Chapter 13 🌸Secret Love🌸

551 109 5
                                    

" මගේ Eun Woo "

" ඔයාගේ Eun Woo "
" එයා කවුද???"
" හේසල් ....... හේසල් ....... මට කිව්වේ ඔයාට ........ "

" එයාලා දන්නේ නෑ Eun Woo ගැන " තේහීගේ ඇස්වලින් කදුළු බිඳු එකදිගට රූටා යද්දි තමන්ගේ පොඩි කාලේ තමන් එක්ක ගත කරපු ඒ පුංචි කුමාරයාව මතක් කලා ..............

" එයාට මොකද වුනේ ......... එයා දැන් කොහෙද "

" මං දන්නේ නෑ "

" මට මුල ඉදන් හැමදේම කියන්න තේහී ......... මට මොකුත් තේරෙන්නේ නෑ "

ලොකු හුස්මක් පිට කරමින් තේහී කතාව කියන්න ගත්තා .......... අද ඊයේ වුන දෙයක් වගේ හැමදේම ......... Eun Woo එක්ක ගත කරපු කාලය ......... එකට ඉස්කෝලේ ගිය හැටි ............ තේහීට තාම මතකයි ............

" එයා තමා මගේ පොඩි කාලේ ඉදන්ම හිටිය යාළුවා ............ මම පොඩි කාලේ සෝල් වල හිටියේ ........ ඒ කාලේ අපිත් එක්ක මගේ තාත්තා හිටියේ නෑ ....... එයා ලංකාවේ කම්පැනි එකක වැඩ කරපු නිසා .......... මං එයාව පොඩි කාලේ ඉදන්ම දන්නවා .......... අපි දෙන්නා හම්බුනේ අපේ ගෙදර ළඟම තිබ්බ children park එකේදී .......... එතනින් පටන් ගත්ත යාළුකම දිගටම තිබ්බා ................. එයා නිතරම මගේ ගෙදර ආවා ....... ගොඩක් වෙලාවට මගේ ගෙදරමයි හිටියේ ............ ඒ නිසා අන්තිමේ අපි දෙන්නා හැමදේම කරන්න ගත්තේ එකට .............. ඒ හින්දම අපි එකම ස්කූල් එකට ගියේ ......... "

තේහී කදුළු පිහදාගෙන ජිමින් දිහා බැලුවා .......... ජිමින් තේහී දිහාම බලාගෙන හිටියේ .......... මොකද එයාට Eun Woo ගැන දැන ගන්න හොඳටම ඕන වෙලා තිබ්බේ ...........

" ස්කූල් එකේදී මට ගෑණු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් තිබ්බේ නෑ ......... මං හැමෝම එක්ක කතා කලා ......... මුලදී EunWoo ත් එහෙම තමා ........ මං කතා කරන හැම යාළුවෙක් එක්ක ම කතා කරනවා ............ පිස්සු නටනවා ............... ටික කාලයක් යද්දි යාළුවෝ අපි දෙන්නව ජෝඩු කරන්න ගත්තා .......... කොයි වෙලාවේ බැලුවත් මං කොතනද Eun Woo එතන ......... Eun Woo කොතනද මං එතන .......... අන්න ඒ නිසා .......... කට්ටියම අපි දෙන්නා පොඩි කාලේ ඉදන්ම එකට ඉන්නේ කියලත් දැන ගත්තා ..............මට ඒක ගැන ප්‍රශ්නයක් නෑ .......... මුලදී Eun Woo වුනත් විහිළු කරන කොට එව්වට හිනා වුනා විතරයි ......... "

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now