13

61 12 26
                                    

අපි කුරුණෑගල ඇවිත් සති තුනක් ගෙවිලා ගියේ හරි ඉක්මනට..

පලවෙනි සතියෙම මායි මල්ලියි ගම වටේම ඇවිද්දේ නුගාර සර්, සිතිජ, අනුධ තුන් දෙනත් එක්ක. වෙලාවකට වැවට පැනලා නානවා. වෙලාවකට ගමේ තව කොල්ලෝ සෙට් එකක් එක්ක වෙලේ එල්ලේ ගහනවා. මං සෙල්ලම් කරන්න එච්චරම කැමති උනේ නැතත් අනුධ මාව උස්සගෙන හරි යන නිසා මාත් එල්ලේ ගහන්න ගියා. පූස් පැටව් බලන්න නම් අපි හැමදාම වගේ යනවා. ඉස්කෝලෙට යන පාරෙනේ එයාලා ඉන්නේ..

ඉස්කෝලේ සතියට දවස් හතරක් හවස් වරු වල පංති දාලා තිබුණා. හවස දෙකේ ඉඳන් හතර වෙනකම් පැය දෙකක් පංති තියනවා. සඳුදයි, අඟහරුවාදයි දවස් දෙක තියෙන්නේ නුගාර සර්ගේ බයෝ පංතිය. බ්‍රහස්පතින්දා හවස සයුරි මිස් කෙමිස්ට්‍රි කරනවා, සිකුරාදට දසුනි මිස් ෆිසික්ස් කරනවා. සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ උදේ වරුවේ ටියුශන් ක්ලාස් දෙකකුත් වැටුනා. මායි මල්ලියි ටියුශන් කියලා ගියේ කෙමිස්ට්‍රි වලටයි, ෆිසික්ස් වලටයි විතරයි. නුගාර සර් සුපිරියටම ඉස්කෝලේ බයෝ ටික උගන්නනවා. ඒ සබ්ජෙක්ට් එකට ආයේ ටියුශන් ඕනේ නෑ ඉතින්.. සයුරි මිස් හොඳට උගන්නනවා උනාට, එයාගේ කටහඬ අපේ පෝළිමට ඇහෙන්නේ නෑ. දසුනි මිස් තියරිය මරුවට කියලා දුන්නට, ගානක් හදන්න ගියාම මිසුයි අපියි සේරමලා ගානේ එරෙනවා. ඒකයි අපි ඒ සබ්ජෙක්ට් දෙකට ටියුශන් යන්න හිතුවේ..

එදා පළවෙනි දවසේ මට ඇහැක් ගහපු කොල්ලා බලන් ගියාම අනුධගෙයි, සිතිජගෙයි ළඟම යාලුවෙක්. ඒ තුන් දෙනා ඕලෙවල් වල එකම පංතියේ ඉඳලා තියෙන්නේ. ඒ කොල්ලගේ නම ගගන සංකේත්. කට්ටිය ඌට කතා කරන්නේ සංකේත් කියලා. ඒකා ඇවිල්ලා අමුතුම ජාතියේ එකෙක්. අනිත් කොල්ලෝ වගේ උඹ, බං බොලන් කියලා කතා කරනවා මට නම් ඇහිලම නෑ. අනික ඌ කතා කරන විදිහට අපිට හිතෙන්නෙම ඌ අපිට ලයින් කියලා. පස්සේ අනුධ තමා මට කිව්වේ ඒ උගේ හැටි කියලා. ඒකා කෙමිස්ට්‍රි පංතියෙදි කරන්නේ නිසදැස් ලියන එක. ඊට පස්සේ ඌට ඉස්සරහින්ම ඉඳන් ඉන්න මගේ පුටුවට තට්ටුවක් දාලා මට නිසදැස පෙන්නනවා. ඇත්තටම ඌට ලස්සනට වචන ගලපන්න නම් පුලුවන්. ඌගේ අදහස් උනත් හරි අමුතුයි.. මං සමහර වෙලාවට සංකේත් ලියලා එවන නිසදැස් වල වචන එහෙ මෙහෙ කරලා ආපහු යවනවා. කෙමිස්ට්‍රි පංතියෙදි වැඩි හරියක් වෙන්නේ ඕක තමයි..

කහ පාට පිටුWhere stories live. Discover now