"රගර් සෙට් එක ට්‍රිප් එකක් යනවා... yes වුට්ටො yes"
උදේම උවින් පන්තියට ආවෙ සතුටු දායක ආරංචියක් කියාගෙන උනත්, ඒක අදාල උනේ උවින්ටම විතරයි.
"දැන් අපිට පුපද????"
පන්තියේ හිටපු එකෙක් අහද්දි, උවින්ගෙ මූණ නම් දෙල් උනා.
"අනේ උබලා ඇබලයො වගේ පොත බදන් ඉද්දි උබලට පුප තමා ඉතින් ඉතුරු වෙන්නේ. පුටු රත් කරන රත් කිරිල්ලට ඒකත් ඉතුරුවෙයිද සැකයි.""මාසෙකින් විතර ඉස්කොලෙ ආපු එකාගෙ සයිසුත් බලපංකො දැන්"
පොත් බදන් ඉන්න උන් ටිකයි උවින් ගෙයි සංවාදෙ හැරෙන්නෙ හොඳ අතකට නෙවෙයි කියන්න , රෙජිස්ටරේ බලන් ලිස්ට් එකක් ගගහ හිටපු දෙහස්ට තේරුනා."ඕයි, උබලා පොතක් බලන් ඉදපං උවින් පලයං ගිහින් ඉදගනින්. තොපි උදේම මොක්කුදො වගෙ එල්ලෙන්නමනෙ හදන්නෙ. පුදුම බේසාවො තමා"
දෙහස්ටත් රවාගෙන ගිහින් පිටිපස්සෙම පෝළිමෙ සුපුරුදු ස්පොට් එකට duffle bag එක විසික් කරලා, දෙහස් ඉන්න තැනටම ආවෙ ඔච්චරට ඔළුව නමන් කරන වැඩේ මොකද්ද බලන්න.
"කෝ කේ?"
"කෝකේ තමා, ඌ එන්නෙ අට පහු වෙලා. පලයං වද නොදී, හෙන අමාරුවෙන් රවුම් කරලා ලියන්නෙ පේන්නැද්ද?"
"මට දුන්නානම් ලියලා දෙනවනෙ"
"තෝ ආවෙ දැන් නෙ, ඒ උනාට සයන්ස් එකෙන් නම් ටික ඉල්ලලා පණිවිඩේ ආවෙ හතට වගේ"
පන්තියේ මීටර් සෙට් එකෙ උනුත් පරාදයි උවින්ගෙ අකුරු වලට. පන්තියේ තියන හැම මගුලෙම නම් ලියලා තියෙන්නෙ ඉතින් පොර තමයි. රෙජිස්ටරේ පිරෙව්වෙත් උවින්.
"මොකටද දැන් ඔය? ට්‍රිප් එකටද?"
"ඔව් ඔව්, එන මාසෙ මුල ලු. බලපං අපේ ට්‍රිප තමයි කල් ගියේ බම්බුව. අනික් ඔක්කම අවුරුද්දෙ මුළ ගියා. අමාරුම සබ් කරන උන්ට යන්න වෙන කාලෙ බලපං, එන මාසේ ඔර්ගනික් පටන් ගන්නවා එහෙන්"
"අර හිකනලා කලින් රෙඩි කරපු ප්ලේස් එකට කේස් දැම්මා නෙ? මේපාර කොහෙද යන්නෙ?"
"දවස් දෙකයි, මන්නාරම්"
"නෑ??? දූපතෙත් යනවද?"
"නැත්නම් මන්නාරමෙ ගිහින් බීලී බාන්නද, මරු ආතල්නෙ දෙන්නෙ උබත්"