වැලිමඩෙන් බණ්ඩාරවෙල පාරට දාලා... අතර මග ලස්සන ලස්සන තැන් කීපෙකම මග නවත්තන ගමන් ආපු ගමන මගින් හරවලා දාලා දියතලාවට එද්දි හවස දෙකට ළං වෙලා තිබ්බා. වැලිමඩ හරියෙදි මගින් කාපු වඩේ දෙකයි ප්ලේන්ටියයි, සෙට් එක කලින් රෙඩි කරන් ආපු බිස්කට් පැකට් දෙකකුයි විතරයි සෙට් එකගෙම බඩවල් වල තිබුනේ. කොහෙද උදේට කාලා එළිබහින මිනිස්සු යැ මුන්.
"අර කඳු ගැටේ තියෙන්නෙ කොහෙද විතේශ්?"
දෙහස්ට ඉතින් කන්දක් තමා දැන් ඕනි. ඒ උනාට අනික් උන්ගෙ බඩ දගලනවා හෝ ගාලා. දෙහස්ටත් බඩගිනි උනාට පොරට ඊට වඩා වෙන ගිනි තමා ලොකු.
"තෝ දෙහස්, දවල්ට කාලා මිසක් කොහෙවත් යන්නැහැ එච්චරයි. දැන් කන්න තැනක් බලපං විතේශ්. නැත්නම් මං මූව වාහනෙන් එළියට දානවා"
උවින්ට තරහ යන එක සාධාරණයි. ඔක්කම මිනිස්සුනෙ.
"ඔහොම ඉදපං දියළුමට අල්ලමු, තව විනාඩි පහළොවක් දීපං අපි ටවුමෙනෙ ඉන්නෙ"
"ඇයි දැන් දියලුම මොකද?"
"හොඳ ප්ලේස් එකක් තියේ. අපේ තාත්තා අදුරනවා"
ප්ලේස් එක හොඳයිනම් ඉවසන්න බැරි නැ. ඔය ඉතින් කොල්ලෙක්ට අනුව ප්ලේස් එක හොඳයි කියන්නෙ කෑම එකෙ රහම නෙවේ, පොඩ්ඩක් රත්වෙලා එන්න වගෙ දෙයකට එහෙම තමා ඉතින් හොයන්නෙ.
මුන්ගෙ කෑගැහිල්ල හින්දම හයිස්පීඩ් අල්ලලා ඇදලා දියලුම පාරට දාලා රෙස්ටුරන්ට් එක ළග නතර කරේ පිටිපස්ස හිටපු තුන් කට්ටුවට සැලියුට් එක්කුත් ගහගෙන.
වාහනෙන් අන්තිමට බැස්සෙ දෙහස්, විතේශ් ගිහින් කතා කරලා රෙඩි වෙද්දි, විතේශ් කරේ බැදන් හිටපු ඔක්කම බෑග් කෑලි,කැමරා කෑලි හෙමීට අස් කරලා තියලා බැහලා එනකල් බලන් හිටියේ කේතක. කේතක එනකල් බලන් හිටියෙ උවින්. මුන් තුන්දෙනාගෙ බොන්ඩ් එකට ගහන්න බෑ ඉතින්. රහස් තියෙනවා තමයි, හැමෝටම වෙන් උන පෞද්ගලික දේවල් තියෙනවා. තුන්දෙනාම ඒක අදුරනවා හැබැයි පුළුවන් හැමදේම ශෙයාර් කරගන්නවා."කේ, උබ මෙතනත් ආතල් ගන්න එහෙම හදනවා නෙවේ"
දෙහස් කේතකගෙ කරට අතදාගෙන කේතකගෙ බඩටත් තට්ටුවක් දාගෙන කන අස්සෙ මිමිණුවෙ වෙන එකෙක්ට නොතේරෙන්න. කේතක ඒකට නම් පුදුම උනා. මේ වග දෙහස් දන්නවා කියලා කේතක පොඩ්ඩක්වත් හිතුවෙ නැ. හැබැයි දෙහස්ගෙ රේඩාර් එකට අහුවෙන තරමත් කේතක නොදන්නවා නෙවෙයි.
උවින්ට සචින්දු එක්ක ඇතුළට යන්න කියලා සිග්නල් එකක් දෙන ගමන්, දෙහස් කේතකව පොඩ්ඩකට නතර කරගත්තා.