Chapter 20 🌸The Pain🌸

617 103 79
                                    

ජේජු ගිහින් ආවට පස්සේ තේහී නැවතුනේ මීෂගේ ගෙදරමයි .......... ගෙදරට වෙලා ෆෙටෝ එඩිට් වැඩ කරන ගමන්ම ජිමින් එක්ක Eunwoo ගැන හොයන්න තේහී වෙලාව හදා ගත්තා .........තේහී Eunwoo ගැන දන්න හැමදේම ජිමින්ට කිව්වා ......... ඒ විස්තර ටික ජිමින් දන්න කියන හැමෝටම දුන්නේ Eunwoo ගැන දැනගන්න ....... ඒත් Eunwoo ගැන කිසිම දෙයක් ගැන හොයාගන්න බැරි වුනා .............

සති කීපයක් ගෙවිලා ගියේ සාමාන්‍යය විදියට ........... ඒ සති කීපයේම තේහි ජිමින් එක්ක Eunwoo ගැන දැනගන්න පුළුවන් තැන් හැම එකකටම ගියා .......... ඒ හැම තැනකින්ම තේහීගේ බලාපොරොත්තු බිඳුණු එක විතරයි වුනේ ......... ඒ නිසාම තේහී Eunwoo ගැන හොයන එක අතාරින්නත් හැදුවා ...... ඒ වෙලාවේ ඒ බිඳුණු බලාපොරොත්තු ආයේ එක් කරන්න ජිමින් තේහීගේ හිත සැනසුවා ......

Time Passed ................................................

උදේ පාන්දර මුළු අහසම කළුවර කරන ගමන්ම වහින්න ගත්තේ ඇඳ බදාගෙන නිදාගෙන හිටිය තේහීට තවත් ඇඳට තුරුල් වෙලා නිදාගෙනම ඉන්න ඕන කියලා හිතට දැනෙද්දිම යි ......... ඒත් තේහීගේ ඒ විදියට ඉන්න වැඩි වේලාවක් තිබුණේ නෑ .......... ඒ කොට්ට යට හැංගිලා තිබුණ තේහීගේ ෆෝන් එකට මැසේජ් එකක් ආව සද්දේ ඇහෙන කොට ........

ආව මැසේජ් මොක වුනත් පස්සේ කියවනවා කියලා හිතාගත්තත් මොකද්දෝ හේතුවකට තේහීගේ අත ඉබේම වගේ කොට්ටේ අස්සට යැව්වා ......... ඇදලා ගත්ත ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ මැසේජ් එක එව්ව මනුස්සයගේ නම දැක්කම තේහී ඉක්මනට මැසේජ් එක ඕපන් කලා ........

" I think we found him ....... come to this place ..... I'll share the location ....... come asap ...... I'll wait for you "

මැසේජ් එකේ කවුරු ගැනද කිව්වේ කියලා ⁣තේහී හොඳටම දන්නවා ....... ඒ Eunwoo ගැන ........ජිමින් එව්ව මැසේජ් එකේ කියලා තිබ්බ විදියට Eunwoo ව හම්බවුනාද ........." එයාට දැන් කොහොම ඇත්ද ............. මොන වගේ ඇත්ද ....... මං එක්ක තරහා වෙලා ඇත්ද ........ එයා බැඳලවත්ද ..... එහෙම නම් එයාට ළමයි ඉන්නවද දන්නෑ" ....... මේ වගේ තේහීගේ හිතට වද දෙන ප්‍රශ්න ගොඩාරියයි ........ ඒ වගේම හිතත් කලබලයි ..........

" නෑ කමක් නෑ මොන දේ වුනත් Eunwoo හොඳින් නම් මට ඒ ඇති ..... "

තේහී තමන්ගේ හිතට ම සැනසිල් වදන් දුන්නේ ඒ වෙලාවේ පුංචි හිත පොඩ්ඩක් කලබල වුන නිසා ...... ඒත් තේහී දැනගෙන හිටියේ නෑ තව මොහොතකින් තේහීට අහන්න ලැබෙන කතාව නිසා ඒ පුංචි හිතට මේ වගේ පොඩි වදන්වලන් සනසන්න බැරි බව ........

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now