"මං සෙනරත් සර් එක්කත් මේ ගැන කතා කරා.. සර් කිව්වා පොලිසියට ගිහින් කතා කරමු කියලා. මේ දරුවා තාම ඉස්කෝලේ යන වයසේ නිසා අපිට පුලුවන් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න ඔයාගේ ගුරුවරු විදිහට. ඔයා මගේ ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවෙක් නොවෙන නිසා සෙනරත් සර් වැඩිපුර වගකීම ගන්නවා කියලා කිව්වා. මේ දරුවා බය නොවී ඉන්න.." තාත්තා අදිති අක්කට කියද්දී මල්ලිගේ මූණට යන්තම් සැනසීමක් ආවා.
"දුව ඔයාට මේ ගැන කලින් කතා කරන්න තිබ්බා ඔයාගේ ගුරුවරු එක්ක.. ඇයි මෙච්චර කාලයක් ඉවසගෙන හිටියේ..?" අම්මා අදිති අක්කගේ ඔලුව අත ගාලා අහනකොට එයා අහිංසක විදිහට හිනා උනා.
"මං පොඩි කාලේ, එයාලා මාව ගොඩක් ආදරෙන් බලාගත්තා ආන්ටි.. මට පවුලක් නැති වෙද්දි, මට පවුල උනේ ඒ දෙන්නා.. ඉතින් මං කොහොමද.." අදිති අක්කා එයාගේ වචන මගින් නතර කරා.
"එහෙම කියලා දුව, එයාලට බෑ එයාලගේ වගකීම් පැහැර හරින්න. එයාලා ඔයාව භාරගත්තේ ඒ දේවල් හරියට ඉෂ්ට කරනවා කියන පොරොන්දුවත් එක්ක. ඔයා තාම ළමයෙක්.. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එයාලට අයිතියක් නෑ." තාත්තා පැහැදිලි කරලා කියද්දී අදිති අක්කා ලාවට ඔලුව වැනුවා.
"තව ටිකකින් සෙනරත් සර් එනවා කිව්වා. තමුසේ සර්ට උත්තර බදින්න ලෑස්ති වෙලා හිටියොත් හොඳයි තිසාක්‍ය!" තාත්තා එහෙම කියලා මල්ලිට ඔරවලා නැගිටලා යන්න ගියා.
සෙනරත් සර් කියන්නේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්.. අපේ තාත්තගේ ළඟම යාලුවෙක්.
"පිනා මාව කයි අද.." මල්ලි ඔලුවේ අත ගහගෙන කුටු කුටු ගාද්දි අම්මා උගේ ඔලුවට ගැහුවේ ටිකක් රිදෙන්න.
"පිනා පිනා ගන්නේ කාටද චූටි පුතේ?! අනේ මන්දා, තාත්තත් ප්‍රින්සිපල් කෙනෙක් වෙලා මේකා තාම දන්නේ නෑ ඒ මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න!" අම්මා මල්ලිට දෙහි කපන අතරේ මං සෝෆා එකෙන් නැගිට්ටේ කුස්සියට යන්න.
ගෙදරට ආවත් හරි අදිති අක්කට වතුර ටිකක්වත් දුන්නේ නෑ මං හිතන්නේ..
"අක්කේ, ඔයාට තේ එකක් හදන්නද? කෑම කාලා නෑ නේද උදේටවත්?" මං අදිති අක්කගෙන් අහද්දි එයා ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බැලුවා.
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...