බුවා අයියා නුගාර සර්ව 'පැහැර ගැනීම' සිද්ධියෙන් පස්සේ සතියක් ගෙවිලා ගියා. නුගාර සර් මාව මග අරිනවා වගේ හිතුනට, ඇත්තටම එයා ඉන්නේ වෙච්ච දේ ගැන අවුලෙන් කියලා මට තෙරුනා. මේ දවස් ටිකේම උදෙයි, හවසයි අපි මුණ ගැහුනේ නෑනේ.. පංතියට උගන්නන්න එන වෙලාවට සර් මාත් එක්ක හිනා වෙනවා. ඒ ඇරෙන්න අපිට කතා බහ කරන්න වෙලාවක් හම්බුනෙත් නෑ.. සර් සමහරවිට දන්නවා ඇති මම ඒ ගැන කාටවත් කියන්නේ නෑ කියලා. නැත්තම් අනුධ කියන්න ඇති මම කාටවත් කියන්නේ නෑ කියලා.. පෞද්ගලික දේවල් මොන විදිහ උනත්, නුගාර සර් කියන්නේ ගුරුවරයෙක්.. එයාගේ ගෝලයෙක් ඉස්සරහ අර වගේ දෙයක් වෙච්ච එක ගැන සර් අවුලෙන් ඇත්තේ..
අනුධට නම් සම්බුව එදාම හම්බුනා කියලා මට කිව්වේ ඒ සිද්ධිය වෙච්ච දවසේ මහ රෑ කෝල් කරලා.. එයාගේ වචන වලින්ම කියනවා නම් මෙහෙමයි..
'ඔයාට කියන්න චූටි මහත්තයා, මාමා පැයකට විතර පස්සේ ගෙදර ආවේ දුම්මවල වරම අරගෙන වගේ හරිද? ඊට පස්සේ මගෙන් ඇහුවා මං දේශ් අයියව දන්නේ කොහොමද කියලා. මං කිව්වා ඉතින් අහම්බෙන් හම්බුනා කියලා.. පස්සේ අර ගොන් වහන්සේ නිවාඩු කාලේ මම එයාට මාමා එක්ක කතා කරන්න අරන් දීපු චාන්ස් ගැනත් වමාරලා.. තව පොඩ්ඩෙන් චූටි මහත්තයා.. අනුධට පහුවදා ඉර පායනවා බලන්න වෙන්නේ නෑ.. මම කකුල් දෙකට බුදු සරණයි කියලා ගෙදරින් එළියට පැනලා දිව්වා. මාමා දැන් තමා මාව ගෙට ගත්තේ..'
ඔන්න ඕකයි විස්තරේ..
කොහොම හරි, බුවා අයියටත් ලේසි වෙලා නෑ මං හිතන්නේ. සතියක් තිස්සේ තාම සද්දයක් නෑ එයා..
ඒ සිද්ධියට එහෙම කොමාවක් වැටෙද්දී, අපේ දවස් සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා. අද මම ආෆ්ටර්ස්කූල් ඉන්න ඕනේ ෆොටෝග්‍රැෆි ක්ලබ් එකේ වැඩ වගේකට.. ඒ හින්දා, එකාමාරට බෙල් එක ගැහුවට පස්සේ, මායි චේතනයි කැන්ටින් එකට ගිහින් වඩයක් කෑවා. පස්සේ අපි ගියේ ෆොටෝග්‍රැෆි ක්ලබ් එකට වෙන් කරලා තියන රූම් එකට.
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...