මුලු ඉස්කෝලෙම ලමයි science lab එක ඉස්සරහට එකතු වෙලයි හිටියේ.එක පිරිමි ලමයෙක් ඉස්සරහා building එකෙන් පනින්න යනවා.
Jeon Somi....ඔයා එන්නෙ නැද්ද.ඔයා පරක්කු වෙනවා කියන්නේ ඔයාට ආයි මාව දකින්න තියෙන අවස්තාව නැති වෙනවා කියන එකයි.ඉක්මනට එන්න .නැත්තම් මන් පනිනවා.
building එකෙන් පනින්න හදන පිරිමි ලමයා හයියෙන් කෑ ගහලා එහෙම කිව්වේ කොයි මොහොතේ හරි Somi එතනට එයි කියලා විශ්වාසෙන්.
කෝ ඔයා එයාට එන්න කිව්වද?එතන හිටපු එක ලමයෙක් class room පැත්තෙ ඉදන් දුවගෙන ආපු පිරිමි ලමයගෙන් ඇහුවා.මම කිව්වනම් තමයි.ඒත් ඔයා දන්නවනේ එයාගේ හැටි...ඒ පිරිමි ලමයට ඒක කියලා ඉවර කරන්න හම්බුනේ නැහැ somi එතනට ආවා.
somi මන් දැනන් හිටියා ඔයා අනිවාර්යෙන් මෙතනට එනව කියලා.පනින්න හදන පිරිමි ලමයා කිව්වා.
මොකක්ද මෙතන වෙන විකාරේ?Somi කෙලින්ම ඇහුවා.
Somi මන් ඔයාට කැමතියි.plz මට හා කියන්න.නැත්තම් මන් මේකෙන් පනිනවා හොඳේ. පිරිමි ලමයා කෑ ගැහුවා.
ඔයා මේ විකාරේ බලන්නද මට මෙතනට එන්න කිව්වේ.somi එයාට පණිවිඩේ කියපු ලමයා දිහා රවල බැලුවා.
මේ අහනවා .තමුන්ට ඕනිනම් මෙතනින් පැනගෙන මැරෙනවා.මට ඒක කිසි අදාලත්වයක් නෑ.අනික මේ යන විදිහට කට්ටිය suicide කරගන්න යන යන පාරට මට එක එක්කෙනාට කැමැත්ත දෙන්න වෙයි.ආ තව දෙයක්.කෙල්ලෙක් බෑ කිව්ව කියලා මැරුනා කිව්වොත් රට්ටු තමුන්ගේ මිනියටත් මොනවා නොකියයිද.තමුන්ට ඕනි දෙයක් කරගන්නවා.මට වෙන වැඩ තියෙනවා.එහෙම කියපු somi එතනින් ගියේ පනින්න ගිය පිරිමි ලමයා ගැන ගානක්වත් නැතුව.
අනේ බන් දැන්වත් බැහැපන්.හම්බුනානේ උඹට උත්තරේ.පහල හිටපු පිරිමි ලමයෙක් එහෙම කියපු පාර පනින්න හිටපු පිරිමි ලමයා ලැජ්ජාවෙන් පහලට ආවා.
ඇත්තමයි මේ වගේ නපුරු කෙල්ලෙක්ව මන් දැක්කමයි.එයා මාර cold...පන්තියට එන අතරතුර ලමයි somi ගැන කතා වුනේ ඔය වගේ දේවල්.හැබැයි Somi ලගට ආපු ගමන්ම කට්ටියගේ කටවල් නැවතුනා.ඒයි බන් කටවල් වහගනින්.අපිට එයාගේ powers එක්ක හැප්පෙන්නවත් බැහැනේ.ඉතින් අපි පාඩුවේ ඉමු.ඉස්කෝලේ ඉවරවුන ගමන් somi කෙලින්ම ගියේ ගෙදරට.බේබි අන්න ලොකු මැඩමුත් ඇවිත් ඉන්නේ.Somi කාර් එකෙන් බැහැපු ගමන් ගෙදර සේවකයෙක් ඇවිත් කිව්වා.හරි..
Somi wash එකක් දාගෙන room එකට එනවත් එක්කම ඇඳ උඩ වෙන ඉස්කෝලෙක uniform එකක් තියල තිබුනා.Youn ආන්ටි මේ මොකක්ද ?Somi එයාගේ serventගෙන් ඇහුවා.ලොකු මැඩම් මේක දෙන්න කිව්වා.ඇඳලා බලලා අඩුපාඩු කියන්න කිව්වා.ඒ වගේම හෙට උදේම අලුත් ඉස්කෝලෙට යන්න ලෑස්ති වෙන්නත් කිව්වා.මට ඔච්චරයි කිව්වේ.
youn ආන්ටි කියපු දේ ඇහුන ගමන් Somi uniform එක බිමට විසි කරා.කෝ දැන් එයා?
Office room එකේ බේබි.
Somi කෙලින්ම ගියේ අම්මව හම්බෙන්න.Somi යද්දිත් එයාගෙ අම්මා Mrs.Jeon files වගයක් චෙක් කරකර හිටියේ.Somi වේගෙන් දොර ඇරපු සද්දෙට අම්මා හැරිල බැලුවා.ආ ඔයා ඇවිත්.
ඇයි මට අර අලුත් ඉස්කෝලයක්.මට තව එකකට යන්න ඕනි නෑ.Somi කිව්වා.
ඔයාට ඕනි නැතිවුනාට මට ඕනි.අනික Seoul International school එක තමයි මේ දවස්වල තියෙන හොදම scl එක.මට දැනගන්න ලැබුන විදිහට එයාලා දැන් koreaව top schools rankings වල තවත් ඉස්සරහට ඇවිත්.ඉතින් ඔයාට තවත් හොදයි ඔයාගේ studies වලට ෆෝකස් කරන්න.තවත් මගෙන් ප්‍රශ්න අහන්නෙ නැතුව ගිහින් ලෑස්ති වෙන්න.අම්මා කිව්වා.
ඒත් මට යන්න බැරිනම්.Somi ඇහුවා.ඔයාට මේ ඉස්කෝලෙ දාල යන්න කිසිම හේතුවක් නෑනේ.අඩුම තරමේ යාලුවෙක්වත්.අම්මා හිනාවෙලා Somiගේ පිටට තට්ටුවක් දාන ගමන් එතනින් ගියා.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...