Chapter 8

153 41 9
                                    

ටිකෙන් ටික Doyoung යන දවසත් ආවා.Taeyong airport එකට යනකොටත් Hansolයි Taeyongගේ තව පරණ යාලුවො දෙන්නෙකුයි Airport එකට ඇවිත් හිටියේ.Taeyong,Doyoungව හම්බුනත් අර තුන් දෙනාගේ මූණවත් බැලුවේ නෑ.පරිස්සමින් ගිහින් ඉක්මනට වරෙන්.උඹ දන්නවනේ මට උඹ නැතුව පාලුයි කියලා.Taeyong හිනාවෙලා එහෙම කියන්න උත්සහ කරත් Taeyongගේ වචන වල ලොකු වේදනාවක් හිරවෙලා තිබුනා.මටත් එහෙමම තමයි බන්.මට හිත හදාගෙන උඹව තනියම දාලා යන්න පුලුවන් එකම හේතුව අර girl.මන් හිතනවා එයා උඹට ලොකු හයියක් වෙයි කියලා.මන් ඉඩක් ලැබුන හැම වෙලාවකම උඹට කෝල් කරන්නම්.මන් ආයි එද්දී මන් හිතනවා මට සම්පූර්ණයෙන්ම ඉස්සර හිටපු Taeyongව බලාගන්න පුලුවන් වෙයි කියලා.Doyoung ,Taeyongගේ පිටට පොඩි තට්ටුවක් දාන ගමන් එහෙම කිව්වා.
එහෙනම් මන් යනවා බන්.Doyoung අන්තිම පාරටත් සමු ගන්න හිතාගෙන යාලුවෝ හැමෝවම බදාගත්තා.
මේ... තව දෙයක්.උඹලා තුන් දෙනා මූව තව කොච්චරකල් අත අරිනවද.උඹලා දැන්වත් සිහියට වරෙන් මිනිහෝ.Doyoung යන්න කලින් Hansolලට එහෙම කියලා ගියා.

දවස් දෙක තුනකින් exam තිබ්බා.Taeyong ඒ ටිකේ ගොඩක් බයෙන් හිටියේ marks කොහොම වෙයිද කියලා.මොකද Taeyongගේ marks අඩු වුනොත් ඒකෙන් ලොකුම බලපෑම වෙන්නේ Somiට කියලා Taeyong දැනන් හිටියා.

හරි ලමයි අද මන් ඔයාලගේ result දෙන්න යන්නේ.Exam වලින් සති දෙකකට පස්සේ Gong sir කට්ටියගේ results අරන් ආවා.මෙන්න ඔයාලගේ results.ඔයාලා එහෙනම් අඩුපාඩු බලාගන්නකෝ.මන් ඉක්මනට principalව හම්බෙලා එන්නම්.sir හැමෝටම papers දීලා principalව හම්බෙන්න ගියා.
somi තමන්ගේ paper එකේ ලකුනු බලනවටත් වඩා උනන්දු වුනේ Taeyongගේ ලකුණු බලන්න.somi,Taeyongගෙන් ලකුණු අහන්න Taeyongගේ ඩෙස් එක දිහා දෙතුන් පාරක්ම බැලුවත් Taeyong paper එකෙන් ඔලුව උස්සලා බැලුවෙ නෑ.ඇයි taeyong මේ පැත්ත බලන්නෙවත් නැත්තේ.අඩුම තරමේ එයාගේ paper එකේ marksවත් කාටවත් කියන පාටක් පේන්නේ නෑ.ලකුණු අඩුවෙලාවත්ද?Taeyong කාටවත්ම marks පෙන්නපු නැති එකට somi හොදටම දුක් වුනා.

Taeyong :-"පීච් ගහ ගාවට එන්න."

Taeyong ගාවට ගිහින් ලකුණු අහනවා කියලා හිතන් somi පුටුවෙන් නැගිටින්න හදනකොටම somiගේ phone එකට Taeyongගෙන් msg එකක් ආවා.Somi පීච් ගහ ගාවට යද්දිත් Taeyong එතනට ඇවිත් හිටියා.
Somi, Taeyong ඉන්න හරියට එද්දිම Taeyong paper එක පෙන්නුවා.76% marks.යේ....Taeyong paper එක උස්සලා somiට ලකුණු පෙන්නනකොට එකපාරටම somi ඇවිත් Taeyongව බදාගත්තා.බලාපොරොත්තු නොවුන විදිහට එකපාරටම ලැබුන somiගේ hug එකෙන් Taeyong ගොඩක් පුදුම වුනත් ඒත් එක්කම taeyongනුත් somiව තදින් බදාගත්තා.මන් හොදටම බයවුනා ඔයා ඒ පැත්ත බලන්නෙවත් නැතුව ඉන්නකොට අඩු result එකක් ඇවිත්වත්ද කියලා.somi ,taeyongව බදාගෙනම කිව්වා.මන් අඩු result ගන්නෙ කොහොමද මට හොඳ teacher කෙනෙක් ඉද්දී.දැන් තමයි Lee Taeyong ආයි වැඩ පටන් ගත්තේ.ඔන්න බලන්නකෝ මන් ඊලග term එකේ මීට වඩා වැඩිය ලකුණු ගන්නවා.Taeyong හිනාවෙවී  කිව්වා.අන්න එහෙමයි ඉන්න ඕනි.හොද ලමයා.දිගටම ඔහොම වැඩ කරන්න.somi ,taeyongගේ ඔලුව අතගෑවා.

