සුන්දරයි සුධර්මා... බෙල්ල වෙන් උනත් පස්ස නොබලනා...
"අඩො ප්‍රීත් අයියලා කලින්ම ඇවිත්"
ඇහට හුරු number plate එකක් එක්ක benz වණ්ඩියක් ඇහැ ගැටුන කේතක බෙරිහන් දුන්නේ බෝගම්බර පැත්තට මාරු වෙන මිනිස්සුන්ටත් ඇහෙන්න. ඒ වෙද්දිත් ප්‍රීත් අයියාගෙ වාහනේ පෝලිමේ තියෙනවා දැකලා කේතකටනම් ආවෙ ආඩම්බරයක්.
නුඹ හැඩකාරයි කට කාරයි සොකරී..
"අඩො දෙහස් එක සින්දුවක් තියපංකො තිරිසනෝ"
කේතකගෙ එහා පැත්තෙන් ඉදන් ඉන්න දෙහස් ට බැන්නෙ, වාහනේට නැගපු වෙලේ ඉදන් සින්දු මාරු කරන නිසයි. ඒත් එක්කම දෙහස්ගෙ දුරකථනෙට ඇමතුමක් ආවෙ උවින්ගෙන්
"අඩො කොහෙද බොක්ක ඉන්නෙ?"
"ඉන්නෙ තමා, මේ බ්ලොක් එකනෙ බං"
"කොහෙද යකො?"
"මම මේ ymb එක ළගින් පල්ලෙහට දාලා ඉන්නෙ, අඩු සෑහෙන්න වණ්ඩි තොගයක් බස්සනවනෙ බං මේපාර"
"ඔව් ඔව් මමත් මේ පෝලිමේ, ප්‍රීත් ලා ඇවිත්"
"සචින්දුයි, අරුයි උබලව දැක්කලු, එහෙම්ම උබලා පාගලා ගිහින්ලු, උනුත් මග ලු මේ ට්‍රැෆික් එකේම"
"අරූ නම් බයික් එකේනේ එන්න ඇත්තෙ?"
"සචියාද? ඔව් ඔව් ඌ බයික් එකේලු"
කේතකගෙ වාහනේ දාන්න සෙට් උනේ ඊළගට, ඒක නිසා දෙහස්ගෙ කෝල් එක මැද්දට කේතක ඇඩ් එකක් දැම්මා කිව්වොත් හරි.
"දෙහස්, පිටිපස්සෙන් මගෙ පර්ස් එක ගනින්"
කේතකගෙ සද්දෙට ඇමතුම විසංදි කරපු දෙහස් පර්ස් එක අරගෙන, ලයිසන් එක දුන්නා.
වාහනෙ ඇතුළට දාලා දෙහස් එක්ක කේතක එළියට එද්දි දෙන්නගෙම කනට වැටුනේ නම් එච්චර හොඳ සංවාදයක් නෙවෙයි.
"අඩො අන්න අර පොන්නයා. ඌත් වණ්ඩි බස්සලාද?"
"අඩෝ සස්පෙන්ඩ් උන එකා නේද?"
"සුචීර මල් පොන්නයා එක්ක ඇමිනිලාලු නේද බැජ් එකත් නැල්ලු උට"
"ඌට මොන බැජ් ද යකො සස්පෙන්ඩ් කරහම"
කේතකගෙ කනට කෙසේ වෙතත්, ඔය ටික ප්රීත්ට හරි අද්විත් අයියට හරි ඇහුනනම් මෙතන මරාගන්නවා කියනෙක දෙහස් දැනන් හිටියා. ඒ හින්දම සෙනග අස්සෙන් අයියලා ඉන්නෙ කොයි හරියෙද හොයාගෙන කේතකවත් ඇදගෙන ගියේ, කේතකගෙ අත මිට මෙළවෙලා තියෙද්දිමයි.