සූකිරි පුළුන් 22

96 18 1
                                    

සූකිරි පුළුන්  22 😋

නිකමට හිතලා බලන්නකො... කොන්ක්‍රීට් පාරක ඩක ඩක ගගා යන ලෑන්ඩ් මාස්ටරේක දෙපැත්තට වෙලා ඇඹුල් පේර කකා යන කොල්ලො දෙන්නෙක්. බැලූ බැල්මට එච්චරයි තමයි. ඒත් උන් දෙන්නගෙ හිත්වල උන් දෙන්න ගැන තිබ්බෙ ඒ දෙන්නාවත් තේරුම් නොගත්ත, එකිනෙකාට කියානිගත්ත හැඟීම්වල කිතිකැවිල්ලක්. ඉතින් ඒ හැම ඉරියව්වක්ම හරිලස්සනයි...

නිම්න ඔහේ අයේෂ් දිහා බලන් හිටියා. ඒ වෙලාවට අයේෂ් බොරුවට ඌට රැව්වා. පස්සෙ නිම්න තරහෙන් වගේ මූන අනික් අතට හරවගන්නවා. ඊටපස්සෙ අයේෂ් අතේ තියෙන ඇඹුල් පේරෙකින් දමලා ගහනවා. මහ ලොකුවට රිදුන් නැත්තත් හෙනටම රිදුනා වගේ එතන අත ගගා නිම්න අයේෂ්ට රවනවා. ඒක බලන් ඉන්න හරි ලස්සන දර්ශනයක්. එක වචනයක්වත් පිට නොකරපු ලස්සන හැඟීම් ප්‍රකාශනයක්.

නුග ගහ ගාවින් ලෑන්ඩ් මාස්ටර් එක නතර කරවගෙන දෙන්නා බැස්සා. නිම්න ඒකෙ අයියට පිටට තට්ටුවක් දාලා යන්නම් කියල අයේෂ් දිහාට හැරුනා. අයේෂ් නිම්නව ගනන් නොගෙන ගිහින් නුග ගහ ගාව හිටිය තාත්තා එක්ක ටිකක් කියෙව්වා. නිම්න ගිහින් සූකිරි පුලුන් එකකුත් හදලා අයේෂ්ට නොදී කන්න පටන් ගත්තෙ ලොකුකම් දාගෙන එනවනම් මටත් ඒ සෑම්පලෙන් ලොකුකම් දාන්න පුළුවන් කියලා කියන්න වගේ.

" ඒ මටත් ඕනේ"

" ඔන්නම් අරගෙන කන එකනෙ ඉතින්..මගෙන් ඉල්ලන්නෙ"

"තාත්තට වැඩිය බිල් නොදා ඕක දෙනවා මෙහාට"

පොඩි එකෙක් වගේ උදුරලා ඒක අරගෙන අයේෂ් කන්න පටන් ගත්ත විදිහට නිම්නගෙ තාත්තටත් හිනා. අයේෂ් ඒක කනකොට සූකිරි පුලුන් කෑලි අයේෂ්ගෙ රැවුලෙ තැන් තැන්වල ගෑවිලා හරිම විකාරරූපී ළමා පෙනුමක් එයාට ඇවිල්ලා තිබ්බා. නිම්න හෙමින් සීරුවෙ ෆෝන් එක අරගෙන ඒ මෝඩ පෙනුමෙ ෆොටෝ කීපයක්ම ගහගත්තා. එයාගෙ ෆොටෝ ගහනවා කියලා දැක්කම අයේෂ් බොරුවට ෆොටෝ එකට රැව්වා..

ඒ සමයන් වල කෙලවරක් නෑ ඉතින්. කොහොමින් කොහොම හරි සෑහෙන වෙලා තුන් දෙනා එක්ක කියෝ කියෝ හිටියා. අයේෂ් යන්න නැගිට්ටෙ නිම්නගෙන් ප්‍රශ්නයක් අහගෙන..

සූකිරි පුළුන්Where stories live. Discover now