17

39 18 12
                                    

සීතලේම උදේම ඇහැරුණ කේතක කාමරෙන් එළියට එද්දිම දැකපු දර්ශනේ නිසා ආයෙ ආපස්සට අඩිය තිබ්බා. තිබ්බා කිව්වට තියවුනා. ඒක හරිම ආදරණීය දසුනක්.
ලස්සන කුරුල්ලො ජෝඩුවක්, අත් අල්ලගෙන මූණෙන් මූණ බලන් ඉන්නවා. උන් දෙන්නා කීයටවත් හිතන්න නැතුවැති උදේ පාන්දර කේතකට ඇහැරෙයි. මොකද කලින් රෑ වුන දේවල් එක්ක කේතකට ඇහැරුනොත් තමයි පුදුම.

කලින් රෑ කට්ටියම ගියා බාර් එක්කට. බාර් කිව්වට ක්ලබ් එක්කට. සචින්දුගෙ ඇඳුනුම්කමක් තිබුන නිසා එකෙක්ටවත් වයස කේස් උනේ නැ. සචින්දු සුපුරුදු පරිදි කෙල්ලෙක් අල්ලෙ නටවද්දි, දෙහස් එක්ක උවින් පාඩුවේ බලන් හිටියා. හැබැයි විතේශුයි කේතකයි හිටියේ බැල්කනි එකේ. දෙන්නට කතා කරන්න ලොකු මාතෘකාවක් තිබුනා. කවදාවත් නැතුව දෙහස් ශොට් දෙක්කින් නතර වෙද්දි, බැල්කනි එකේ හිටපු කේතකනම් ගහනවා ගහනවා ඉවරයක් නැ. විතේශ් හරියට හේතුව දැනන් හිටියේ නැති උනාට, ලව් කෝස් එක්ක failure එකක් කියන්න නම් ඉතින් තේරුනා. ගහපු ගැහිල්ලට ඒක නොතේරෙන්න විදිහක් නැහැ ඉතින්.
කේතකට යන්තන් වැදීගෙන එද්දිම, විතේශ් එතනට තව කෑමක් උස්සන් ආවේ කේතකගෙ මූණ පිරිලා ඉතිරිලා යද්දි.

"අඩෝ.... කව්ද මූ?"

"හිටියා, ඇහුවා, හා කිව්වා ගෙනාවා"

"ලෙඩ වාට්ටුවක්ද දන්නැනෙද?"

"i don't think so machan"

"මල්ලිත් ඉදගන්න අපි කදයක් දාමු"

ඔතන සෙට් එකෙ පොඩි පෙනුම යන්තන් හරි තිබ්බෙ දෙහස්ට, ඊළගට කේතකට. ඒ උනාට ලා නිල්පාට අත් දිග ශර්ට් එක වැලමිට ළගට එනකල් නවාගෙන, බෙල්ලෙ දාගෙන ඉන්න ස්විමර් කෙනෙක් ගෙ චේන් එකත් එක්ක, ගෝල්ඩ් කලර් වොච් එකට, පොරගෙ කිසිම පොඩි පෙනුමක් නම් පේන්න තිබුන්නැහැ. විතේශ් ඉතින් කොහොමත් ක්‍රිකට් ගහන පොරක් නිසා, ඇග පතෙ කිසිම් අඩුවක් තිබ්බෙත් නැ.

"මල්ලි කොහෙද ගම?"

"කැප්පෙටිපොළ"

"ආ..... වෙනදටත් සෙට් වෙනවද?"

"තෝරගත්ත අය එක්ක විතරයි අයියේ"

ඒ හිටපු සුදු කෙට්ටු පොරට වයස විසි දෙකක් වගේ ඇති කියනෙක මෝරපු මූණෙන් පෙනුනට, දහසයේ කිරිමයිලෙක් ගෙ ගාණ ඇගක් තිබ්බ හින්දමයි විතේශ්ගෙ ඇහැට ඌව සෙට් උනේ.

TruculenceWhere stories live. Discover now