Chapter 2

204 47 7
                                    

ඒයි මහත්තයා.මේ පොඩි එකාට ගහන්න ඔයාට කොහෙන්ද අයිතියක්.Mr.Soo තරහෙන් එහෙම ඇහුවා.මේ මගේ ලමයා.මෙයාට මට ගහන්න අයිතියක් නැත්තම් තමුසෙටද තියෙන්නේ.
Mr.lee එහෙම කියනකොට Soo අංකල්ට කරගන්න දෙයක් නැතිවුනා.
කියන දේ ඇහුනෙ නැද්ද.පොත් ටික විතරක් අරන් නගිනවා කාර් එකට.තාත්තා ආයි පාරක් කිව්වත් Taeyong ගනන් ගත්තේ නෑ.මට බැහැ එන්න.Taeyong ගේ උත්තරේ වුනේ ඒක.
ඔයා අද ආවේ නැත්තම් මේ area එකේ ඉන්න හැමෝගෙම රස්සා නැතිවෙයි.ඒක වෙනවා බලන්න ආසනම් ඔහෙටම වෙලා ඉන්නවා.මන් තව විනාඩි 15ක් දෙන්නම්.එනවනම් පාඩම් පොත් ටික විතරක් අරන් ඇවිත් කාර් එකට නගිනවා.එහෙම කියපු Mr.Lee කාර් එකට වෙලා බලන් හිටියා.Taeyong අවශ්‍යම බඩු ටික විතරක් අරන් කාර් එකට නැග්ගේ Soo අංකල්ට සමුදෙන ගමන්.

තමුන්ට ඇත්තටම පිස්සුද?සති දෙකක් තිස්සේ අර මුඩුක්කුවක් අස්සට වෙලා ජිවත් වෙනවා.ගෙදරින් පැනල ගිහින් දුක් විදින්න ඔච්චර ආසද?වෙන මිනිස්සු ජීවිතේ ගොඩ ගන්න බලනවා.තමුන් තවත් අගාදෙට යනවා.තමුන් ගැන කතා කරලා වැඩක් නෑ.ගෙදර ආපු ගමන් Mr.Lee , Taeyongට බැනලා ගියා.

              Taeyong Pov
             
   මන් හිතුවේ මේ පාරවත් තාත්තා මට ඕනි විදිහට ජීවත් වෙන්න දෙයි කියලා.මාව හොයාගෙන එන්නෙ නැති වෙයි කියලා.ඒත් මට ඒක හීනයක් විතරයි.ජීවත් වෙන්න ආසාවක් නැති මනුස්සයෙක්ට සල්ලියි අනිත් හැමදේමයි තිබිලත් ඇති වැඩේ මොකක්ද.මට දැන් ඕනි එකම එක දෙයයි.ඒ මරණය.මන් ඒක ඉක්මනට බලාපොරොත්තු වෙනවා🍁

අනිත් දවසේ උදේ Somi පන්තියට එනකොටත් පන්තියේ පිරිමි ලමයි දෙතුන් දෙනෙක් Somiගේ ඒහා පැත්තේ සීට් එකේ වාඩි වෙන්න රණ්ඩු වෙවී හිටියේ.කවුද ලමයෙක් Somiගේ ඩෙස් එක උඩ චොක්ලට් එකක් තියලා තියෙනවා දැක්කා.Somi ඒ චොක්ලට් එක ගත්තු ගමන් එහා පැත්තේ ඩස්බින් එකට විසික් කරා.ඔහ් එයානම්...පිරිමි ලමයි බලාපොරොත්තු කඩකරගත්තා.Taeyong පන්තියට ආවේ ඒ වෙලාවේ.අන්න Taeyong ඇවිල්ලා.වාඩිවෙලා හිටපු ගෑනු ලමයි දෙතුන් දෙනෙක්ම Taeyong ගාවට දුවන් ආවත් Taeyong ඒ කවුරු දිහාවත් නොබලා ඔලුව ඩෙස් එකේ තියන් නිදාගත්‍තා.Taeyong ඔයාට තිබහා වෙලාවක් ආවම මේක බොන්න එහෙමනම්.Seulmi කියන ගෑනු ලමයා Taeyong ගාවින් Ice coffee එකක් තියලා ගියා.මේ කෙල්ලොන්ටනම් පිස්සු.Handsome කියලා කන්නද.පන්තියේ මෙලෝ වැඩක් නොකර ඔහේ ඉන්න කොල්ලොන්ටත් කැමතියි.Somi හිතුවා.

Lean on meWhere stories live. Discover now