නිශාක්‍ය මිහිසර දිසානායක
-පරිසරයට, පොත පතට ආදරේ කරන, එයාගේ පාඩුවේ ඉන්න චරිතයක්. වැඩි කතා බහක් නෑ. හැබැයි සමහර දේවල් නම් කනට ගැහුවා වගේ කෙලින්ම කියලා දානවා. වැඩිය සමාජශීලි චරිතයක් නෙවෙයි. සමහරු කියනවා එයා හරි ගුප්තයි කියලා. එයා ගැන හරියටම දන්නේ එයාගේ නිවුන් සහෝදරයා විතරයි.. (එහෙම කිව්වට, එයා ගැන හොඳටම දන්න තව කෙනෙක් ඉන්නවා හැබැයි..)
අනුධ කවීශ්වර රන්දෙණි
-එක තැනක, එක විදිහකට ඉන්න බැරි ගතියක් තියනවා. ඉස්කෝලේ ගුරුවරු කියන විදිහට කොල්ලගේ නහරයක් වැඩියි. කටකාර චරිතයක්. ඉස්කෝලේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ සාමාජිකයෙක්. (එයා ගැන වැඩි විස්තර ඉස්සරහට බලමු..)
තිසාක්‍ය බිම්සර දිසානායක
-නිශාක්‍යගේ නිවුන් සහෝදරයා. දෙන්නගේ පෙනුම එක සමාන නෑ වගේම, ගතිගුණත් අහසට පොළව වගේ වෙනස්. තිසාක්‍ය හරි සමාජශීලි චරිතයක්. ඕනේ කෙනෙක් එක්ක කතා බහ කරලා, හරි ඉක්මනට යාලු වෙන්න පුලුවන් හැකියාවක් එයාට තියනවා. ගොඩක්ම කැමති ක්‍රීඩා වලට.
අදිති අරුණ්‍යා
-අහිංසක ගෑණු ළමයෙක්. නිවිච්ච ගතිගුණ වගේම සන්සුන් කතාබහක් තියන චරිතයක්. තිසාක්‍යගේ ආදරවන්තිය තමයි අදිති කියන්නේ. තිසාක්‍යට වඩා අවුරුද්දක් වැඩිමල්.
නුගාර ගීනාද් වලිසුන්දර
-පාසලේ උ/පෙ පංති වලට ජීව විද්‍යාව උගන්වන තරුණ ගුරුවරයෙක්. නුගාර කියන විදිහට, 'අවාසනාව' කියන්නේ එයාගේ ආත්ම සහකාරයා. අහක යන ඒවා ඔලුව උඩට දාගන්න උපන් හපන්කමක් තියනවා. උගන්නන්නේ ජීව විද්‍යාව උනාට, ඉස්කෝලේ බටහිර තූර්යවාදන කණ්ඩායම භාරව ඉන්නේ මෙයා තමයි.
සිතිජ මන්දාර කුලසූරිය
-හැමතිස්සෙම ධනාත්මකව හිතන, අනිත් අයටත් ධනාත්මකව හිතන්න පුරුදු කරන්න හදන කෙනෙක්. සිතිජගේ ධනාත්මක චින්තනය කොච්චරද කියනවා නම්, විභාගේ ළකුනු අඩු වෙන එක පවා කොල්ලා දකින්නේ හරි ධනාත්මක විදිහට. ඉස්කොලේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ සාමාජිකයෙක්.
අපිට කතාවේ හම්බෙන ප්‍රධාන චරිත කිහිපය තමයි මේ. මීට අමතරව ඉන්න සෙට් එක අපි කතාවේ ඉස්සරහට අඳුරගමු.. මේ කතාව ගොඩ නැගෙන්නේ school setting එකක.. ඒ කියන්නේ මේක school romance කතාවක්..
Please note that this story is based on my imagination. So it is purely FICTIONAL.. Some names of places that I mention in the story is real, but ONLY the NAMES. Also this story mentions about same-sex love..
Special note
As the story progress, there will be topics like domestic violence, murder crimes, abusive parents, mental health issues etc. These will be very unpleasant and triggering to some readers.
-Sudhaa Rajapakshe
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...