"මෙතන මේ ගානේ අහලා තියෙන විදිහට, උපරිම උස කීයද කියලා හොයාගන්න අපිට ගන්න වෙන්නේ වී වර්ගය සමානයි, යූ වර්ගය ධන දෙකයි ඒ එස් කියන සමීකරණය. මුලින්ම මං ඇඳපු මේ රූප සටහන දිහා බලන්නකෝ.." දසුනි මිස් ගාණ පැහැදිලි කරන ගමන් බෝඩ් එකේ ඇඳපු රූප සටහන මෙලෝ තේරුමක් නැතුව මං එහෙම්ම පොතේ ඇඳගත්තා.
පාඩමට අවධානය දෙන්න තරම් මගේ හිතට නිදහසක් නෑ.. මං ආසම කරන අර තද කලු පාට ඇස් වල පිරුණු අමුතු විදිහේ වේදනාව සැරින් සැරේට මතක් වෙනකොට, මට මටම කනට ගහගන්න හිතුනා.. ඇයි මං එහෙම විකාරයක් කරේ..?
පහුගිය දවස් කීපය පුරාම මගේ පස්සෙන් වැටිලා මාව යාලු කරගත්ත, රටේ නැති කතා කියව කියව මාත් එක්ක ගම වටේ ඇවිදපු, මගේ නිහඬ ගති ගුණ ගැන ගානක්වත් නැතුව මාත් එක්ක කියවපු.. ඒ කොල්ලට එහෙම කරන්න වටින්නේ නෑ නේද මට..
පොතේ ඇඳපු රූප සටහන ගාවින්, කුරුටුබලි අකුරු වලින් එයාගේ නම මම විසි තිස් වතාවක් ලියලා තිබුණා.. ටික වෙලාවකින් මුලු පුටුව පුරාම මගේ අතින් අනුධගේ නම ලියවිලා තිබුණේ හරියට මෙලෝ තේරුමක් නොදැන ඇඳපු රූප සටහනට විහිලු කරන්න වගේ..
මම පෑන අහකට අරන් ක්ලිප් එක ගහලා ඔලුව තියාගත්තා..
මම හිතුවට වඩා ඒ ඇස් වල මතු වෙන හැඟීම් මාව නොසන්සුන් කරනවා කියලා මං හරියටම තේරුම් ගත්තේ අද..
එකාමාරට බෙල් එක ගහලා ගාථා කියනකම් මට ඉවසිල්ලක් තිබුණේ නෑ. ඒත් එහෙමයි කියලා කඩාගෙන බිඳගෙන ආර්ට් එකට යන්න කියලද ඉතින්.. ඒක කරන්නත් බැරි නිසා මම ඉවසගෙන හිටියා. කොහොමත් නුගාර සර්ත් එක්ක තමා අනුධ එන්නේ. ඊයේ කියපු විදිහට අපිට ඒ දෙන්නා එනකම් පොඩි ග්‍රවුන්ඩ් එකේ ගහක් යටට වෙලා ඉන්න වෙනවා.
"මොකද තදියම?" මල්ලි ඇහුවේ අපි ඒලෙවල් සෙක්ශන් එකේ ඉඳන් පොඩි ග්‍රවුන්ඩ් එක පැත්තට යන අතරේ.
කාගෙන් මගේ හිතේ තියන දේවල් හැංගුවත්, මේකාගෙන් ඒවා හංගන්න අමාරු එක නම් වෙලාවකට මාව සෑහෙන අසරණ කරවනවා..
"...එහෙම එක්ක නෑ.." මං කිව්වා.
"නැත්තේ නෑ. උඹ ෆිසික්ස් පීරියඩ් දෙකේ චලිත ගනන් හදන එක කෙසේ වෙතත්, චීත්ත මෝස්තර නම් ඇන්ඳා කියන්න නම් මං දැක්කා." මල්ලි කියද්දී මම බිම බලගෙන ඇවිදගෙන ආවා.
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...