🏍️36

1.1K 130 52
                                    

" ඔවීන් යන්.. යන ගමන් මං බස්සන් යන්නම්.. "

අනිත් අය රෑටත් කාලම ගෙදර යන්න ඉද්දී ශේනූ හතට විතර ගෙදර යන්න ලෑස්ති උනේ දවස් දෙකක් තිස්සෙම අනුජලාගේ ගෙදර නිසා.. යාෂ්ගේ රූම් එකේ තිබ්බ එයා අරන් ආව ඇඳුම් බෑග් එකයි හෙල්මට් එකයි අරගෙන ශේනූ රූම් එකෙන් එළියට ආවේ කේසරටත් යන්න කතාකරන ගමන්..

" යන්නද හදන්නේ.. "

" ඔව් උඹලත් දැන් යනවනේ.. "

" අපේ එවුන් කාලම යයි.. මං අපේ එකෙක් එක්ක යන්නම්.. ඔයාව අම්මා දැක්කොත් කවුද කියලා අහයි.. "

" අනාගත ලේලි කියපන්.. "

" හොඳ ගුටි පූජාවක් කන්න පුළුවන් මට. "

" වරෙන් මං මඟින් දාන්නම් උඹ ඉතුරු ටික ඇවිදන් පලයන්.. "

" කවුරු හරි දැකලා අම්මට කිව්වොත් ශේනූ.. "

" මමද කෙල්ල උඹද කෙල්ල.. නැන්දම්මත් එක්ක පවුල් කන්න වෙන්නෑ වගේ.. "

" මොකක් හරි ආරංචි උනොත් ඉවරයි ශේනූ.. අම්මගේ නීති වැඩි.. කෙල්ලෙක් වෙලා ඔයාට තියන නිදහස මට නෑ.. ගෙදර එකම ළමයා වෙන එකත් හෙන වදයක් නේ එක වෙලාවකට.. "

" බිය නොවන්න මලයණ්ඩි මතු දිනයක මා ඔබව මෑණියන්ගෙන් බේරාගන්නම්.. අම්මා බය ඇති බං උඹ නැට්ටිච්චියෙක්ට අහුවෙයි කියලා ඒක තමයි ඔච්චර පරිස්සම් කරන්නේ.. හරි එහෙනම් උඹ උඹලගේ එකෙක් එක්ක පලයන්.. මං යනවා.. "

" දැම්ම යන්නේ ඇයි.. "

" ඇයි තව ඉන්නද.. "

" ඔයාලගේ සෙට් එක තාම ගිහින් නෑනේ ඒකයි ඇහුවේ.. "

යන්න හැරුණු ශේනූගෙන් කේසර දැම්ම යන්නේ ඇයි ඇහුවම ශේනූ ආයෙත් හැරිලා කේසරගේ  ලඟටම කිට්ටු වෙද්දී කේසර ශේනූගේ නළලට ඇගිල්ලක් තියලා එයා ළඟට එන ශේනූව එහාට කරා..

" හෙට ඉස්කෝලේ යන්න ඕන ඒවා ලෑස්ති කර ගන්න ඕන බං.. දවස් දෙකක්ම ගෙදර හිටියේ නෑනේ.. මේස් හොයන්න දැල් දාන්න වෙයිද දන්නෑ.  "

" කෙල්ලෙක් නේ පිළිවෙළක් කියලා දෙයක් දන්නෑ.. "

" දැන් කෙල්ලෙක් උනාම පිළිවෙලකට ඉන්නම ඕනද.. "

RaCe || සිංහල BL Story || Ongoing Donde viven las historias. Descúbrelo ahora