Chapter 20

125 37 1
                                    

ඊලග දවසේ Taeyong practice ඉවර වුන ගමන්
Somiව හම්බෙන්න වෙනදට දෙන්නා හම්බෙන Cafe එකට ගියා.Somi ඔයාට sure නේද අද මාත් එක්ක ඇවිදින්න ආපු එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා?Taeyong එහෙම ඇහුවේ Somi ගැන ගොඩක් වද වෙන නිසා.ඔයා ඔය ප්‍රශ්නෙ මගෙන් ආයි ආයි අහන්න ලෑස්ති වෙන්න එපා මෝඩයෝ.එයාලට දැන් මට විරුද්ධව මුකුත් කරන්න බෑ.අනික මේ දවස් වල එයාලා ඉන්නේ මන් කරන දේ බලන් මට මුකුත් බලපෑමක් කරන්නවත් බැරුව අසරණ වෙලා.Somi හිනාවෙලා එහෙම කිව්වත් තමන්ගේ අම්මයි තාත්තයි තමන්ට ලේසියෙන් ගැලවෙන්න දෙන්නෙ නැති බව  Somi හොඳටම දැනන් හිටියා.

කොහොමහරි කමක් නෑ මට ඕනි ඔයා සතුටින් ඉන්නවා බලන්න.Taeyong එහෙම කියලා Somiගේ ඔලුව අත ගෑවා.අපි අද කොහෙද යන්නේ?Taeyong ඇහුවා.දැනටමත් 5යි.මට practice ඉවර වුනේ පරක්කු වෙලා නිසා අපිට ගොඩක් වෙලා ඉන්නත් අමාරුයි.ඔයාගේ අම්මලව තවත් තරහා කරගන්න බෑනේ.සොරි Somi. Taeyong කිව්වා.ඒකට කමක් නෑ .අපි දෙන්නා අද ටිකක් අත් අල්ලගෙන ඇවිදින්න යන්.ඔයාට Football Tournament එක ඉවර වුනාම අපිට පුලුවන්නේ හිතේ හැටියට ඇවිදින්න යන්න.Somi එහෙම කියලා හිනාවුනා.හරි එහෙනම් මගේ girlfriendගේ කැමැත්තක්.

Taeyong ,Somi ඒ වෙලාව පුරාම අත් දෙක අල්ලගෙන Seoul වල පාරවල් පුරා ඇවිදින එක වුනත් කරේ ඒ පුංචි වෙලාව දෙන්නගෙම හිත් වලට ලොකු සතුටක් ගෙනාවා.

Taeyong ,ඔයාට පුලුවන්ද මාව ගෙදරට drop කරන්න?ගෙදර යන්න ළං වුනාම Somi ,Taeyongගෙන් ඇහුවා.මන් ඒකට ගොඩක් ආසයි කියලා ඔයා දන්නවනේ.ඒත් Somi ඔයාගේ අම්මලා?Taeyong ඇහුවා.
එයාලා දැන් මේ හැමදේම කොහොමත් දන්නවනේ.අපි තවත් එයාලට බයේ අපි සතුටින් ගෙවන්න ඕනි කාලේ,මතකයන් ජීවිතේට එකතු කරගන්න ඕනි කාලේ විනාශ කරගන්න ඕනි නෑ.Somi ,Taeyongගේ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වේ ලොකු විශ්වාසෙකින්.
හරි.ඔයාගේ කැමැත්තක්.Taeyong එහෙම කියන ගමන් එක හෙල්මට් එකක් අරන් Somiගේ ඔලුවට දැම්මා.
Somi ,බයික් එකට නැග්ග ගමන් Taeyongගේ බඳ වටේ අත යවන ගමන් Taeyongව තදින් බදාගත්තා.මන් හිතන්නේ ඕනි කොල්ලෙක් car එකක් ගන්නවට වඩා බයික් එකක් ගන්න එකේ වාසි ගොඩයි.Taeyong හිනාවෙවී එහෙම කියන ගමන් බයික් එක start කරා.

"ඔයා පාර බලන් බයික් එක පදිනවද නැත්තම් මන් ඔයාගේ ඇඟෙන් අත් දෙක අයින් කරගන්නද? "Somi ඇහුවා.හරි හරි මන් ආයි එක  වචනයක් කියන්නෙ නෑ.ඔහොමම ඉන්න😙Taeyong තමන්ගේ කට පාලනය කරගත්තා.

Lean on meWhere stories live. Discover now