🏍️37

1.1K 136 89
                                    

" හෙලෝ වේතයා.. උඹ ගියාද.. "

ඉස්කෝලේ ඇරිලා ඇවිත් දවසම රූම් එකට වෙලා හිටිය යාෂ් එලියට ආවේ රෑ කෑමට. ආග්‍රව් දැන්ම කන්න බෑ කිව්ව නිසා රෑ කෑම මේසෙට වාඩි උනේ අනුජයි යාෂුයි විතරයි. යාෂ් සද්ද නැතුව කැම එක බෙදාගෙන කන්න ගද්දී අනුජ එයාගේ ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තේ වේත්ට. යාෂ් කෑම දිහා බලාගෙන හිටියත් වේත්ගේ නම ඇහුනම ලාවට වගේ ඔළුව උස්සලා බලලා අනුජ එයාගේ දිහා බලන් ඉන්නවා දැක්ක නිසා ආයෙත් කෑම එක දිහා බලන් කන්න ගත්තා..

" මං මැසේජ් එකක් දැම්මේ බං ඊයේ රෑම ආවා කියලා.. කෝ මගේ ඉරිසියාකාරයා..  "

" අහ් හිමත් වැටෙනවද බං. අයිෆල් කුළුණ උස්සන් ඉන්නවා වගේ ෆොටෝ එකක් දාපන්.. "

" උඹ ගුලි කාලද ඉන්නේ.. මොන හිමද.. අහ් සුදූ ලඟද.. "

" ඔව් ඔව් බං. මං මේ බත් කන ගමන්. උඹත් මෙහෙ ඉන්නකන් උපාසකයා වගේ ඉදලා ඔහේ ගිය ගමන් සුද්දියෝ එක්ක ක්ලබ් ගානේ රිංගන්න ගියානේ.. ඉඳපන් මං උඹලගේ අම්මට කියන්න. පුළුවන්නම් ආය ලංකාවට එද්දී සුද්දියෙක් එක්ක ළමෙකුත් උස්සන් වරෙන්කෝ.. බයික් විතරක් පැදපන් වෙන ඒවා පදින්නැතිව.. "

" යකෝ.. උඹ ඇවිස්සුවට විඳවන්න ඕන මම.. ආව ගමන් හෙමල්මට් එකකින් කෙළලා අරීද දන්නෑ.. ඕකට හිටපු ගමන් ට්‍රැක පනිනවා ලෙසටම ඒ නිසා කටවහන් ඉදපන්.. "

" මෙහෙමවත් ට්‍රයි එකක් දෙන්න ඕන බං.. ඉදපන් මං උඹේ කෙල්ලටත් කියන්න.. එතකොට එන්නැතැ උඹව හොයන් ඔහේ.. මොකො සල්ලි වලින් ප්‍රශ්න කියලද කෙල්ලට.. "

" ෂේප් එකේ විඩියෝ ඔන් කරපන්කෝ මූණ බලා ගන්න.. "

" කෙල්ලට විතරක් නෙවෙයි උඹටත් දැනෙන්න ඕන කෙල්ල නැති පාළුව.. කොහොමද අවුරුදු තුන හතරක් නොදැකපු මූණක් දකිද්දි දැනෙන සතුට.. "

" ඒ සතුට මට ඕන නෑ... ඔන්න ඕක ඔන් කරපන් බං "

" ආහා උඹ එහෙනම් එන්ජෝයී කරපන් කෝ මං තියන්නම්.. එල එල ටීක් ටීක්.. මූ ක්ලබ් අස්සෙත් රිංගන්න ගිහින්නේ ඒ ටිකට..  "

අනුජ කතා කර කර හිටිය කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා මේසෙ උඩ තියලා කන්න පටන්ගත්තේ වේත් ආය කෝල් එක ගන්නවා කියල දන්න නිසා.

RaCe || සිංහල BL Story || Ongoing Where stories live. Discover now