සූකිරී පුළුන් 20 😋
නිම්න අයේෂ්ව එක්කගෙන ධනුද්දර ගෙ ස්ටූඩියෝ එකට ගියාට පස්සෙ, අයේෂුයි ධනුද්දර යි දෙන්නා අතරෙ හිත්වල පොඩි ඉරිසියාවක් දෙන්නා වෙනුවෙන් ම හටගත්තා. දෙන්නම හිතුවෙ නිම්න කැමති තමන්ට නෙමෙයි අනික් කෙනාට කියන එක. අයේෂ් නිම්නට කොච්චර කැමැත්තෙන් උන්නත් ඒක නිම්නට කිසිම වෙලාවක කිවෙ නෑ. හැබැයි නිම්නට අයේෂ් කැමති විත්තිය නිම්නට තේරුනා දවස් ගානක් ඇතුලෙ වෙච්ච දේවල් එක්ක.
ධනුද්දර කියන්නෙ සෑහෙන කාලෙක ඉඳන් නිම්නට කිට්ටු වෙන්න උත්සහා කරපු කෙනෙක්. ඒත් නිම්න කිසිම වෙලාවක ධනුද්දර ට බලාපොරොත්තු දෙන විදිහට හැසිරිලා තිබ්බෙ නෑ. ඒ හැම එකම ධනුද්දර විසින්ම හිතින් ඇතිකරගත්ත දේවල්. ධනුද්දර ගෙ හිතේ නිම්න වෙනුවෙන් තිබ්බ කැමැත්ත ධනුද්දර කෙලින්ම නිම්නට කියලා තිබ්බත් නිම්න ඒ හැම එකකින්ම මගෑරියෙ කොච්චර කොහොම උනත් ධනුද්දර ව එයාගෙ හිතට දැනුනෙ නැති කමට.
සින්දුවත් එක්ක, ඒකෙ වචනවල තිබ්බ තේරුම් එක්ක දෙන්නෙක් නෙමෙයි තුන් දෙනාම හිත්වලින් එකිනෙකා ගැන මහ ලොකු හැඟීම් සමුදායක්ම හිතන්න පටන් අරන් තිබ්බා. ඒ හැඟීම් කොච්චර අවුල්සහගත ද කියලා කියනවනම් එක තැනකදි නිම්නට දැනුනා ඒ දෙන්නට දෙන්නා මුන ගැස්සුවෙ අපරාදෙ කියලා. නිම්නට ඕන උනේ අයේෂ්ගෙ ආසාව වෙනුවෙන් දෙයක් කරන්න විතරයි. ඒත් ඒක ඒ විදිහට ප්රකාෂ නොකළ යුද්ධයක් වෙයි කියලා නිම්නට හීනෙකින්වත් හිතුනෙ නෑ.
සින්දුව ඉවර වෙනවත් එක්කම හැම දේම තේරිලත් මොකුත් ම නොතේරුන ගානට නිම්න හිනාවෙලා අත්පුඩියක් ගැහුවා..
" වාහ් වහ් වහ්හ්... අනේ මාරම ලස්සනයි අප්පා...කොන්සට් එකක් බලන්න ගියා වගේ"
ධනූ ඩ්රම් එක ගාවින් නැගිටලා ගලවලා දාලා තිබ්බ කොන්ඩෙ ගැටගහගන්න ගමන් නිම්න කිට්ටුවට ආවෙ ඒ කිට්ටුව තිබ්බ මේසෙ උඩ තිබ්බ වතුර බෝතලේ ගන්න. ගත්තට ඒකෙ වතුර තිබ්බෙ නෑ උගුරක්වත්. අයේෂ්ට ඕන වෙලා තිබුනා කලින් එයා පෙන්නපු මාන්නක්කාර හැසිරීමෙන් එහාට යන්න. ඉතින් අයේෂ් හිතුවා ඒකට ඒ වෙලාව හොඳ වෙලාවක් කියලා. අයේෂ් ගිටාර් එක ගලවලා තිබ්බ තැනින් තියලා දෙන්නගෙ කතාව මැදට ආවා..
![](https://img.wattpad.com/cover/379425417-288-k158393.jpg)
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...