පහුවදා ඉස්කෝලෙදී Hansol ,Jaehyun දෙන්නා කල්පනා කර කර හිටියේ Taeyongගේ ප්රශ්නෙට කරන දෙයක් ගැන.උඹ දන්නවනේ ඊලග match එකට වැඩි කාලයක් නෑ කියලා.මේ පාර Taeyongට වැටෙන්න දෙන්න බෑ බන්.කොහොමහරි මේකට මොකක්හරි කරමු.Hansol එහෙම කිව්වේ Taeyong ගැන මතක් වෙලා ගොඩක් අවුලෙන්.ඔව් බන්.අපි කොහොමහරි Somiව හම්බෙන්න try කරමු.එතකොට ඒක නිසාවත් Taeyongගේ හිත හැදෙයිනේ .Jaehyun ඒක අනුමත කරා.මේ ඒත් බන් මට තියෙන ප්රශ්නේ එදා somiගේ අම්මා හරියටම ඒ cafe එකටම ආවේ කොහොමද කියලා.හරියට නිකන් මුන් දෙන්නා හැමදාම එතනට හම්බෙන්න යන එක දැනන් වගේනේ.Jaehyun එහෙම ඇහුවේ ලොකු කුතුහලේකින්.අනේ මන්දා බන් මේවත්.මේවා විසඳන්න Sherlock homes ගෙන්නලවත් බැරිවෙයි.
වරෙන් යන්න ගිහින් Taeyongව බලලා එන්න........................Somi ඇවිත් බලන්න කවුද ඇවිත් තියෙන්නේ කියලා.ඔන්න ඔයාගේ යාලුවෙක් ගෙදරටම ඇවිත් ඔයාව බලලා යන්න.Somiගේ අම්මා එදා හවස somiට කතා කරා.
ඒත් ඇවිත් ඉන්න කෙනාගේ මූණ දැක්කමනම් somiට සතුටක් දැනුනේ නෑ.JR ඔයා.
කොහොමද somi ඔයාට. ඔයා වැඩිය chocolates කන්නෙ නෑ කියපු නිසා මන් ඔන්න fruits වගයක් ගෙනාවා.JR හිනාවීගෙනම කිව්වා.ආ ඒක හොඳයි.අපෙ අම්මනම් ගොඩක් කැමතියි fruits කන්න.එයාට කන්න පුලුවන්නේ.මොකද ඉතින් ඔයාල දෙන්නා කලින් එකට වැඩ කරලා තියෙන නිසා හොදට දන්නවා ඇතිනේ.Somi එහෙම කිව්වේ JRරුයි අම්මයි දිහා බලන් උපහාසයෙන් හිනා වෙන ගමන්මයි.
මොනාද somi ඔයා මේ කියවන්නේ?somiගේ අම්මා කෑ ඇහුවා.
ඔයා බොරුවට පුදුම වුනා වගේ හැසිරෙන්න ඕනි නෑ අම්මේ.මන් සේරම දන්නවා.
මන් කලින් කල්පනා කරා මගෙයි Taeyongගෙයි affair එක ඔයා කොහොමද දැනගත්තේ කියලා.මොකද ඔයාට ඒක පිට කෙනෙක්ගෙන් දැනගන්න විදිහක් නෑ.මොකද ඔයාට පින් සිද්ද වෙන්න අපි එකට එලියට නොගිය තරම්.අපිව හොදට දන්න කෙනෙක් වෙන්න ඕනි මේක කියන්න ඇත්තේ කියලා මන් ඒ කවුරු වෙන්න ඇතිද කියලා කොච්චර හිතුවත් මට ඒ වෙලාවේ මතක් වුනේ නෑ.හැබැයි දැන් අපේ ගෙදරදී JRව දැක්කම මට හැම දෙයක්ම පැහැදිලි වුනා.අම්මේ ඔයා අන්තිමේදී ඔයාටම හරියන කෙනෙක් තෝරගෙන ඔයාගේ ජරා වැඩ වලට උදව් ගන්න.Somi එහෙම කියනකොට somiගේ ඇස් තරහින් දිලිසුනා.කට වහගන්නවා Somi.ඔයා දැන් කියවලා ඉවරනම් මාත් කියන්නම්.JRලා කියන්නේ කාලෙක ඉදන් අපේ business partnersලා.ලගදිම එයාලා අපේ පවුල එක්ක නෑදෑකමකුත් ගොඩනගාගන්න හදන්නේ.ඔයා කැමති වුනත් අකමැති වුනත්.මීට පස්සේ මමයි ඔයාගේ තාත්තයි ඇරුනම ඔයාගේ අයිතිය තියෙන්නේ JRට.Somiගේ අම්මා කිව්වා.
ඔයාලා කැමති කැමති කෙනාට මගේ අයිතිය පවරන්න මන් සෙල්ලම් බඩුවක්ද අම්මේ. තරහවයි ,වේදනාවක් කැටිවුන ඇස් වලින් අම්මා දිහා බලලා එහෙම අහපු Somi ,JR ගෙනාපු බඩු ටික විසික් කරලා එතනින් ගියා.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...