Chapter 22 🌸 The Truth🌸

559 102 69
                                    

" හේසල් ................... ඇත්ත නම ඒක නෙමෙයි ද ......... එතකොට ඇත්තටම නම මොකක්.........ද ?? "

" එයාගේ නම තමයි හේරන් .................."

" මොකක් " නම්ජුන් තේහී කිවුව ⁣නම අහලා තිගැස්සුණා ............ හේරන් ............... කෙල්ලගේ නම දැන ගන්න කලින් සේව් කරපු නම ............ කොල්ලට දරාගන්න බැරි පුදුමයක් ඇති වුණේ ......... " කෝමද ඒම දෙයක් වුනේ ............ හේසල්ගේ නම හේරන් ........ එතකොට මම දාපු නමත් හේරන් ......... මේක අහඹුවක්ද " කොල්ලා කල්පනා සාගරෙක ගිලිලා හිටියේ .........

" එයාගේ නම වෙනස් කරන්න තරම් මොකද්ද වුනේ "

FLASHBACK

Four Years Ago

No One Pov

" දැන් විභාගෙත් ඉවර වුන එකේ මොකද්ද කරන්න හිතන් ඉන්නේ ....... "
තේහීගේ ප්‍රශ්නෙට හේරන් උත්තර දෙනකන් බලන් හිටියේ අනිත් හැමෝම බලන් හිටියේ ඇස් කන් ඇරගෙන .........

" මොනා කරන්නද ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා ............ "

" නොදකින් තෝ ......... සීයාගේ බිස්නස් එකට ජොයින් වෙන්න අදහසක් නැද්ද "

" මලාට මං ඕකට හවුල් වෙන්නෑ ........... පේන්නැද්ද සීයාට මාත් එක්ක කතා කරන්නවත් හරියට වෙලාවක් නෑ ...... අර මීටින් එකලු මේ මීටින් එකලු ......... වැඩවලටම යට වෙලා මට බෑ ඒ වගේ වෙන්න ....... "

" උඹ දිහාම බලන් ඉන්න සීයාට වෙන වැඩ නැද්ද ..... අනික උඹ පොඩි එකෙක්ද ....... ඔහේ කොච්චර බෑ කිව්වත් අන්තිමේ සීයගෙන් පස්සේ කම්පැනි එක ඔයාට හම්බවෙන්නේ ....... දැන් තියාම ඒ වැඩවලට පුරුදු වුනොත් හොඳයි .......... "

" ඒකට මං මොකක් හරි කරගන්නම් ........ මේ දවස්වල වෙන දේවල් ගැන කියාම් "

" වැඩි දේවල් නෑ ..... BTSලගේ අලුත් සින්දුවක් එන්න යනවා නේ ...... "
හේරන් කෝමහරි කට්ටියව වෙන කතාවකට ඇදලා දැම්මා ........................

යාලුවෝ සෙට් එකම අන්තිම විභාගේ ලියලා ඉවර වෙලා මාසයක් වෙන්නත් කිට්ටුයි ........ ⁣ගෙදර තනියම කාලේ ගත කරන්න කම්මැලි නිසාම කට්ටියම සැරින් සැරේ යාලුවන්ගේ ගෙවල්වලට යන එක තමා කලේ .......... මේ පාර හැමෝම ගියේ හේරන්ගේ ගෙදර ............ ගෙදර තනියම හිටිය හේරන්ට යාලුවෝ ආව නිසා තිබුණු පාලුව මැකිලා ගියා ................

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now