🏍️38

1.1K 143 116
                                    


බදාදත් උදේම්ම ඉස්කෝලේ යන්න නැගිට්ට යාෂ් කේතකී එක්කවත් කතා නොකර ඕන දේවල් එයාම හොයාගෙන ලෑස්ති වෙලා ආග්‍රව් එක්ක ඉස්කෝලෙට ආවා.. හැබැයි ඉතිං අද දෙන්නා අතර එක වචනයක්වත් හුරමාරුවුනේ  නෑ.

ඉස්කෝලෙට ආව යාෂ් අළුතෙන් පත් වෙන්න ඉන්න ප්‍රිෆෙක්ට් බෝඩ් එක හරියට වැඩ ටික කරනවද කියලා චෙක් කරන් ඇවිත් නතර උනේ මේන් ගේට් එක ළඟ.. 

" ඒ... තාත්තද ප්‍රින්සිපල්.. බලනවා කොණ්ඩේ හැටි.. එන්නන් වාලේ ඉස්කෝලේ එනවා මුන්..  ලෑස්ති වෙනවා අද පතිරණ සර් ලඟට යන්න.. තමුන්ගේ බැජ් එක කෝ.. ඕපපාතිකයෙක්ද.. "

" ලොකු පිපෙට් අයියේ.. "

" ඇයි !! "

මේන් ගේට් එකෙන් එන ළමයිගේ අඩුපාඩු වලට බනින ගමන් හිටිය යාෂ්ට කතා කරේ අගිත්. හැබැයි යාෂ් අගිත් ගෙන් ඇයි කියලා අහපු විදිහට අගිත්නම් ගැස්සිලා ගියා..

" ප්-පාතී ආවද.. "

" මං දන්නෙ කොහොමද ක්ලාස් එකට ගිහින් බලනවා. "

" හා.. සොලි.. "

" ඒ අගත්.. "

" අගත් නෙමෙ අගිත්. "

යාෂ්ට බයේ ඔළුව ඔබාගෙන ක්ලාස් එක පැත්තට යනගමන් හිටිය අගිත්ට යාෂ් ආයෙත්  කතාකරේ හදිස්සියේම මොකක් හරි මතක් වෙලා..

" ඕන මඟුලක්.. උණ හොඳද දැන් "

" ඕ.. "

අගිත් ඔව් කිව්ව්ම යාෂ් ආයෙත් හැරුණේ ගේට් එක පැත්තට..

" උඹ කුඹුරක ඉදන්ද ඉස්කෝලේ එන්නේ බලපන් සපත්තු දෙකෙ හැටි... දැන් ඔය මහත්තුරු ටිකව දැම්මේ ගේට් එකෙන් එන එවුන්ට බුලත් දීලා පිළිගන්නද.. තමන්ට තියන ඩිව්ටියද ඔය කරන්නේ..  "

" යාෂ්.. මොකද බං මේ.. බලපන්කෝ උඹේ නහරත් ඉලිප්පිලා.. ඒ චෙනුක මෙතන පොඩ්ඩක් බලපන්.. යකෝ අද උන් ඩිවුටියට බැස්ස පළවෙනි දවස.. "

ගේට් එක ළඟ කෑගහන ගමන් හිටිය යාෂ් ළඟට දුවගෙන ආවේ මිගාර.. මිගාර ඇවිත් යාෂ්ව ටිකක් එහාට එක්කගෙන යන ගමන් ළමයෙක් එක්ක කතා කර කර හිටිය චෙනුකට ගේට් එක ළඟ බලන්න කිව්වා..

" අනෙ මේ ඉඳපන් බං.. ඊයේ මීටින් අරන් කරන්න තියන ඩිවුටි ඔක්කොම පැහැදිලි කරලා දුන්නනේ.. ඕක හරියට කර ගන්න බැරි තරම් මුන් පොඩි එවුන්ද.. මංම මෙතන හැම මඟුලම කරන ඕන.. අර එකෙක් බැජ් එකත් බාර දීලා ගිහින් ඒ උනාට හෙඩා උන මං දන්නෑ ඒක.. "

RaCe || සිංහල BL Story || Ongoing Donde viven las historias. Descúbrelo ahora