මං ජීවිතේ පලවෙනි වතාවට මේ බයික් එකක යන්නේ.. අනුධට බයික් එක හොඳට හුරුයි. වේගෙන් ගියත් එයා පරිස්සෙන් තමා බයික් එක අරන් ගියේ.. එයා ගම වටේම මාව රවුමක් එක්කගෙන ගියා. ඉඳලා හිටලා හම්බෙන ලස්සන තැන් වල එයා බයික් එක නතර කරනවා.. එක්කෝ අපි කැලෑ මල් එකතු කරනවා..නැත්තම් බයික් එකට හේත්තු වෙලා මොනා හරි කියවනවා..
ඒක හරි ලස්සන අත්දැකීමක්..
"මං යන්නම් එහෙනම්.." මං කිව්වේ මහ ගෙදරට හැරෙන ගුරු පාර ගාවින් බයික් එකෙන් බැස්සට පස්සේ.
"චූටි මහත්තයා කැමතිද බයික් රයිඩ් එකට?" අනුධ ඇහුවේ මං දාගෙන හිටපු හෙල්මට් එකේ බකල් එක පන්නන ගමන්.
"හුඟක් කැමතියි.."
"එහෙනම්.. මම ඉක්මනට ලයිසන් ගන්න ඕනේ. පස්සේ චූටි මහත්තයවත් දාගෙන යන්න පුලුවන් රට වටේම! එනවා නේහ්?" අනුධ, මගේ හෙල්මට් එක ගලවලා එයාගේ අතට ගන්න ගමන් ඇහුවා.
මම එයාගේ හෙල්මට් එකට හෙමින් තට්ටුවක් දැම්මා..
"ම්ම්ම්ම්.. මං එන්නම්.." මං එයාට පොරොන්දු උනා.
"ගෙදර යන්න එහෙනම්.." අනුධ කිව්වේ මගේ කම්මුලක් හෙමින් අදින ගමන්.
මම ගුරු පාරෙන් හැරිලා ගෙදර ගියේ අනුධ බයික් එකත් එක්ක නොපෙනී ගියාට පස්සේ..
...
සතියක කාලයක් ගෙවිලා ගියේ හරි ඉක්මනට.. ඊට පස්සේ සතියේ ඉස්කෝලේ පටන් ගන්න නිසා, මම මල්ලිවත් අල්ලගෙන කලින් පාඩම් ටික ආපහු සැරයක් බැලුවා. නැත්තම් අගෝස්තු නිවාඩුවට පස්සේ උනා වගේ මෙලෝ දෙයක් මතක නැතුව තමයි ඉස්කෝලේ යන්න වෙන්නේ.. ඊට අමතරව මම ගෙදරින් උස්සන් ආපු පොත් වගයක් කියෙව්වා.. මේ දවස් වල කුඹුරු වැඩ නිසා එල්ලේ ගහන්න සෙට් වෙන්න උනේ නෑ.. ඉඳලා හිටලා වැටෙන වැස්සත් එක්ක ක්‍රිකට් මැච් එහෙමත් මැදදි නතර කරන්න උනා..
සෙනසුරාදා උදේ අපි පුරුදු විදිහට ක්ලාස් ගියා.. පැය හතරක් ඉඳගෙන ඉන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. මල්ලි නම් වෙලාවකට නිදි හොඳටම. කෑල්ලක් ගැලවිලා එන සයිස් එකට කෙනිත්තුවම තමා ඒකා ඇහැරෙන්නේ. නැත්තම් පැය හතරම උනත් නිදාගනියි..
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...