S1_|Chapter 25

155 35 72
                                    

රාත්‍රී දොළහත් පසුව තිබුනා.

සාමකාමී බොස්ටන් නගරයට අකුණුත් සමග තද වැස්සක් ඇද හැලෙමින් පැවතියා.

යම් පුද්ගලයෙක් වැස්සෙ තෙමීගෙනම යම් ගොඩ නැගිල්ලකට ඇතුළු වුනා.

එය අතහැර දැමූ එකක් වුනා.ඔහු එය තුළට පැමිණ එහි දමා තිබූ යම් පෙට්ටි වගයක් ඇරලා බැලුවා.

ඒත් එක්කම කාට හෝ ඇමතුමක් ගත්ත ඔහු...

"සේරම හරි.හෙට උදේ අට වෙද්දි නිව්යෝර්ක් වලට ලැබෙයි බඩු ටික.ඔව් නවය වෙද්දි ගබාඩවට යවලා තියෙයි සේරම.අනිත් එක...ක්..."

ඒ කෙනාට ඇමතුම අතරින්ම වචන හිර වුනේ ඔහුගෙ හිසට තද වුනු යම් සීතල දෙයක් නිසයි.

ඒත් කළබලයක් නොපෙන්වා ඒ කෙනා තමන්ගෙ පිස්තෝලය අතට ගන්න උත්සාහ කළත් ඔහුට පිටුපසින් සිටි කෙනා ඊට පෙර ක්‍රියාත්මක වෙලා ඒ කෙනාගෙ හිසට වේගවත් පහරක් එල්ල කර ඔහුව බිමට ඇද දැමුවා.

ඒ වෙලාවෙ තමයි ඒ කෙනා තමන්ට පහර දුන් පුද්ගලයව දැක්කෙ.

ඔහු තනි කලු දිගු ජැකට් එකක් පැලදලා අත් වැහෙන්න කලු ග්ලවුස් දාගෙන හිටියා.ඒ වගේම ඔහු මුහුණත් ආවරණය කරළා කටු හැට් එක පැළඳගෙන හිටියා.

පෙනුමින්ම ඒ කවුද කියලා දැන ගත්ත බිම වැටී සිටින තැනැත්තා ඉක්මනින්ම තමන්ගෙ තුවක්කුව අතට ගන්න හැදුවත් ජැකට්කරු ඒකට ඉඩ නොදී ඔහුගෙ අතටත් පහර දුන්නා.

නමුත් අර පුද්ගලයා කෙළින් වෙලා ජැකට් කරුට පහර දෙන්න ගත්තා.ඔහුට අවශ්‍ය වුනේ කොහොම හරි මෙතනින් පලා යන්නයි.

අවට තිබුන දේවල් වලින් පවා ඔහු ජැකට් කරුට පහර දෙමින් බිම තිබෙන තම තුවක්කුව ගන්න ඒ දෙසට ගමන් කරන්න ගත්තා.

ඒත් ජැකට් කරුව නවත්තන එක ලේසි වුනේ නෑ.එළියෙන් ඇහෙන ගිගිරුම් හඩයි,දැඩි වර්ශාවෙ හඩයි නිසා මේ සිදුවෙන දේවල් පිටත කාටවත් ඇසුනෙ නෑ.

අර කෙනා ජැකට් කරුවගෙන් පලා යන්න කොතරම් උත්සාහ කළත් ඔහුට එය කරගැනීමට නොහැකි වුනා.ඔහුගෙ ඇදුම පිටුපසින් ඇදපු ජැකට් කරු ඔහුගෙ හිස බිත්තියේ වද්දමින් ඔහුගෙ සිරුර අඩපන කර අර පෙට්ටි ගොඩ ගසා තිබුන තැනටම ඔහුව ඇද දැමුවේ ඒවා තුළ තිබුන දේවල් සීසීකඩ පොළව පුරා විසිර යද්දියි.

VENGANZA✔Where stories live. Discover now