නුගාර සර්ගේ මූඩ් එක පැයක් විතර යනකම් සවුත්තු පාටට තිබුණා. පස්සේ තමා ටික ටික හරි ගියේ. අපි දවල්ට කන ටයිම් එකට හරියටම ගෙදර ආවේ උදේ ගෙදරින් පිටත් වෙද්දී කඩ කෑම කන්න එපා කියලා කිරි අම්මා කරපු තර්ජනේ නිසා. අපි ගෙදර එද්දී එයා හැමෝටම කෑම හදලා තිබුණා. බතුත් කාලා, කෙසෙක් ඇවරියකුත් ඉවර කරලා අපි පස් දෙනා ඉස්තෝප්පුවට ගොඩ වෙන පඩි පෙලේ තැන් තැන් වල වැටිලා හිටියේ කාලා වැඩි වෙලා..
"ළමයි එන්න බිස්කට් පුඩින් කන්න!" කිරි අම්මා ගේ ඇතුලේ ඉඳන් කතා කරද්දී කාලා වැඩි වෙලා වැටිලා උන්නු අපි සනික නැගිටලා ගෙට දිව්වා.
අපි යනකොට කිරි අම්මා ලොකු පුඩින් භාජනේ ෆ්රිජ් එකෙන් එළියට අරන් කෑම මේසේ උඩින් තියලා තිබුණා. අපි පස් දෙනා කෝප්ප අරන් පෝළිමට ගිහින් පුඩින් බෙදාගෙන සාලෙට ආවා. මං දිග පුටුවේ වාඩි වෙද්දී, නුගාර සර් තනි පුටුවක වාඩි උනා. සිතිජ අනිත් තනි පුටුවේ ඇදේට ඉඳගත්තා. මල්ලි ටීවී එක ඔන් කරලා ඇවිත් දිග පුටුව ගාව බිමින් වාඩි උනේ මගේ කකුලට හේත්තු වෙලා. ඊට පස්සේ කුස්සියේ ඉඳන් මතු වෙච්ච අනුධ මගේ අනිත් කකුලට හේත්තු වෙලා බිමින් වාඩි උනා.
ටීවී එකේ සිංහල ෆිල්ම් එකක් යනවා..
මම ෆිල්ම් බලන්න වැඩිය ආස නෑ.. ඉඳලා හිටලා කාටුන් එකක් බැලුවොත් ඇරෙන්න මං ටීවී බලන්නෙත් නෑ ගොඩක් වෙලාවට..
මල්ලියි, අනුධයි දෙන්නා මගේ කකුල් දෙකට හේත්තු වෙලා කටත් ඇරගෙන ෆිල්ම් එක බලනවා. නුගාර සර්රුත් ඇස් දෙක ලොකු කරන්, හේමාල් රණසිංහ කාටද මන්දා තඩි බාන සීන් එක බලනවා. සිතිජ පුඩිම කාලා ඉවර වෙලා පුටු ඇන්දටම හේත්තු වෙලා නිදි..
"මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්!" ෆිල්ම් එක අස්සෙන් එක පාරටම බ්රේක්න් නිවුස් එකක් යද්දී මාත් ටීවී එක දිහා බැලුවා.
"මීට සුලු මොහොතකට පෙර, නාවල ප්රධාන මං සන්ධියකදී සිදු වූ වෙඩි තැබීමකින්, කොළඹ ප්රාදේශීය සභා මන්ත්රී වරයෙක් වූ නිශ්ශංක ආරියරත්න මහතා ඝාතනය වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිනි වෙඩික්කරු, ඉතා සූක්ෂම ලෙස ඝාතනය සිදු කොට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන අතර, වෙඩික්කරු කවුරුන්ද යන්න තවමත් හඳුනාගෙන නැහැ..."
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...