වෙලා අසරණ විදිහට කේතක දිහා බලන් හිටියා.
ශිෂ්‍යත්වෙන් ලංකාවෙ පළවෙනියා පාසලෙන් බිහිවුන එකට ගත්තු රැස්වීම නිසා ගුරුවරුවත් පිට්ටනියෙන් පිටට ඇවිත් නැති වග කේතකට තේරුම් ගියේ අඹ ගහේ හිටපු පොරගේ කම්මුල ඉදිමිලා කට කොන පැළිලා තිබුන හැටි දැකපු නිසා. පිරිමි පාසලක ලොකු වලියක් කවදාවත් ගුරුවරුන්ගෙ ඇහට වහන් කරලා කරන්න අමාරු බව ඕනිම කෙනෙක් දන්න දෙයක්. හැබැයි වැසිකිළි වල වෙන දේවල් නම් පිටට යන්නෙ සීමිත ප්‍රමාණයක් විතරයි.

වැටෙන්න ගියපු ළමයව උරිස්සට වාරු කරගෙන ඒ ළගම තිබ්බ නාට්‍යා හා රංගකළාව කාමරේ පඩිය උඩින් ඉන්දව්වෙ ඒ ළමයා වැටුනොත් මෙතන තව ප්‍රශ්නයක් වෙන හින්දා. හරියට කතා කරගන්න පන නොතිබුන හින්දා අදාළ මනුස්සයාගෙ කට වැහිලා තියෙන්නෙ කියනෙක කේතක දැනගෙන හිටියා. තාත්තගෙම කට පුතාට හොඳවයි පිහිටලා තියනවායි කියනෙක මුළු රටක්ම දැනන් හිටපු කාරණාවක්.
විනාඩි පහක් විතර ඉදලා කේතක එතැනින් නැගිට්ටෙ අඹ ගහ ළග බිම වැටිලා තියෙන කාඩ්බෝඩ් එක ගන්න. ඒත් එක්කම කේතකට කවුරු හරි වේගෙන් ඒ පැත්තට දුවගෙන එන සද්දෙ ඇහුනා. ඒ එක්කෙනෙක් නම් වෙන්න බෑ දෙතුන් දෙනෙක් කියනෙකත් අනුමාන කරගෙන අඹ ගහ පල්ලෙහයින් තියන පඩිපෙළ දිහාවට ඔළුව දැම්මේ කව්ද බලන්න.

TruculenceWhere stories live. Discover now