Chapter 23 🌸 Till The End🌸

1K 118 237
                                    

" මං හිතන්නේ ඒ ගැන මට කියන්න පුළුවන් ....... "

" මොනා ගැනද .......... ??? " නම්ජුන්ගේ කතාවෙන් අවුල් වෙලා හිටිය ජිමින් ඇහුවා .........

" නම්ජුන් ඔයා ඒ කාලෙම වැඩවලට කොහෙදෝ ගියා නේද ....... " යුන්ගි කතා කලේ පරණ මතකයක් අලුත් කරන ගමන් ...........

" ඔව් හියුන්......... මං ඒ ගැන කියන්න ගියේ ....... මං අවුරුදු හතරක⁣ට කලින් මගේ වැඩවගයකට ලංකාවට ගියා ....... "

" ඔප්පා !!! ........ ඔයා ලංකාවට ආවා !!! මං තියා අපි කවුරුවත් දන්නේ නෑනේ ............ "

" ඒත් ඔයාගේ ගමනෙයි හේරන්ටයි තියෙන සම්බන්දේ මොකද්ද ......."

" ඉන්න කියන්න ...... "

Flashback

4 Years Ago

Namjoon's view

මගේ වැඩ වගයක් නිසා මට හදිසියේම ලංකාවට එන්න වුනා ....... සති දෙකකට ආපු ගමන තව දවස් දෙකකින් ඉවර වෙන්නත් ළඟයි ........ ඒ වෙන කොටත් ආපු වැඩේ සම්පූර්ණ නිසා මට හිතුණා ටිකක් ඇවිදින්න .......... මැනේජර්ටත් කතා කරලා සුපුරුදු විදියට මාස්ක් එකත් දාගෙන නැවතිලා හිටිය හෝටලෙන් එළියට බැස්සේ කාටවත් අඳුරගන්න බැරි විදියට ...........

මං ටිකින් ටිකින් ඉස්සරහට ඇවිදගෙන ගියා ........ යන්න ලස්සන තැන් ගොඩක් තිබුණට යන්න තරම් කාලයක් මට නැහැ ......... ඒත් ආයෙත් වතාවක් ලංකාවට ඇවිත් බලලා යන්න හිතා ගත්තා ........ හවස් වරුවක නිසා මුළු නගරෙම හරිම කාර්යබහුල පෙනුමක් තිබුනේ ....... මහපාරේ හැමතැනම වාහනවලින් පිරිලා ......... මිනිස්සු එහේ මෙහේ ඇවිදිනවා ........ මං හිමීට කාර්යබහුල ගෝසාකාරී නගරෙන් මිදිලා ආවේ තරමක් නිහඬ පැත්තකට ........ ඒ පැත්ත හරිම නිහඬයි වගේම අඳුරුයි ....... නොදන්නා රටක නොදන්න තැනක මං තනියෙන් ඇවිද්දා ...... හිතට මොකද්දෝ අමුතු චකිතයක් දැනෙද්දිත් මං ඉස්සරහටම ඇවිද්දා ........

ටිකින් ටික අඳුරත් වැටීගෙන එද්දි මට කල්පනා වුනා මං ආයේ හෝටලේට යන්න ඕන කියලා ........ මං ආපස්සට හැරෙද්දීම ඇහුණේ මගේ කන් බිහිරි වෙලා යන වෙඩි සද්දයක් ......... මේ පාළු පැත්තේ මේ වගේ සද්දයක් ආවම කවුරුත් බය වෙනවා වගේ ම⁣ටත් දැනුනේ තිගැස්මක් .........

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now