ඊලග දවස් ටිකේ Taeyong football team එකේ practice වලට කාර්යබහුල වෙලයි හිටියේ.හැබැයි Taeyong ඉඩ ලැබෙන හැම වෙලාවකම වගේ somiව හම්බෙන්න ආවා.නැත්තම් msg එකක් හරි දැම්මා.ටික දවසකින් Taeyongට ඉස්කෝලෙ team එකෙත් දක්ශකම් පෙන්නන්න පුලුවන් වුනා.ඒක නිසා Taeyongට Team එකේ ආයිමත් ලොකු තැනක් හම්බුනා.
අරූ දැන් ආයිමත් උගෙ වැඩ පෙන්නන්න පටන් අරන්.මට මගේ තැන නැති කරගන්න බෑ.මේකට ඉක්මනටම මොකක් හරි කරන්න ඕනි.JR ,Taeyongව ආයි වට්ටන්නෙ කොහොමද කියලා plan කරා.මොකද කියන්නෙ බන් කාලෙකට සෙල්ලම් කරන්න බැරිවෙන්න අපි ඌව තුවාල කරොත්.Team එකේ ඉන්න Jrට ගොට්ට අල්ලන එක්කෙනෙක් කිව්වා.හ්ම් ඒකත් හොඳයි.හැබැයි මට මේ දැන් ඊට වඩා හොද අදහසක් ආවා.උඹලා බලාගෙන හිටපන්කෝ.JR phone එක දිහා බලාගෙන එහෙම කිව්වා.
Taeyong එහා හවස practice ඉවර වෙලා ටිකක් රෑ වෙලයි ගෙදර ආවේ.Taeyong තාත්තත් එක්ක රෑට කෑම කාලා ඉවර වෙලා Taeyong කාමරේට ගියේ වැඩ වගයක් කරන්න තියෙනවා කියලා.ඒත් Taeyongට අමතක වෙලා phone එක දාලා ගිහින් තිබුනා.ටික වෙලාවකින් Somiගෙන් Taeyongට කෝල් එකක් ආවා.Mr.Lee ඒ වෙලාවේ ඒ හරියට වෙලා පත්තරයක් බල බලයි හිටියේ.Taeyong කෝල් එකක්.Mr.Lee එක පාරක් Taeyongට කතා කරත් Taeyongට ඇහුනෙ නැති පාර Mr.Lee phone එක ගාවට ගියේ phone එක ගිහින් Taeyongට දෙන්න.phone එකේ save කරලා තිබ්බ contact name එක දැක්කම Mr.leeට හිනා.ඉක්මනට එන්න මෙන්න ඔයාගේ My love call කරනවා.Mr.Lee එහෙම කියනවත් එක්කම කොහෙද ඉදන් එකපාරටම කඩාපාත්වුන taeyong දුවන් ඇවිත් phone එක ගත්තා.
සොරි තාත්තේ.හැබැයි එයාව අත අරින්න කියන්නනම් එපා.එයා තමයි මාව ආයි වෙනස් කරේ.එයා නැත්තම් තාත්තලට ආයි පරණ taeyongව දකින්න ලැබෙන්නෙ නෑ.Taeyong බිම බලාගෙන එක දිගට කියවන් ගියා.සොරි කියන්න ඕනි තමයි.මෙච්චර ලස්සන gf කෙනෙක්ව හොයාගෙනත් මට නිකමටවත් පෙන්නුවේ නෑ.කෝ කෝ මට කියනවා බලන්න ඒ ගෑනු ලමයගේ විස්තර ටිකක්.තාත්තා එහෙම කියන ගමන් එතන තිබ්බ පුටුවෙන් වාඩිවෙලා Taeyongටත් වාඩිවෙන්න සංඟා කරා.ඔයා ඒ කියන්නේ අපේ affair එකට අකමැති නැද්ද?Taeyong පුදුමෙන් තාත්තා දිහා බලන ගමන් ඇහුවා.ඔයාගේ වෙනසට හේතුව ගැනු ලමයෙක් වෙන්න ඇති කියලා මට ඒ දවස්වලම හිතුනා.මන් බලන් හිටියේ ඒක ඔයා මට හරියටම කවදහරි කියනකන්.කෝ දැන්වත් ඉතින් මට ඒ ලමයා ගැන විස්තර ටිකක් කියනවකෝ.නැත්තම් මගේ හිත වෙනස් වුනොත් ඔන්න මට බනින්න එපා.Mr.lee තර්ජනය කරා.අම්මෝ මන් තාත්තට ඕනි ඔක්කොම විස්තර ටික කියන්නම්.හැබැයි...taeyong එක පාරටම තාත්තව බදාගත්තා.මට සමාවෙන්න තාත්තේ.මන් මෙච්චරකල් ඔයාට නරක පුතෙක් වුනාට.මන් ඔයාට පොරොන්දු වෙන්නම් මන් මීට වඩා තාත්තා එක්ක බැඳීමක් ගොඩනගා ගන්නවා කියලා.Taeyongගේ ඇස්වල කඳුලු පිරුනා.
ඒකට කමක් නෑ පුතා.අපි හැමදේම ආයිමත් පටන් ගමු.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...