Chapter 5

156 39 7
                                    


  අද ඉස්කෝලේ ඇරුනම පාඩම් කරන්න නවතිමු.ඉස්කෝලේ ඇරෙන්න පීරියඩ් දෙක තුනක් තියෙද්දී Taeyong ඇවිත් Somiට කිව්වා.
Are you serious? Somiට taeyong කියපු දේ විශ්වාස කරන්න බැරුව ඇහුවා.මන් ඉස්කෝලෙ ඇරුනම reading area එකට වෙලා ඉන්නම්.Taeyong එහෙම කියලා යන්න ගියා.Somiට ඒ වචන ටික ඇහිලා ලොකු සහනයක් දැනුනා.
     ඉස්කෝලේ ඇරුනම Taeyong කියපු විදිහටම reading area එකේ හිටියා.ඒ වගේම Taeyong පාඩම් කරන්න ඇවිත් තියෙනවා කියලා දැකපු සමහර ලමයින්ට ඒක විශ්වාස කරන්නවත් බැරිවුනා.හරි මුලින්ම කියන්නකෝ ඔයා ගාව කොතනට වෙනකන් notes තියෙනවද කියලා.Somi එහෙම ඇහුවම taeyong කරේ බෑග් එකෙන් එලියට අරන් ඩෙස් එක උඩින් පොත් වගයක් තිබ්බ එක.පොත් එකකවත් හරි හමන් නෝට් එකක් නෑ කියලා දැක්ක somi ඔලුවෙ අත ගහගත්තා.
මන් හිතන්නේ ඔයා මට මුලින් paper එකක් කරන්න දුන්නනම් හරි.එතකොට අපිට මට දන්න නොදන්න ඒවා බලාගන්න පුලුවන්.
Taeyong එහෙම කියද්දී Somi පුදුමයෙන් Taeyong දිහා බැලුවා.
පොතක නෝට් එකක්වත් නැති මේ කොල්ලා කොහොමද paper එකකට උත්තර ලියන්නේ.ඔක්කෝටම වඩා මෙයාගේ ලොකුකම වැඩියි.somi එහෙම හිතුවට බනින්න නොගියේ Taeyong ඔක්කොම දමලා ගහලා ගියොත් කියලා බයටයි.මොනා වෙන්න හරි paper එකක් මුලින් දෙනවා කියලා හිතපු somi taeyongට paper එකක් කරන්න දුන්නා.

Somi paper එක බලද්දී ගොඩක් පුදුම වුනේ taeyong ඒකේ ගොඩක් ගණන් වල මැදක් වෙනකන් හරියට හදලා තිබුන නිසා.somi ,taeyongට කියලා දුන්න ගණන් ඔක්කොම වගේ taeyong ඒ වෙලාවෙම අල්ල ගත්තා.ඔයානම් මාරයිනේ.Somiට එහෙම කියවුනා.
     හිතුවේ මන් මෝඩයි කියලා නේද.Taeyong එහෙම අහන ගමන් හිනාවුනා.Taeyong හිනාවුන විදිහ දැකලා Somiගේ මූණෙත් ඉබේටම හිනාවක් ඇඳුනා.අදට අපි එහෙනම් නවත්තමු.මේ ටිකේම හවස නවතින්න බලන් එමු.Somi එහෙම කියලා එතනින් ගියා.

මන් ඒ කාලෙකට පස්සේ වුන අවංකවම හිනාවීමක් කිව්වොත් හරි.හැබැයි මන් දන්නෙ නෑ ඇයි මන් ඒ හිනාව එයාටම පෙන්නුවේ කියලා.   -   Lee Taeyong🍁

මේ විදිහට ටික දවසක් ගෙවිලා ගියා.ඒ ටිකේම දෙන්නත් එක්ක ගොඩක් මහන්සි වුනේ පාඩම් වැඩවලට.Taeyong ඉගෙන ගන්න ගොඩක් දක්ශ වුනත් පහුගිය කාලේ මග ඇරුන පාඩම් ගොඩක් තියෙන නිසා Taeyongට ඒ ඔක්කොම cover කරගන්න ගොඩක් මහන්සි වෙන්න වුනා.මට පේන්නේ අපිට මීට අමතරව weekend වලත් එකතු වෙලා පාඩම් කරන්න වෙයි වගේ.ඔයාට පුලුවන්ද ?Somi ඇහුවේ Taeyong අකමැති වෙයිද කියන බයෙනුත් එක්කයි.
ඕකේ.මන් කැමතියි.Taeyong කිව්වා.

Lean on meWhere stories live. Discover now