37

74 15 49
                                    

අනුධ වොශ් දාන අතරේ මම කුස්සියට ගියේ තනියම හිනා වෙවී.. වෙලාවකට අනුධ නොහිතා කරන දේවල් නිසා මගේ මොලේ අවුල් වෙනවා.. සේරටම හපන් අමාරු දේ තමයි මගේ අබ්ලික් මෙන්ටල් ස්ටේට් එක හංගගෙන ඉන්න එක..

මං කුස්සියට යද්දී කට්ටිය හෝ ගාලා වැඩ.. කිරි අම්මට වාඩි වෙන්න කියලා අද කුස්සිය භාරගෙන තියෙන්නේ නුගාර සර්. සිතිජ, නහයත් උඩට ඇද ඇද ලූනු වගයක් සුද්ද කරනවා. මල්ලි ලීක්ස් වගයක් කපනවා. නුගාර සර් චිකන් කපලා සෝදනවා..

"මට මොකුත් කරන්න නැද්ද?" මං එහෙම අහන ගමන් මල්ලි කපලා තිබුණ කැරට් කෑල්ලක් කටට දාගත්තා.

"මාව මිනී මරුවෙක් නොකර ඔය කැරට් කෑල්ල ආපහු දාපන්." මම දෙවෙනි කැරට් කෑල්ලත් කන්න යද්දි මල්ලි මට පිහියත් උරුක් කරලා තර්ජනේ කරා.

ඕවා එච්චර ගනන් ගත යුතු දේවල් නෙවෙයි.. මම අතට ගත්ත කැරට් කෑල්ල කාලා මල්ලිගේ ඔලුවටත් පාරක් ගහලම පොඩි පිහිය අතට ගත්තේ සිතිජට ලූනු සුද්ද කරන්න උදව් කරන්න කියලා.

නුගාර සර් චිකන් ඩෙවල් එක හදන අතරේ අනුධ කුස්සියට ආවේ මගේ ටවල් එකෙන් ඔලුවත් පිහදාන ගමන්.. මගේ ඇඳුම් ඇඳගෙන, මගේ ටවල් එකෙන් ඔලුවත් පිහදන ගමන් එයා ඇවිදගෙන එද්දී මගේ කන් දෙකත් එක්ක රත් වෙලා ගියා..

එයාට මගේ ඇඳුම් චුට්ටක් විතර ලොකුයි.. ඒත්.. එයා මාරම හුරතල් අප්පා!

මම නිකම්ද කියන්නේ දෙයියනේ..! මේකා මාව පිස්සෙක් කරනවා!

"චූටි මහත්තයා, මම ඉවරයි." අනුධ එහෙම කියලා එයාගේ නල දත් හිනාව දැම්මා.

මාත් ඉවරයි සුදූ.. උඹ හින්දා කවදා හරි මම මැරෙන්නේ මගේ හදවත පුපුරලා ගිහිල්ලා..

"ම්ම්ම්." මම සීතලම සීතල මූණක් හදාගෙන අනුධ අතින් ටවල් එක අරගෙන කාමරේට ගියේ එතනින් මිසින් වෙන්න තිබුණ ලොකු උවමනාව නිසා.

කාමරේට ආපු ගමන්ම වහපු දොරට හේත්තු වෙලා මං මගේ පපුවට අතක් තියාගත්තේ වේගෙන් හුස්ම ගන්න ගමන්.. මෙහෙම ගියොත් නම්, මගේ රහස ළඟදිම එලිවෙනවා කියන්න විතරයි මං දන්නේ..

මං බාතෲම් එකට පැනලා යුනිෆෝර්ම් එක පිටින්ම ශවර් එකට ඔලුව ඇල්ලුවා.. සීතල වතුරත් එක්ක ටික ටික මාව සන්සුන් වෙලා යද්දී මම ඇඳුම් ටික අයින් කරලා නාගත්තා..

කහ පාට පිටුWhere stories live. Discover now