Taeyongනුයි Somiයි ආයි පන්තියට යනකොට ලමයි ඔක්කොම බැලුවෙ ඒ දෙන්න දිහා.ඒ වෙද්දී Gong sirත් ආයි පන්තියට ඇවිල්ලයි හිටියේ.ආ මේ එන්නේ.ලමයි ඔයාලා දන්නවද ,අපේ මේ වැඩෙන් වැඩිම ප්‍රගතියක් අත් කරගත්තු ලමයා තමයි Taeyong. Gong sir එහෙම කිව්වේ මූණේ ලොකු හිනාවකුත් එක්කමයි.මන් හිතන්නේ අපිට ආයිමත් පරණ taeyongව බලගන්න පුලුවන් වෙයි වගේ.එහෙම නේද?Gong sir හිනාවෙලා taeyongගෙන් එහෙම ඇහුවා.ඔව් සර්.මන් උපරිමයෙන්ම try කරන්නම්.Taeyong සර්ට කිව්වා.සර් ඒ අන්තිමට කියපු දේ සමහර ලමයින්ට තේරුනේ නෑ.මොකක්ද බන් අර සර් කිව්වේ?එක ලමයෙක් ලග ඉන්න යාලුවගෙන් ඇහුවා.මන් කොහොමද දන්නෙ බන්.
ලමයි අතරේ තිබුනේ ලොකු කුතුහලයක්.

ඔයාලා නොදන්නවා වුනාට taeyong තමයි ඉස්සර section එකේ brightම student.ඒක ගැනයි ඔය කියන්නේ.Seulmi එහෙම කියද්දී සමහර ලමයිට ඒක විශ්වාස කරන්නත් බැරිවුනා.ඒක තමයි එයා ඔච්චර handsome ඉද්දී මන් කල්පනා කරා එයා මෝඩයෙක් වෙන්න බෑ කියලා.එක ගෑනු ලමයෙක් එහෙම කියද්දී වටේම හිටපු ගෑනු ලමයි ඒක අනුමත කරා.

එදා somi ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදද්දී එකපාරට පිටිපස්සේ ඉදන් ආපු taeyong ,somiගේ අතින් අල්ල ගත්තා.ඔයා ගෙදර යනවද?ඒ කියන්නේ ඇත්තටම මෙතනින් ඔක්කොම ඉවරද...Taeyong ඒ අහපු දෙයින් Somi දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉද්දී Taeyong ආයිමත් කතා කරා.මන් ඇහුවේ ආයි අපි පාඩම් කරන්න නවතින්නෙ නැද්ද කියලයි.Taeyong දුකෙන් somiගෙන් ඇහුවා.exam නුත් ඉවර වුනානේ.ඉතින් දැන් නවතින්න හේතුවක් නෑනේ?somi කුතුහලෙන් ඇහුවා.
නෑ ඉතින් එක exam එකක් ඉවර වුනාට ඉස්සරහට තව ගොඩක් එනවනේ.ඉතින් මන් තාම ආයි අලුතින් ඉගෙන ගන්න හැදුවා විතරයි.මගෙ teacherට මාව එපාලු.Taeyong කිව්වා.හරි එහෙනම් ඔයාට එච්චරටම ඕනි නම් අපි දිගටම එකට පාඩම් කරමු.Somi එහෙම කිව්වත් Taeyongගේ මූණ අඳුරු වුනා.ඔයාට එච්චරටම ඕනි කියන්නේ,එතකොට ඔයාට ඕනි නැද්ද Somi දිගටම මාත් එක්ක පාඩම් කරන්න?ඔයා මේක අකමැත්තෙන්නම් කරන්නේ ,අපි දිගටම එකට පාඩම් නොකර ඉමු.
අයියෝ මන් එහෙම දෙයක් අදහස් කරේ නෑ Taeyong.ඔයා දන්නවද ඔයත් එක්ක එකට පාඩම් කරන time එකට තමයි මන් කැමතිම.ඒක නිසා පිස්සෙක් වගේ මෝඩ අදහස් හිතන්න එපා.Somi එහෙම කියද්දී Taeyongගේ මූණට හිනාවක් ආවා.
අපි එතකොට කවදා ඉදන්ද ආයි පාඩම් කරන්න ගන්නේ?Taeyong නොඉවසිල්ලෙන් ඇහුවා.අද හවසට මන් අම්මා එක්ක වැඩ වගයකට යනවා.ඒක නිසා අපි හෙට ඉදන් පාඩම් කරමු.ඒක නිසා මගේ ගෝලයා හෙට වෙලාවට Reading area එකට එන්න.

Okay Madam...

ඇත්තටම Taeyong එක්ක ගත කරන කාලේ තමයි මන් සතුටින්ම ගත කරන කාලේ වුනේ🍁

--------------------------------------------------------------කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ.ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා.

Lean on meWhere stories live. Discover now