සූකිරී පුළුන් 19😋
නිම්න එක්ක තරහා වෙලා හිතුමනාපෙ දමලා ගහලා ගිය අයේෂ්ව බලහත්කාරෙන් ත්රීවිල් එකට දාගන්න එක ප්රජා මැඩම් දැක්කට පස්සෙ, ඒක වර්චස් කරගන්නෙ නැතුව බේරගන්න නිම්නට පුළුවන් උනෙ තව ලකුණු ටිකකුත් දාගෙනමනෙ... ඉතින් ඔන්න තීවිල් එකේ නිම්නලගෙ ගෙවල් ගාව හන්දියට යනකම්ම අයේෂ් එහෙන් මෙහෙන් නිම්නට බැන බැන අතින් ඇන ඇන තරහා පිරිමහගෙන තමා ගියෙ.
" හෝව් හෝව්ව් හෝව්ව්...ඔය ඉස්සරහා නුග ගහ ගාවින් අපිව දාන්න"
අයේෂ් නිම්න එහෙම කියනකොට රවලා වගේ බැලුවෙ එයගෙන් අහන්නෙවත් නැතුව හැම පොඩි දෙයක්ම තීරණය කරන ගානට නිම්න එයාව පාලනයට අරගන වගේ හැඟීමකින්. ත්රීවිල් එකෙන් බැහැලා නිම්නම සල්ලි ගෙව්වට පස්සෙ, ත්රීවිල් එක ආපහු හරවලා යනකන් අයේෂ් බලන් උන්නෙ නිම්නට දෙකක් කතා කරන්න.
" ඈ බොල පොලොස් කොට්ටෝරුවො.... තමුසෙට ඕන තැනදි වීල් එකට නගින්නයි, තමුසෙට ඕන තැනදි බහින්නයි.. හැම තීරණයක්ම් මගෙන් නාහ උඹ තනියම ගන්නෙ කොහොමද ? මාර වැඩක් උනානේ මේක"
" මං තමා ඔයාගෙ බාරකාරයා...ඇයි දැක්කෙ නැද්ද ...මැඩම් මට ඔයාව බාරදීලා යනවා"
" දැක්කා දැක්කා.. අම්මිලා දන්නවනම් තොගෙ ඔය බොරුකාර රගපෑම ගහලා පන්නන්නෙ ඔෆිස් එකෙනුත්... "
" බොරුකාර හැසිරීම් තියෙන්නෙ බොරුකාරයො ගාවදි විතරයි මිස්ටර් කිරි ඉද්ද"
" කිරි ඉද්ද? කිරි ඉද්ද නෙමේ මං කැ* ද්ද... තෝ තාම මගෙ කැ* කම දැක්කෙ නෑ හරියට.. බලාගෙන ඉඳපන්කො"
" නිම්න කියන්නෙ ඔය කාගෙ කාගෙත් වැඩවලට ඒ සෑම්පලෙන් උත්තර දෙන කොල්ලෙක් හරී.. ඔයා එන්නෙ ඒ සෑම්පලෙන් නම්... අපි ඒ විදිහට බලාගම්මු... හැබැයි බය හිතෙන්නෙ නම් නෑ ඔහොම තර්ජනය කළාට...මොකද කියන්නෙ..මැඩම්ට කියන්නද සාක්කුවෙ තිබිලා කොන්ඩම් එකක් හම්බුනා කියලා"
" අනේ යකෝ...තෝ නම් මොන නයි බිත්තර කෙහ්ව්ල්කන් පුඩිමෙක්ද මන්දා... උඹ මට අපේ අම්මිගෙ මූන බලන්නත් බැරි කරන්නද හදන්නෙ... අපේ අම්මිත් මේකගෙ හැම කෙබරෙම විශ්වාස කරනවනෙ අම්මපා.."
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...