32

73 16 43
                                    

අපි කුරුණෑගල ටවුන් එකට එනකොට දහය පහු උනා විතරයි..

අනුධගේ හොරගල් ඇහිලිල්ල නුගාර සර්ට දෙතුන් පාරක්ම මීටර් උනත්, එයා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ කියලයි මට හිතුනේ. හැබැයි අපි බබල් ටී බොන්න කියලා ආපු පොඩි කැෆේ එක ඉස්සරහ කලු පාට මොන්ටෙරෝ එකක් නතර කරද්දී නම් නුගාර සර් ටිකක් කලබල උනා.

අපි කවුරුත් මීට කලින් බබල් ටී බීලා තිබුණේ නෑ. අනුධ තමා පැනලා කිව්වේ කූල් ප්ලැනට් එක ගාව තියන පොඩි කැෆේ එකේ බබල් ටී තියනවා, ඒවා රහයි, බීලා බලමු කියලා. එයාගේ කපටි ප්ලෑන් එක ගැන දැනගෙන හිටියේ මම විතරයි. ඉතින් අපි කට්ටිය කැෆේ එකට ඇවිත් හොඳට පාර පේන පොට් එකක් අල්ලගෙන වාඩි උනා. කලු පාට මොන්ටෙරෝ එක ඇවිත් නතර කරද්දී අනුධ මට පයින් පාරක් ගැහුවට ඒක ගිහින් වැදුනේ අපේ මල්ලිගේ. පස්සේ උන් දෙන්නා මේසේ යටින් පයින් ගහගන්න පටන් ගත්තා. ඒක නතර උනේ නුගාර සර් ඒ දෙන්නට සැර කරාට පස්සේ.

"මොනාද බං මේකේ මේ කලවැදි බෙටි වගේ තියෙන්නේ?" මල්ලි බබල් ටී එක ඇතුලේ තිබුණ මොනාද මන්දා බෝල වගයක් බටේ ඇනලා එළියට අරන් ඇහුවා.

"ඊව් ගොඩයා! ඕවට කියන්නේ බොබා පර්ලස් කියලා ගම් බයියෝ." අනුධ කටත් ඇද කරලා එහෙම කියද්දී මල්ලි අර බෝලයක් අරන් කාලා බැලුවා.

"මට එහෙම අමුතු රහක් එන්නේ නෑනේ.." මල්ලි හෙන අවධානෙන් බොබා පර්ලස් ද මොනාද ඒවා හපන ගමන් කිව්වා.

"උඹ දත් මැද්දේ නෑනේ උදේට. ඒකයි ඒ." අනුධ එහෙම කියලා අපි ඕර්ඩර් කරපු චොක්ලට් කේක් කෑල්ලෙන් ටිකක් හැන්දකට අරන් කෑවා.

"හා බෙටි වගේ ලයින් එකකුත් තියනවා.. උඹට ශුවර්ද අනුධ මේවා කන්න පුලුවන් කියලා?" ඒ ප්‍රශ්නේ ඇහුවේ සිතිජ.

"තෝත් ඉතින් ගොඩයා වෙන්න හදනවනේ! යකෝ කන්න බැරි ලබ්බක් මේකට දාලා දෙන්න මේ මිනිස්සුන්ට පිස්සු කියලා හිතුවද?" අනුධ චොක්ලට් කේක් කාපු හැන්දත් දික් කරලා සිතිජට කියද්දී මමත් බොබා පර්ල් එකක් හපලා බැලුවා.

මටත් එහෙම විශේෂ රහක් නම් ආවේ නෑ හැබැයි..

ඔය අතරේ දේශාල්‍ය අයියා කැෆේ එකේ දොර ඇරගෙන ඇතුලට එද්දී නුගාර සර්ට බබල් ටී එක හිර වෙලා බොබා පර්ල් එකක් නහයෙන් ආවා.

කහ පාට පිටුWhere stories live. Discover now