Chapter 12

160 38 11
                                    

Somi පහුවදා ඉස්කෝලෙ ගියේ Taeyongව බලාපොරොත්තුවෙන්.මොකද ගෙදර ප්‍රශ්න වලින් Somi හිත නිදහස් කරගත්තේ Taeyong එක්ක ඉන්නකොටයි.ඒත් football practiceටුයි ඉස්කෝලෙ වැඩයි නිසා taeyongට somi එක්ක කතා කරන්න හම්බුනෙත් ගොඩක් අඩුවෙන්.ඒ දවස් දෙක තුනම ගෙවිලා ගියේ ඒ විදිහට.
මන් අන්තිමට මගේ තනියට කෙනෙක් හම්බුනා කියලා හිතුවට ඇත්තටම මට වැරදුනාද කොහෙද.Somi එදා බැල්කනි එක ගාවට ඇවිත් කල්පනා කරා.මොකද Somiගේ ගෙදරින් ඒ වෙද්දී somiට මානසිකව ගොඩක් කරදර කරදර දීපු නිසා.දැන් මේ ඔක්කොම ඇතිවෙලා.මේ පාර කාටවත් මාව බේරගන්න බැරිවෙන විදිහට මන් මේ හැම දෙයක්ම ඉවර කරන්නම්.

මෙ අතරේ taeyong හිටියේ practice කරන ගමන්.මේ බන් මට එක විනාඩි 15ක් දීපන්කෝ.plzzz.මන් ඒ වෙනුවට හවස වැඩිපුර පැයක් හරි practice කරන්නම්.අදවත් මට කොහොමහරි එයාව හම්බෙන්න ඕනි.ඉස්කෝලේ ඇරෙන්න කලින් හම්බෙන්න බැරිවුනොත් අදත් කතා කරන්න වෙන්නෙ නෑ.Taeyong ,somiව හම්බෙන්න යන්න Hansolට බැගෑපත් වුනා.දැන් උඹ කාවද ඔය දවස් ගානකින් හම්බුනේ නැත්තේ?team එකේ කට්ටිය Taeyongට හිනාවෙවී Taeyongගෙන් එහෙම ඇහුවා.අපේ cousin brother කෙනෙක් අලුතෙන් ඉස්කෝලෙට ආවා.එයාව බන්.Taeyong කටට ආපු බොරුව කිව්වා.මූ මේ කෙල්ලව බලන්න යන්න ඉල්ලනවා.ඔන්න යන්න දීපන් පොඩි එකාගේ ආසාවනේ.Jaehyun එහෙම කියනකොට Taeyongට හොදටම ලැජ්ජ හිතුනා.හොඳයි පලයන්.හැබැයි උඹ ආයි එද්දී කෙල්ලගේ නම කියන්න බලාගෙන වරෙන්.Hansol එහෙම කියනවත් එක්කම Taeyong දුවගෙන ගියේ somiව බලන්න.
Taeyong පන්තියට යද්දිත් පන්තියේ ලමයි පීරියඩ් එකේ සර් ඇවිත් නැති නිසා කියව කියව හිටියේ.
කෝ somi?Taeyong පන්තියේ ලමයෙක්ගෙන් එහෙම ඇහුවම ඒ ලමයගේ උත්තරේ වුනේ දන්නෙ නෑ කියලයි.Taeyong පීච් ගහ ගාවට ගිහින් බැලුවත් somi එතන හිටියේ නෑ.ආයිමත් එයා එතනට ගියාවත්ද?taeyongට එකපාරටම බැල්කනි එක මතක් වුනා.ඒත් එයාට ආයි එතනට යන්න හේතුවක් නෑ.ශික්.Taeyong එකපාරට තවත් වේගෙන් බැල්කනි එක පැත්තට දුවන් ගියා.Taeyong යනකොටම somi බැල්කනි එකෙන් පනින්න හදනවා.somi මොකක්ද ඔයා ඔය කරන්නේ?plz ඕක කරන්න එපා.Taeyong ,somiගෙන් එහෙම ඉල්ලනකොට Taeyongගේ ඇස් වලින් කඳුලු බේරුනා.sorry Taeyong.මට දැන් ගොඩක් මහන්සියි.somi ,Taeyong දිහාවට හැරිලා එහෙම කියලා ආයි අනිත් පැත්තට හැරුනේ පනින්න හිතාගෙනයි.මේ අහන්න.ඔයාට පනින්නනේ ඕනි.හරි අපි දෙන්නම පනිමු.ඔයා නැතුව මගේ ජීවිතේටත් කිසි තේරුමක් නෑ.Taeyong ,somi ගාවට ලංවෙලා එහෙම කිව්වා.මගේ මුලු ජීවිතේම ඔයයි.ජීවිතේ කලකිරිලා හිටපු මට ඔයයි අලුත් බලාපොරොත්තුවක් දුන්නේ.මට ආයි අලුතින් ජීවිතේ පටන් ගන්න කිව්වේ.ඔයා හිනාවෙන හැටි දැකලයි මගේ ජීවිතේට සතුට ආවේ.එතකොට ඔයා හදන්නේ මාව දාලා යන්නද.ඔයා නැතුව මට එක තප්පරයක්වත් ජීවත් වෙලා වැඩක් නෑ.ඔයා පැන්නොත් මාත් අනිවාර්යෙන් පනිනවා.Taeyong අඬ අඬ එහෙම කියද්දී Somiත් හොඳටම ඇඬුවා.plz හොඳ ලමයා වගේ ඔතනින් බහින්න.අපි ප්‍රශ්න එකට විසඳගමු.මේ ලෝකේ මොන දේ සිද්ධ වුනත් මන් ඔයාව දාල යන්නෙ නෑ.plz somi Taeyong එහෙම ඉල්ලද්දී somi එතනින් බැස්සා.somi බැස්ස ගමන් taeyong ගිහින් somiව තදින් බදාගත්තා.මාව දාලා යන්න හිතුවෙ කොහොමද ඔයා.I love you Jeon Somi.I love you.මාව ආයි දාලා යන්න හිතන්නවත් එපා.අමතක කරන්න එපා මගේ මුලු ජීවිතේම ඔයා කියලා.Taeyong එහෙම කියලා Somiව තවත් තදින් බදාගත්තා.මට සමාවෙන්න.I love you too Taeyong.Somiත් එහෙම කියන ගමන් Taeyongව තදින් බදාගත්තා.
අපි හැම ප්‍රශ්නයක්ම එකතු වෙලා විසඳගමු.Taeyong, somiට forhead kiss එකක් දෙන ගමන් එහෙම කිව්වා.

Lean on meWhere stories live. Discover now