සති ගණන් මාස ගණන් සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දි උවින් ලාගෙ prefect insterlation එකත් ළං උනා. මීට මාස දෙකකට වගේ උඩදි තිබ්බ චන්දෙන් සචින්දුගෙ තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දීමත් එක්ක, ඒ යාළුවෝ පස් දෙනාගෙ හයිකාරකම් එන්න එන්න වැඩි උනා. ඕකෙන් හොඳම ප්‍රයෝජනේ ගත්තෙ විතේශුයි කේතකයි. විතේශ් කේතක දෙන්නා බැලුවොත් ක්ලබ් එක්කට බැහැගෙන මහ රෑ පිස්සු නටන්න ගද්දි, සචින්දුගෙන් ඒකට ස්පොන්සශිප් එක හම්බුනා. උවින්ටයි දෙහස්ටයි ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ හෙඩ් බෝඩ් රෙකමන්ඩ් උන නිසා, ඒ දෙන්නා පොඩ්ඩක් ලිමිට් ඇතුව හිටියේ බැජ් එක ගන්නකල්. කලින් වතාවෙ හෙඩ් බෝඩේ වෙච්ච ප්‍රශ්න නිසා නුවර අනික් පාසල් වල අයයි, මිනිස්සුයි ඔක්කම උවින්ලාගෙ බෝඩ් එකට ඇහැ දාගෙන හිටියේ කොහෙ හරි ඇදයක් හොයන්න.
"දෙහා......ස්ස්ස්ස්ස්ස්ස්ස්......... කන්ග්‍රැජුලේශන්ස් පගෝ"
"කෑගහන්නෙපා බේසිකයො, එහා පන්තියේ තට්ටයා"
මීට විනාඩි කීපෙකට කලින් ඉස්කොලෙටම ඇහෙන්න දුන්න අනව්න්ස්මන්ට් එක ඇහිලා , පූල් එකේ පඩියක ඉදගෙන සල්ලි ගණන් කර කර හිටපු කේතක පන්තියට දුවගෙන ආවා.
"කෝ බල්ලො උවින්? "
"ඌ ගියා යකො ඉන්ටර්වල් එකෙදි... බෝගම්බර ගියා"
"දැන් ඌ දන්නැනෙ උට හම්බුන පොසිශන් එක. බලපං යකො"
"ආවම කියමු. හවස් වෙයි එන්න නම්. අද අර බහිරව කන්දෙ ගර්ල්ස් එකේ ස්පෝට් මීට් එක. මුන්ට ඉන්වයිටඩ් ඇවිත්. දුවන්න මිනිස්සු නැ කියලා රගර් ටීම් එකෙන් ළමයි අරන් යන්න වෙලා. බලපංකො අර ඇත්ලටික් කරන බකුස්සයි උන් ඔක්කම රත්නපුරේ ගිහින් නෙ මීට් එක්කට"
"අඩො දැන් උබ අපේ අයියාගෙ පොසිශන් එක නේද දරන්න යන්නෙ.... බලපං ඉතින් කාටද ආඩම්බර... අයියත් හෙඩ් බොක්කත් හෙඩ්... මාත් හෙඩ් වගේ තමා...."
"ආඩම්බර ද? අපේ අම්මිට තමා"
"අනේ වුකන්නා.... අපිට ආඩම්බර නැ. තොගෙත් මහ කැරි ලයින් නෙ.... අරූත් අරහෙ ක්‍රිකට් කැප්ටන්සි එක ගත්තම ඉතින් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්....."